පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිත කරමින් කටයුතු කරන ජීවන් තොණ්ඩමන් තේ කර්මාන්තයේ උන්නතියට තර්ජනයක්... ඔහු ගැන නිසි ක්‍රියාමාර්ග ගන්න - සමාජ ක්‍රියාකාරිනි ශර්මිලා ගෝනවෙලගෙන් කතානායකට ලිපියක්
වෘත්තීය සමිති ක්‍රියා කාරයෙකුට හෝ නොගැළපෙන පරිදි ප්‍රසිද්ධ ස්ථානයක හැසිරීමට නුසුදුසු ආකාරයට ඉතාමත් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු ජීවන් තොන්ඩමන් අමාත්‍යවරයා පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත්, ඔහු විසින් අවස්ථා ගණනාවක දී නඟන ලද චෝදනා හා හැසිරීම් මෙරට තේ කර්මාන්තයට හානිදායක ලෙස සිදු කරන්නක් ලෙස පෙනී යන බවත් සඳහන් කරමින් සමාජ ක්‍රියාකාරිනි ශර්මිලා ගෝනවෙල මහත්මිය විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
ඔහු රටේ පවතින නීතියට අවනත නොවීමත් සමාජය පිළිගත් විනයට හා සාමයට ගරු නොකිරීත් නිසා නීතිය සමව ක්‍රියාත්මක වීම පිළිබඳව සමස්ත සමාජයේම අවිශ්වාසයට හා අගෞරවයට හෙතුවන බවත් ඇය එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.
අදාළ ලිපිය පහළින්...
කතානායකතුමා
ගරු, මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ
ගරු කතානායකතුමනි,
ව්‍යවස්ථා දායකයේ නියෝජිතයින් සමස්ත ජනතාවට ආදර්ශමත් චරිත වුවද රටේ පවතින නීතියට අවනත නොවීමත් සමාජය පිළිගත් විනයට හා සාමයට ගරු නොකිරීත් නීතිය සමව ක්‍රියාත්මක විම පිලිබදව සමස්ත සමාජයේම අව්ශ්වාසයට හා අගෞරවයට හෙතුවනවා ඇත .
පාර්ලිමේන්තු වරප්‍රසාද අභාවිතා කරමින් මහජන වාදී තීන්දු තීරණ වෙනුවට තම පෞද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා හෝ මැතිවරණය ඉලක්ක කර ගනිමින් තම දේශපාලන ප්‍රතිරූපය නංවාලිම ඉලක්ක කර ගනිමින් පහත් ස්වභාවයේ හැසිරීම් සමාජයට ප්‍රදර්ශනය කිරිම හෙලා දැකිය යුතුය .
වෘත්තීය සමිති ක්‍රියා කාරයෙකුට හෝ නොගැළපෙන පරිදි ප්‍රසිද්ධ ස්ථානයක හැසිරීමට නුසුදුසු ආකාරයට ඉතාමත් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු ජීවන් තොන්ඩමන් අමාත්‍යවරයා පිළිබඳව ඔබගේ අවධානය යොමු කරනුයේ ඔහුගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම පළමු වරට සිදුකරනු ලැබූවක් නොවන බැවින් හා එම සිද්ධින් දෙකම පිළිබඳව ජීවන් තොණ්ඩමන් විසින් පාර්ලිමේන්තුව නොමග යවන ලෙස කරන ලද අසත්‍ය ප්‍රකාශයන් පදනම් කරගෙනය.
වසර ගණනාවකට පසුව දේශීය තේ සඳහා ඉහළ මිලක් ලැබීම හා ඉහල අස්වැන්නක්ද ලැබෙන අවස්ථාවක ජීවන් තොන්ඩමන් විසින් නඟන ලද චෝදනා හා හැසිරීම් රටාව ඔහු ඉන්දියාවේ ඉපදී අධ්‍යාපනය ලද ඉන්දියානු ලැදි පුද්ගලයකු ලෙස සිතාමතා අපගේ තේ කර්මාන්තයට හානිදායක ලෙස සිදු කරන්නක් ලෙසද සාදනීය සිතිමටද කරුනු ඇත.
මෙයට ප්‍රථමවද පිටස්තර පුද්ගලයන් රැගෙන ගොස් ඇල්කඩුව වතුයායේ සාමාන්‍ය අධිකාරීවරයාට මැර තර්ජනය කිරීම හා CWC වෘත්තීය සමිති සාමාජිකයන් විසින් කඳපොළ පාර්ක් වතුයායේ සහ ඇල්ටන් වතුයායේ විධායක නිලධාරීන්ට එල්ල කරන ලද මැර ප්‍රහාරයද වතු කම්කරුවන් ඉදිරියේ පාලන අධිකාරිය හෑල්ලුවට ලක් කරමින් අදාළ සමාගමෙහි නීති රීති හා විනය අභියෝගයට ලක් කරන්නේ වතු පාලන වෘත්තිය තවදුරටත් ආරක්ෂිත රාජකාරියක් නොවන බව සමාජයට ඒත්තු ගන්වමින් සමස්ත තේ කර්මාන්තයටම හා විදේශ විනිමය උත්පාදනයටද අභියෝග කරමින්ය.
නුවරඑළිය සහකාර කම්කරු කොමසාරිස් කාර්යාලයේදී පෞද්ගලික ආයතනයක් මගින් පාලනය කරන්නා වූ තේ කර්මාන්ත ශාලාවක සේවකයන්ට අදාළව ගන්නා තීරණ අමාත්‍යවරයා අසාධාරණ ලෙස අභියෝගයට ලක් කිරීමත් පාලක මණ්ඩලය විසින් ගන්නා තීරණ ඔහු හොබවන අමාත්‍ය ධුරයට ගරු කොට වෙනස් කළ යුතු යැයි පැවසිමත් ඔහුගේ සීමාව ඉක්මවා ක්‍රියා කරන්නේ පාලන අදිකාරිය අපහසුතාවයට පත් කිරිමටය.
කම්කරු කාර්යාලය ඉදිරිපිටදීම අදාළ පෞද්ගලික ආයතනයේ විධායක නිලධාරීන්ට තම සගයන් තර්ජනය කරමින් පහරදීමට සැරසෙන්නේ ඔහුගේ උසිගැන්විමෙන් හා අමාත්‍යවරයා නිහඬව බලා සිටීම තේ කර්මාන්තයේ උන්නතියට එරෙහිව ගන්නා ක්‍රියා මාර්ගයන් ලෙස අවශ්‍ය නම් පෙන්වා දිය හැක.
එදිනම පස්වරුවේ තොන්ඩමන් අමාත්‍යවරයා පිටස්තර මැරයන්ද සමග පේදුරු වතුයායට ඇතුළු වන අතර තේ කර්මාන්ත ශාලාව නැරඹීමට දිනපතා විදේශකයන් පැමිණෙන බව දැන දැනම ප්‍රධාන ප්‍රවේශ මාර්ගය බලහත්කාරයෙන් අගුළු දමමින් ඇතුලතට පැමිණීමත් ඇතුලත සිටින පිටස්තර පිරිස පිටත් විම අවහිර කරමින් සේවකයන් හා පාලක මණ්ඩලය පමණක් නොව පිටස්තරයන්ද බිය ගන්වමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ඇතිබවට වීඩියෝ දර්ශන ඇත.
තවදුරටත් කිසිදු පාලනයකින් තොරව හැසිරෙමින් මෙම කර්මාන්ත ශාලාවේ එදින සේවයේ යෙදී සිටි සේවකයන් පිටතට පන්නා දමා තේ වෙන්දේසි සදහා ප්‍රවාහනයට සූදානම්ව තිබූ ලොරි රථයේ ටයර්වල හුළං අරින ලෙසට කලහකාරීන්ට නියෝග දුන්නේද එදින නෙලන ලද අමු තේ දළු කර්මාන්ත ශාලාව තුළට ගෙන ඒමට ඉඩ නොදුන්නේද අමු තේ දළු ප්‍රමාද කිරීම එහි ගුණාත්මක භාවයට බලපාන බව නොදැන විය නොහැක.
මම පෞද්ගලික ආයතනය කම්කරු කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිනොගෙන එම කාන්තාවන්හට ඔවුන්ගේ සංස්කෘතිමය අයිතියක් වන රතු මොට්ටුව පැළඳීමට ඉඩ නොදෙන බවට ඇමැතිවරයා චෝදනා කරත් එය එසේ නොවන බවත් සින්දුර් පාවිච්චි කිරීමේ කිසිදු තහනමක් නොමැති අතර "අලවන මොට්ටු" පමණක් තහනම් කර ඇත්තේ ලෝක වෙළඳපොලේ සෞඛ්‍යා හා තත්ත්ව නිර්ණායකයන්ට අනුව බව සේවක සේවිකාවන්ද දැන සිටී බැවින්ය.
කැබිනට් අමාත්‍යවරයකු විසින් අප රටට විදේශ විනිමය ගෙන එන ලොව හොඳම තේ යන සන්නාමය හිමි ක්ෂේත්‍රයක් මෙසේ අභියෝගයට ලක් කරන්නේ හිතාමතාමද යන සැකය අසාධාරණ නොවේ.
මේ ලිපිය ඔබතුමා වෙත යොමු කරන්නේ මෙම ඇමතිවරයාගේ හැසිරීම පිළිබඳව නිසි ක්‍රියාමාර්ගයන් නොගැනීම වැරදි පූර්වාරදර්ශයක් විමට හැකිය, මැතිවරණ ආසන්නයේ ඇති බැවින් අමාත්‍යවරුන් ඡන්ද ආකර්ෂණය කර ගැනීම සඳහා තම විෂය පථයට අයත් ක්ෂේත්‍රයන්ට මෙසේ බලපෑම් කිරීමට යොමු වුවහොත් විනයක් නීතියක් නැති රටක් බවට අප රට පත් විමට පුලුවන.
මෙයට විශ්වාසි,
ශර්මිලා ගෝනවෙල
සමාජ ක්‍රියාකාරිනි.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..