අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර සහතික කිරීම සියලු අංශවල වගකීමයි – අගවිනිසුරු කථානායකට ලිපියකින් දන්වයි
මන්ත්‍රී වරප්‍රසාද හා බලතල හැර අනෙකුත් සියලුම කාරණාවලට අදාළව මහජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කරවීම අධිකරණය වෙත පැවරී ඇතැයි, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා කතානායකවරයාට දැනුම්දී තිබේ.
අගවිනිසුරුවරයා මේ දැනුම්දීම කර ඇත්තේ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා විසින් අධිකරණයේ ඇතැම් කටයුතු හේතුවෙන් සිය මන්ත්‍රී වරප්‍රසාද කඩවී ඇතැයි පාර්ලිමේන්තුවේ හා කතානායකවරයාට ලිපියක් යවමින් පෙන්වාදී ඇති කරුණුවලට අදාළවයි. ව්‍යවස්ථාව අනුව ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව විසින් අධිකරණය හරහා භාවිත කරන අතර පාර්ලිමේන්තුව විසින් ඍජුවම එම බලය ක්‍රියාත්මක කිරීම පාර්ලිමේන්තුවේ හා මන්ත්‍රීවරුන්ගේ බලතල හා වරප්‍රසාද සම්බන්ධයෙන් පමණක් කටයුතු කිරීමට සීමා කර ඇතැයි අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා පෙන්වා දෙයි.
තානාකවරයා වෙත යොමුකළ ලිපියේ ඔහු සඳහන් කර ඇත්තේ මහජනතාවගේ අධිකරණ බලය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම පිණිස අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර සහතික කොට කටයුතු කිරීම සියලුම අංශයන්හි වගකීම හා කාර්ය භාරය බවයි.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..