18%කින් විදුලි ගාස්තු වැඩි කළොත් ප්‍රමාණවත්ලු
විදුලිබල මණ්ඩලය පුරෝකථනය කළ රුපියල බිලියන 32ක අලාභය පියවීම සඳහා මීට පෙර 22%ක ගාස්තු වැඩිවීමක් අවශ්‍ය වුවද පවතින තත්ත්වය හමුවේ 18% විදුලි ගාස්තු වැඩිවීමක් ප්‍රමාණවත් බව විදුලිබල මණ්ඩලය පවසයි.
මේ වසරේ ජුලි මාසයේදී විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකළ අතර මීළඟ සංශෝධනය එළඹෙන ජනවාරි මාසයට යෙදී තිබියදී මේ මාසයේ සිට යළිත් ගාස්තු වැඩිවීමක් අවශ්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට දැනුම්දී තිබුණි.
ඔවුන් අනුමැතිය ඉල්ලා තිබුණේ සියයට 22කින් ගාස්තු වැඩි කිරීමට හෝ විදුලි ඒකකයක් රුපියල් 8කින් වැඩිකිරීමටය.
කෙසේවෙතත් එලෙස ඉල්ලූ ගාස්තු වැඩිවීම මහජන උපයෝගිතා කොමිසම කරුණු 3ක් මත ප්‍රතික්ෂේප කළේ සංශෝධිත වාර්තාවක් ඊයේ දින වනවිට යළි යොමු කරන ලෙස දැනුම්දෙමිනි.
දෛනික විදුලි ඉල්ලුම පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා අඩුවීම, ජලවිදුලි උත්පාදනය පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා ඉහළයාම සහ ගල්අඟුරුවල පුරෝකථනය කළ පිරිවැය පහළයාම එම කරුණු තුනයි.
එවන් පසුබිමක ලංකා විදුලිබල මණ්ඩලය යළි දැනුම්දී ඇත්තේ අපේක්ෂිත ප්‍රතිශතයෙන් ගාස්තු වැඩි නොකළහොත් මණ්ඩලයේ පාඩුව පියවාගත නොහැකි වනු ඇති බවය.
ඔවුන් මේ බව ප්‍රකාශ කළේ මහජන උපයෝගිතා කොමිසම අද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැත්වූ යෝජිත විදුලි ගාස්තු වැඩිකිරීම පිළිබඳ අදහස් විමසීමේ වැඩසටහනේදීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන