News Category
From Date
To Date
Maximum Number of Result

පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිත කරමින් කටයුතු කරන ජීවන් තොණ්ඩමන් තේ කර්මාන්තයේ උන්නතියට තර්ජනයක්... ඔහු ගැන නිසි ක්‍රියාමාර්ග ගන්න - සමාජ ක්‍රියාකාරිනි ශර්මිලා ගෝනවෙලගෙන් කතානායකට ලිපියක්

Jul 10, 2024 at 01:05 PM
|

වෘත්තීය සමිති ක්‍රියා කාරයෙකුට හෝ නොගැළපෙන පරිදි ප්‍රසිද්ධ ස්ථානයක හැසිරීමට  නුසුදුසු ආකාරයට ඉතාමත් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු ජීවන් තොන්ඩමන් අමාත්‍යවරයා පිළිබඳව  අවධානය යොමු කළ යුතු බවත්, ඔහු විසින් අවස්ථා ගණනාවක දී නඟන ලද චෝදනා හා හැසිරීම්  මෙරට තේ කර්මාන්තයට හානිදායක ලෙස සිදු කරන්නක් ලෙස පෙනී යන බවත් සඳහන් කරමින් සමාජ ක්‍රියාකාරිනි ශර්මිලා ගෝනවෙල මහත්මිය විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

ඔහු රටේ පවතින නීතියට අවනත නොවීමත් සමාජය පිළිගත් විනයට හා සාමයට ගරු නොකිරීත් නිසා නීතිය සමව ක්‍රියාත්මක වීම පිළිබඳව  සමස්ත සමාජයේම අවිශ්වාසයට  හා අගෞරවයට හෙතුවන බවත් ඇය එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.

අදාළ ලිපිය පහළින්...

කතානායකතුමා
ගරු, මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ 

ගරු කතානායකතුමනි,

ව්‍යවස්ථා දායකයේ නියෝජිතයින් සමස්ත ජනතාවට ආදර්ශමත් චරිත වුවද  රටේ පවතින නීතියට අවනත නොවීමත් සමාජය පිළිගත් විනයට හා සාමයට ගරු නොකිරීත් නීතිය සමව ක්‍රියාත්මක විම පිලිබදව  සමස්ත සමාජයේම අව්ශ්වාසයට  හා අගෞරවයට හෙතුවනවා ඇත .

පාර්ලිමේන්තු වරප්‍රසාද  අභාවිතා කරමින් මහජන වාදී තීන්දු තීරණ වෙනුවට තම පෞද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා හෝ මැතිවරණය ඉලක්ක කර ගනිමින් තම දේශපාලන  ප්‍රතිරූපය නංවාලිම  ඉලක්ක කර ගනිමින්  පහත් ස්වභාවයේ හැසිරීම් සමාජයට ප්‍රදර්ශනය කිරිම හෙලා දැකිය යුතුය .

වෘත්තීය සමිති ක්‍රියා කාරයෙකුට හෝ නොගැළපෙන පරිදි ප්‍රසිද්ධ ස්ථානයක හැසිරීමට  නුසුදුසු ආකාරයට ඉතාමත් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු ජීවන් තොන්ඩමන් අමාත්‍යවරයා පිළිබඳව ඔබගේ අවධානය යොමු කරනුයේ  ඔහුගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම පළමු වරට සිදුකරනු ලැබූවක් නොවන බැවින් හා එම සිද්ධින් දෙකම  පිළිබඳව ජීවන් තොණ්ඩමන් විසින් පාර්ලිමේන්තුව නොමග යවන ලෙස කරන ලද අසත්‍ය ප්‍රකාශයන් පදනම් කරගෙනය.

වසර ගණනාවකට පසුව දේශීය තේ සඳහා ඉහළ මිලක් ලැබීම හා ඉහල  අස්වැන්නක්ද ලැබෙන අවස්ථාවක ජීවන් තොන්ඩමන් විසින් නඟන ලද චෝදනා හා හැසිරීම් රටාව ඔහු ඉන්දියාවේ ඉපදී අධ්‍යාපනය ලද ඉන්දියානු ලැදි පුද්ගලයකු ලෙස සිතාමතා අපගේ තේ කර්මාන්තයට හානිදායක ලෙස සිදු කරන්නක් ලෙසද සාදනීය සිතිමටද කරුනු ඇත.

මෙයට ප්‍රථමවද  පිටස්තර පුද්ගලයන් රැගෙන ගොස් ඇල්කඩුව වතුයායේ සාමාන්‍ය අධිකාරීවරයාට මැර තර්ජනය කිරීම හා CWC වෘත්තීය සමිති සාමාජිකයන්  විසින් කඳපොළ පාර්ක් වතුයායේ සහ ඇල්ටන් වතුයායේ විධායක නිලධාරීන්ට එල්ල කරන ලද  මැර ප්‍රහාරයද   වතු කම්කරුවන් ඉදිරියේ පාලන අධිකාරිය හෑල්ලුවට ලක් කරමින් අදාළ සමාගමෙහි නීති රීති හා විනය අභියෝගයට ලක් කරන්නේ වතු පාලන වෘත්තිය තවදුරටත් ආරක්ෂිත රාජකාරියක් නොවන බව සමාජයට ඒත්තු ගන්වමින් සමස්ත තේ කර්මාන්තයටම හා  විදේශ විනිමය උත්පාදනයටද අභියෝග කරමින්ය.

නුවරඑළිය සහකාර කම්කරු කොමසාරිස් කාර්යාලයේදී පෞද්ගලික ආයතනයක් මගින් පාලනය කරන්නා වූ තේ කර්මාන්ත ශාලාවක සේවකයන්ට  අදාළව ගන්නා තීරණ අමාත්‍යවරයා  අසාධාරණ ලෙස අභියෝගයට ලක් කිරීමත් පාලක මණ්ඩලය විසින් ගන්නා තීරණ  ඔහු හොබවන අමාත්‍ය ධුරයට ගරු කොට වෙනස් කළ යුතු යැයි පැවසිමත් ඔහුගේ සීමාව ඉක්මවා ක්‍රියා කරන්නේ පාලන අදිකාරිය අපහසුතාවයට පත් කිරිමටය.

කම්කරු කාර්යාලය ඉදිරිපිටදීම අදාළ පෞද්ගලික ආයතනයේ විධායක නිලධාරීන්ට තම සගයන් තර්ජනය කරමින් පහරදීමට සැරසෙන්නේ  ඔහුගේ උසිගැන්විමෙන් හා අමාත්‍යවරයා නිහඬව බලා සිටීම තේ කර්මාන්තයේ උන්නතියට එරෙහිව ගන්නා ක්‍රියා මාර්ගයන් ලෙස අවශ්‍ය නම් පෙන්වා දිය හැක.

එදිනම පස්වරුවේ තොන්ඩමන් අමාත්‍යවරයා පිටස්තර මැරයන්ද සමග පේදුරු වතුයායට ඇතුළු වන අතර  තේ කර්මාන්ත ශාලාව නැරඹීමට දිනපතා විදේශකයන් පැමිණෙන බව දැන දැනම ප්‍රධාන ප්‍රවේශ මාර්ගය බලහත්කාරයෙන් අගුළු දමමින්  ඇතුලතට  පැමිණීමත් ඇතුලත  සිටින පිටස්තර  පිරිස පිටත් විම  අවහිර කරමින්  සේවකයන් හා පාලක මණ්ඩලය පමණක් නොව පිටස්තරයන්ද බිය ගන්වමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ඇතිබවට වීඩියෝ දර්ශන ඇත.

තවදුරටත් කිසිදු පාලනයකින් තොරව හැසිරෙමින් මෙම කර්මාන්ත ශාලාවේ එදින සේවයේ යෙදී සිටි සේවකයන් පිටතට පන්නා දමා  තේ වෙන්දේසි සදහා ප්‍රවාහනයට සූදානම්ව තිබූ ලොරි රථයේ ටයර්වල හුළං අරින ලෙසට කලහකාරීන්ට නියෝග දුන්නේද  එදින නෙලන ලද අමු තේ දළු කර්මාන්ත ශාලාව තුළට ගෙන ඒමට ඉඩ නොදුන්නේද අමු තේ දළු  ප්‍රමාද කිරීම එහි ගුණාත්මක භාවයට බලපාන බව නොදැන විය නොහැක.

මම පෞද්ගලික ආයතනය කම්කරු කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිනොගෙන එම කාන්තාවන්හට ඔවුන්ගේ සංස්කෘතිමය අයිතියක් වන රතු මොට්ටුව පැළඳීමට ඉඩ නොදෙන බවට ඇමැතිවරයා  චෝදනා කරත් එය එසේ නොවන බවත් සින්දුර් පාවිච්චි කිරීමේ කිසිදු තහනමක් නොමැති අතර "අලවන මොට්ටු" පමණක් තහනම් කර ඇත්තේ ලෝක වෙළඳපොලේ සෞඛ්‍යා හා තත්ත්ව නිර්ණායකයන්ට අනුව බව සේවක සේවිකාවන්ද දැන සිටී බැවින්ය.

කැබිනට් අමාත්‍යවරයකු විසින් අප රටට විදේශ විනිමය ගෙන එන ලොව හොඳම තේ යන සන්නාමය හිමි  ක්ෂේත්‍රයක් මෙසේ අභියෝගයට ලක් කරන්නේ හිතාමතාමද යන සැකය  අසාධාරණ නොවේ.

මේ ලිපිය ඔබතුමා වෙත යොමු කරන්නේ මෙම ඇමතිවරයාගේ  හැසිරීම පිළිබඳව නිසි ක්‍රියාමාර්ගයන් නොගැනීම වැරදි පූර්වාරදර්ශයක් විමට හැකිය,  මැතිවරණ ආසන්නයේ ඇති බැවින් අමාත්‍යවරුන් ඡන්ද ආකර්ෂණය කර ගැනීම සඳහා තම විෂය පථයට අයත් ක්ෂේත්‍රයන්ට මෙසේ බලපෑම් කිරීමට යොමු වුවහොත් විනයක් නීතියක් නැති රටක් බවට අප රට පත් විමට පුලුවන.

මෙයට විශ්වාසි,
ශර්මිලා ගෝනවෙල
සමාජ ක්‍රියාකාරිනි.



සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාව සමග අත්සන් තබන ලද ගිවිසුම් ජනතාව පාරට බස්සා විරෝධතා කර හැකිනම් ඉල්ලා ගන්නා ලෙස ජාතික ජන බලවේගයේ කඩුවෙල නගරාධිපති අපේක්ෂක රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.
ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය වෙනුවෙන් ජනතාව ගෙන්වීමට බස්රථ විශාල ප්‍රමාණයක් යොදවා තිබූ බව වාර්තා වන අතර, එම බස්රථ වලින් ගාලු මුවදොරට පැමිණි පිරිස් අධිවේගී මාර්ගයේ බස් රථ නවතා ආහාර ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
නවක වධ සිද්ධියක් හේතුවෙන් සිත් තැවුලට පත් විශ්වවිද්‍යාල සිසුවෙකු සිය දිවි හානිකරගෙන තිබේ.
කාශ්මීරයේ පෙහෙල්ගාම් කලාපයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත්වූ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ.
ඊයේ දින සිදු කල පෙට්‍රල් මිල අඩු කිරීම අනුව ත්‍රිරෝද රථ කුලී රථ ගාස්තු අඩු කිරීමට නොහැකි බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය පවසයි.
මැයි 1 වැනිදා සිට බලපවත්වන පරිදි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරය පොලිසියට මාරු කරනු ලැබ ඇති බව වාර්තා වේ.
ඉන්දියා – පාකිස්තාන ගැටුම්කාරී තත්ත්වය යළි දරුණු වී ඇති පසුබිමක පකිස්ථානය හිමිකාරිත්වය දරණ සහ පකිස්ථාන පාලනය යටතේ ඇති සියලුම ගුවන් යානාවලට සිය ගුවන් අවකාශය වසා දැමීමට ඉන්දියානු රජය තීරණය කර ඇත.
ශ‍්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන සතියේ පැවැත්වෙන විරුදින සැමරුම් උත්සවයට සහභාගී වීම සඳහා රුසියාවට නොපැමිණෙන බව ක්‍රෙම්ලිනය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ප්‍රධාන පුවත්

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)

කොළඹ වරායේ ඉන්දියානු යුද නෞකා සහ සබ්මැරීන නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියානු සමාගමකට ලබාදීමට සූදානම් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..

මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..

කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.

ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..

එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)

චීන බාල පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකෙරුණු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල සම්බන්ධයෙන් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අදහස් දක්වමින් පවසන්නේ මහේෂ් ගම්මන්පිල, මෙම ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනු වලට සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.

අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.

ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි

ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..

කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.