News Category
From Date
To Date
Maximum Number of Result

ක්ලබ් වසන්ත මරන්න උදව් කළ හැටි ටැටූ ෂොප් හිමිකරු වමාරයි... ඩුබායිවලින් ලක්‍ෂ 10ක් ලැබුන හැටිත් කියයි

Jul 9, 2024 at 09:44 AM
|

“ඩුබායිවලින් ආව කන්ට්‍රෑක්ට් එකට ක්ලබ් වසන්ත මරන්න මං උදව් කළා. ඒ ප්ලෑන් එක අනුව ටැටූ ෂොප් එකේ විවෘත කිරීමේ උත්සවයට වසන්තව ගෙන්නලා එයාව මරන සැලසුම ක්‍රියාත්මක කළා. ඒ වෙනුවෙන් මට ඩුබායිවලින් රුපියල් ලක්‍ෂ 10ක මුදලක් ලැබුණා” යැයි ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අතුරුගිරිය ටැටූ ආයතනයේ හිමිකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණය කර ඇත.

මේ අතර මෙම ප්‍රහාරය, යුරෝපයට පලාගොස් සිටින පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන්ගේ මෙහෙයවීමෙන් සිදුවී ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

මෙම ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ වැටී තිබූ ටී 56 හිස් පතරොම් කොපුවල KPI යන ඉංග්‍රීසි අක්‍ෂර සටහන් කර තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.

KPI යනුවෙන් සටහන් කර ඇත්තේ කංජිපානි ඉම්රාන් යන නමට අයත් අක්‍ෂර බවට පොලිසිය සැක පහළ කරයි.

ඊයේ පෙරවරු 10.00ට පමණ අතුරුගිරිය නගර මධ්‍යයේ දෙමහල් ගොඩනැඟිල්ලක උඩු මහලේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේ ක්ලබ් වසන්ත ඇතුළු පිරිසක් මෙම ප්‍රහාරයට ලක්වූහ. ප්‍රහාරයෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත සහ නයන යන අයකු ඝාතනයට ලක්වූ බව පොලිසිය පවසයි.

ප්‍රහාරයෙන් ක්ලබ් වසන්තගේ බිරිඳ සහ කේ. සුජීවා නමැති ගායන ශිල්පිනිය ඇතුළු පස්දෙනකු බරපතළ තුවාල ලැබීය.

බලපිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු විසින් අතුරුගිරිය නගර මධ්‍යයේ ගොඩනැඟිල්ලක උඩු මහලේ ටැටූ ආයතනයක් ඉදිකර ඇත. එම ටැටූ ආයතනයේ හිමිකරු, එය විවෘත කිරීමේ උත්සවයට ප්‍රකට ව්‍යාපාරිකයකු වන ක්ලබ් වසන්ත ඇතුළු පිරිසකට ආරාධනා කර තිබේ.

ඒ අනුව ඊයේ උදේ 10.00ට පමණ ක්ලබ් වසන්ත, ඔහුගේ බිරිඳ සහ ගායන ශිල්පිනි කේ. සුජීවා ඇතුළු පිරිසක් ටැටූ ආයතනය වෙත පැමිණ ඇත.

ක්ලබ් වසන්ත ඇතුළු පිරිස උඩු මහලේ පිහිටි ටැටූ ආයතනය වෙත ඇතුළුවී විනාඩි කීපයක් ගතවනවාත් සමගම, සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි සන්නද්ධ කුලී ඝාතකයන් දෙදෙනකු එහි කඩාවැදී ඇත. මුහුණු ආවරණය කරගත් කුලී ඝාතකයන් දෙදෙනා ටී 56 ගිනි අවි දෙකක් රැගෙන ටැටූ ආයතනයට කඩාවැදී ක්ලබ් වසන්ත ඇතුළු එහි සිටි පිරිස ඉලක්ක කර හතරඅතට වෙඩි තබා තිබේ.

ප්‍රහාරයෙන් ක්ලබ් වසන්තගේ බිරිඳ සහ කේ. සුජීවා නමැති ගායන ශිල්පිනිය ඇතුළු පස්දෙනකු බරපතළ තුවාල ලැබීය.

බලපිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු විසින් අතුරුගිරිය නගර මධ්‍යයේ ගොඩනැඟිල්ලක උඩු මහලේ ටැටූ ආයතනයක් ඉදිකර ඇත. එම ටැටූ ආයතනයේ හිමිකරු, එය විවෘත කිරීමේ උත්සවයට ප්‍රකට ව්‍යාපාරිකයකු වන ක්ලබ් වසන්ත ඇතුළු පිරිසකට ආරාධනා කර තිබේ.

ඒ අනුව ඊයේ උදේ 10.00ට පමණ ක්ලබ් වසන්ත, ඔහුගේ බිරිඳ සහ ගායන ශිල්පිනි කේ. සුජීවා ඇතුළු පිරිසක් ටැටූ ආයතනය වෙත පැමිණ ඇත.

ක්ලබ් වසන්ත ඇතුළු පිරිස උඩු මහලේ පිහිටි ටැටූ ආයතනය වෙත ඇතුළුවී විනාඩි කීපයක් ගතවනවාත් සමගම, සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි සන්නද්ධ කුලී ඝාතකයන් දෙදෙනකු එහි කඩාවැදී ඇත. මුහුණු ආවරණය කරගත් කුලී ඝාතකයන් දෙදෙනා ටී 56 ගිනි අවි දෙකක් රැගෙන ටැටූ ආයතනයට කඩාවැදී ක්ලබ් වසන්ත ඇතුළු එහි සිටි පිරිස ඉලක්ක කර හතරඅතට වෙඩි තබා තිබේ.

පසුව කුලී ඝාතකයන් දෙදෙනා ඔවුන් පැමිණි සුදු පැහැති මෝටර් රථයේ නැගී පලාගොස් ඇත.

ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ක්ලබ් වසන්ත ඇතුළු හයදෙනකු රෝහල්ගත කර තිබේ. රෝහල්ගත කරන විටත් ක්ලබ් වසන්ත මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

රෝහල්ගත කිරීමෙන් පසු නයන නමැති පුද්ගලයා ද මියගොස් ඇත.

ක්ලබ් වසන්තගේ බිරිඳගේ පපුව ප්‍රදේශයට වෙඩි ප්‍රහාර එල්ලවී තිබෙන අතර ඇයගේ තත්ත්වය ද බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

ගායන ශිල්පිනි කේ. සුජීවා ද වෙඩි ප්‍රහාරයට ලක්ව සිටින අතර, ඇගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව රෝහල් ආරංචි මාර්ග කියා සිටියේය.

මෙම ප්‍රහාරයෙන් පසු අතුරුගිරිය පොලිසිය, නුගේගොඩ අපරාධ කොට්ඨාසය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය පුළුල් විමර්ශන ආරම්භ කළේය.

පලාගිය ඝාතකයන්, ඔවුන් පැමිණි සුදු පැහැති මෝටර් රථය නවගමුව කොරතොට ප්‍රදේශයේ අතහැර දමාගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.

සීසීටීවී කැමරා දර්ශන පරීක්‍ෂා කිරීමේදී හෙළි වූයේ, ඝාතකයන් මෝටර් රථය කොරතොට ප්‍රදේශයේ අතහැර දමා, සුදු පැහැති වෑන් රථයක නැගී පලාගිය බවයි.

අත්අඩංගුවට ගත් මෝටර් රථය පරීක්‍ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ එය ව්‍යාජ අංක යෙදූ මෝටර් රථයක් බවයි.

මේ අතර මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලිසිය ටැටූ ආයතනයේ හිමිකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළිකර ඇත්තේ ඩුබායි රාජ්‍යයෙන් ලැබුණු කොන්ත්‍රාත්තුවකට අනුව ක්ලබ් වසන්ත තම ආයතනය විවෘත කිරීමේ උත්සවයට කැඳවාගෙන ආ බවයි.

ඒ වෙනුවෙන් ඩුබායි රාජ්‍යයේ සිට ටැටූ ආයතනයේ හිමිකරුගේ බැංකු ගිණුමට රුපියල් දසලක්‍ෂයක් බැරවී තිබූ බව ද විමර්ශනවලින් අනාවරණය වී ඇත.

සන්හිල් හෝටල් සමූහයේ හිමිකරු වූ ක්ලබ් වසන්ත, ව්‍යාපාර රැසක හිමිකරුවෙකි. කාන්තාවන් විදේශ රැකියා සඳහා යැවීම ඇතුළු තවත් ව්‍යාපාර රැසක් මොහු විසින් කරගෙන ගොස් ඇත.

පසුගිය කාලසීමාවේදී ක්ලබ් වසන්තගේ සන්හිල් හෝටල් කීපයක් විකුණා දැමූ අතර, එම හෝටල් අලෙවියෙන් ලැබූ මුදල් ඔහු විසින් ලබාගත් ණය මුදල් ගෙවා දැමීම සඳහා යොදාගත් බව ආරංචි මාර්ග පවසයි.

නුවරඑළියේ, කොළඹ මැරැයින් ඩ්‍රයිව් සහ සීදුව ලියනගේමුල්ල ප්‍රදේශවල සන්හිල් හෝටල් ඉදිකර තිබී ඇත.

කොළඹ රාත්‍රි සමාජශාලා කීපයකම හිමිකරුවකු ලෙස ද මොහු කටයුතු කළ අතර රටේ ප්‍රබල දේශපාලනඥයන්, ජනප්‍රිය ක්‍රීඩකයන්, නළු නිළියන්, ගායක ගායිකාවන්, ධනවතුන්, ප්‍රභූන්, උසස් ආරක්‍ෂක අංශ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් සමග සමීපව ඇසුරු කළ ව්‍යාපාරිකයෙක් ද විය.

ක්ලබ් වසන්ත මෙරට ප්‍රධාන පෙළේ පාතාල නායකයන් කීපදෙනෙකු ද ඇසුරු කළ බවට තොරතුරු ඇති බව පොලිසිය පවසයි.

මීට වසර කීපයකට පෙර ඝානයට ලක්වූ මෙරට පාතාලයේ වර්තමාන ගෝඩ් ෆාදර් ලෙස හැඳින්වූ මාකඳුරේ මධුෂ් ක්ලබ් වසන්තගේ සමීප හිතවතකු බව පොලිසිය පවසයි.

මාකඳුරේ මධුෂ් ඩුබායි හිදී අත්අඩංගුවට පත්වූ උපන්දින සාදය සඳහා ක්ලබ් වසන්ත ද සහභාගිවීමට සිටි නමුත්, ගුවන් ගමන් ප්‍රශ්නයක් නිසා ඔහුට ඊට සහභාගිවීමට ඉඩ ලැබී නැත.

මේ අතර කංජිපානි ඉම්රාන් සමග ද ක්ලබ් වසන්ත සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙම ප්‍රහාරයට හේතුව කුමක් දැයි මෙතෙක් අනාවරණය වී නැත. මෙය පාතාල ගැටුමක ප්‍රතිඵලයක් ද එසේත් නැත්නම් පුද්ගලික ආරවුලක් නිසා සිදුවූයේ ද යන්න සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ කේ. සුජීවා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර සෙසු තුවාලකරුවෝ හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

- හේමන්ත රන්දුණු
Divaina

සම්බන්ධිත පුවත් | Related News

ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුවta (HHS) අනුව, බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමට අදාළ වෛද්‍ය සේවා වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් විසින් ඩොලර් මිලියන ගණනක මුදල් අයකර තිබේ.
ඉන්දුනීසියාවට අද (15) අලුයම ඇතිවූ භූකම්පන තත්ත්වයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කර තිබේ.
රාජ්‍ය නායකයන් අවදානම් ගත යුත්තේ රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් මිස සිය පුටුවේ හෝ ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් නොවන බව සර්වජන බලය මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ල මහතා පවසයි.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 90 දක්වා ඉහළ දැමුවහොත් තමන් යළිත් නඩු ඇසීමට සූදානම් බව හිටපු විනිසුරුවරයෙකු මෙන්ම උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.
බෞද්ධ හිමිවරුන් සිරගත කරන ලෙස ඉල්ලා සිටින්නේ බෞද්ධ විරෝධී පිරිස් බවත්, යූ ටියුබ්කරුවන්ගේ හෝ ඇතැම් කාන්තා සංවිධානවල අත්තනෝමතික ඉල්ලීම් හමුවේ නීතිය යටපත් නොවන බවත් පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු සඳහන් කරති.
මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරියේදී යළි මැතිවරණ සඳහා ඉදිරිපත් වීමේ බලාපොරොත්තුවක් තමන්ට නොමැති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
1980 දශකයේ අගභාගයේදී (1987-1989) මෙරට ඇති වූ දේශපාලන අර්බුදය හා භීෂණකාරී යුගය පිළිබඳ සම්පූර්ණ සත්‍ය හෙළිදරව් කර ගැනීමටත්, ඒ හරහා අගතියට පත් සියලු පාර්ශ්වයන්ට හා විපතට පත් වූවන්ට සාධාරණය ඉටු කිරීමටත් ස්වාධීන හා අපක්ෂපාතී කොමිෂන් සභාවක් පත් කරන ලෙස ඉල්ලමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර ඇත.
පලාලි ප්‍රදේශයේ පිහිටා ඇති යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය (SFHQ-Jaffna) හදිසියේම වෙනත් ස්ථානයකට රැගෙන යාමට සැලසුම් කරමින් සිටින බවට වාර්තා වන අතර, එම පියවර රටේ ජාතික ආරක්ෂාවට සහ උපායමාර්ගික ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් වන බවට ආරක්ෂක විශ්ලේෂකයෝ සහ හමුදා විශේෂඥයෝ අනතුරු අඟවති.
නැගෙනහිර පළාතේ පාසල්වල පළමු වසරේ දමිළ මාධ්‍ය සිසුන් සඳහා වෙන් කළ, රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා පෙළපොත් සහ ක්‍රියාකාරකම් පොත් තොගයක් බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත ලබා නොදී බෝතල් පත්තරකරුවකුට විකුණා දැමූ ලොරි රියදුරෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

ප්‍රධාන පුවත්

බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව

ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුවta (HHS) අනුව, බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමට අදාළ වෛද්‍ය සේවා වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් විසින් ඩොලර් මිලියන ගණනක මුදල් අයකර තිබේ.

87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..

1980 දශකයේ අගභාගයේදී (1987-1989) මෙරට ඇති වූ දේශපාලන අර්බුදය හා භීෂණකාරී යුගය පිළිබඳ සම්පූර්ණ සත්‍ය හෙළිදරව් කර ගැනීමටත්, ඒ හරහා අගතියට පත් සියලු පාර්ශ්වයන්ට හා විපතට පත් වූවන්ට සාධාරණය ඉටු කිරීමටත් ස්වාධීන හා අපක්ෂපාතී කොමිෂන් සභාවක් පත් කරන ලෙස ඉල්ලමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර ඇත.

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..

පලාලි ප්‍රදේශයේ පිහිටා ඇති යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය (SFHQ-Jaffna) හදිසියේම වෙනත් ස්ථානයකට රැගෙන යාමට සැලසුම් කරමින් සිටින බවට වාර්තා වන අතර, එම පියවර රටේ ජාතික ආරක්ෂාවට සහ උපායමාර්ගික ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් වන බවට ආරක්ෂක විශ්ලේෂකයෝ සහ හමුදා විශේෂඥයෝ අනතුරු අඟවති.

නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..

නැගෙනහිර පළාතේ පාසල්වල පළමු වසරේ දමිළ මාධ්‍ය සිසුන් සඳහා වෙන් කළ, රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා පෙළපොත් සහ ක්‍රියාකාරකම් පොත් තොගයක් බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත ලබා නොදී බෝතල් පත්තරකරුවකුට විකුණා දැමූ ලොරි රියදුරෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්

ප්‍රකට ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික හා හමුදාමය උණුසුම් තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර ඇත.

22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..

මෙරට අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළැඹෙන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..

ත්‍රිකුණාමලය ඓතිහාසික කන්නියා උණවතුර ළිං පුරාවිද්‍යා භූමියේ පිහිටි චෛත්‍ය සංරක්ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ගනු ලබන උත්සාහයන්ට නැවතත් බාධා එල්ල වී ඇති බවත්, එම සංරක්ෂණ කටයුතු අත්හිටුවීමේ තත්ත්වයකට පත්ව ඇති බවත් ජාතික උරුම සුරැකීමේ මධ්‍යස්ථානය පවසයි.

අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය

අධිකරණයේ ස්වාධීනත්වය යනු රටක පවතින උත්තරීතරම සංකල්පයක් බැවින්, ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයක අවදානමක් නොගත යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා අවධාරණය කරයි.

කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.

අගෝස්තු මස 13 වනදාට යෙදෙන කියුබානු විප්ලවයේ නායක ෆිදෙල් කස්ත්‍රෝ රුස්ගේ 100 වැනි ජන්ම සංවත්සරයට සමගාමීව, ඔහුගේ චින්තනය, දේශපාලන දර්ශනය සහ උරුමය පිළිබඳ අවධානය යොමු කරන පළමු ජාත්‍යන්තර සමුළුව වන “ෆිදෙල්: උරුමය සහ අනාගතය” පසුගිය 10 වනදා කියුබාවේදී ආරම්භ විය.

LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ දුෂ්කර පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන්ගේ දීමනා කපා හැරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාතික ගුරු ව්‍යාපාරය සිය දැඩි විරෝධය පළ කර සිටියි. බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා මේ බව සදහන් කළේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ(12) දින සිසුකළ සාකච්ඡාවෙන් පසුව අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පවසන්නේ, මෙම විශ්‍රම වයස දීර්ඝ කිරීම සම්බන්ධ ප්‍රශ්නය ඇත්තේ එක තැනක බවත් එහෙත් පිළිතුර ඇත්තේ තවත් තැනක බවත් ය.

කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..

කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..

යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.