25,000 ඉල්ලා රාජ්‍ය සේවයේ ලක්‍ෂ 8ක් අද සහ හෙට ලෙඩ වෙති
විධායක මට්ටමේ නිලධාරීන්ට රජය මගින් ලබාදීමට එකඟ වී ඇති රුපියල් 25,000ක දීමනාව සමස්ත රාජ්‍ය සේවකයන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයට අයත් වෘත්තීය සමිති 300කට ආසන්න වෘත්තීය සමිතිවල සාමාජිකයන් අද සහ හෙට (08 දා) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතවීමට තීරණය කර ඇත.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වන පිරිස සමස්ත රාජ්‍ය සේවකයන් ලක්‍ෂ 14ක් අතරින් ලක්‍ෂ 08ක් පමණ වන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා පවසයි.
වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල්, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු සේවකයන්, පරිපාලන නිලධාරීන්, කෘෂිකර්ම, සංවර්ධන නිලධාරී, රියැදුරු, කාර්යාල කාර්ය සහයක, කළමනාකරණ ඇතුළු වෘත්තීය සමිති 300කට ආසන්න පිරිසක් එක්වන බව ද හෙතෙම සඳහන් කරයි.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා සෞඛ්‍ය, අධ්‍යාපන, ජල, විදුලි, වරාය යන සේවකයන් සහභාගි නොවන බවත් තම ඉල්ලීම්වලට සාධාරණයක් ඉටු නොවුණහොත් එම ආයතනවල සේවකයන් දැවැන්ත වෘත්තීය අරගලයට සහභාගි කර ගැනීමට කටයුතු කරන බවත් සූරියආරච්චි මහතා පවසයි.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..