News Category
From Date
To Date
Maximum Number of Result

මාලිමාව ගැහැණු එජාපයක් වෙලා... ජනපති සටන සර්වජන හා එජාපය අතර

Jul 8, 2024 at 07:08 AM
|

සමගි ජන බලවේගය යනු එජාපයේ එකම දරුවා බවත්, පොහොට්ටුව යනු එජාපයේ වලිගය බවත්, මාලිමාව යනු ගැහැණු එජාපයම බවත් පවසන සර්වජන බලය විධායක සභික, පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය එජාපය සහ සර්වජන බලය අතර සටනක් බව පවසයි.

“සර්වජන බලය දේශපාලන සන්ධානය, “සතුටු දැයක් – ව්‍යවසායකත්ව රාජ්‍යයක්” නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි කරගත් තම “උපායමාර්ගික වැඩපිළිවෙළෙහි පළමු කෙටුම්පත” කෝට්ටේ පිහිටි මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී ජනතා සංවාදය උදෙසා ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේදී නීතිඥ උදය ගම්මන්පිල මහතා මේ අදස් දැක්වීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායකයා

මාලිමාව ගැහැණු එජාපයක් වෙද්දී ජනපති සටන සර්වජන හා එජාපය අතර

"ඉදිරි ජනාධිපතිවරණයේදී ඇත්තටම ජනතාව ට ඇත්තේ විකල්ප දෙකයි. එක පැත්තකින් ආණ්ඩුව එහෙම නැත්නම් එජාපය තියෙනවා. අනිත් පැත්තෙන් තියෙන්නේ සර්වජන බලවේගයයි. ඇයි අපි එහෙම කියන්නේ. සජබය, මාලිමාව, පොහොට්ටුව, ජනපති සටනට නැද්ද කියල කෙනෙක් අපෙන් ප්‍රශ්න කරන්න පුළුවන්. සජබ කියන්නේ එජාපයේ එකම දරුවා. දරුවෙක් මවක් කුසේ පෝෂණය වෙන ආකාරයෙන්ම එක්සත් ජාතික පක්ෂය තුළ තමයි සජබ වැඩෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති වලින් තමයි පෝෂණය වෙන්නේ. හර්ෂද සිල්වා මන්ත්‍රීතුමා, එරාන් මන්ත්‍රීතුමා වගේ උදවිය වරින් වර කියනවා ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ අපේ ප්‍රතිපත්ති කියලා. ඇත්ත කතාව නම් සජබය කතා කරන්නේ එජාප ප්‍රතිපත්ති.

ශ්‍රී ලංකාව ලංකාව ණය අර්බූදයට තල්ලු කරපු, රට බංකොලොත් රටක් කියලා තීරණය කරන තත්ත්වයට පත් කරපු, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නිකුත් කලේ ඔය සජබය එජාප කුසේ වැඩමින් එජාපය සජබින් ගැබ්බර වී සිටිය2015 – 2019 යුගයේ කියන එක අමතක කරන්න නරකයි.

පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන දේශපාලන පක්ෂය වන පොහොට්ටුව අද තනි මන්ත්‍රී ධුරයක් තියෙන එජාපයේ දේශපාලන ප්‍රතිපත්තීන් වලට යටත් වෙලා. පොහොට්ටුවෙන් හැදුනු ආණ්ඩුව අද ක්‍රියාත්මක කරන්නේ 2019 දී 69 ලක්ෂයක් එකතු වෙලා යහපාලනය පරාජයට පත් කරලා ගෙනාපු සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය නෙවෙයි. අපි පරාජයට පත් කරපු යහපාලනයේ නව ලිබරල් ප්‍රතිපත්ති. එහෙනම් පොහොට්ටුව කියන්නේ අද එජාපයේ වලිගයක් වෙලා තියෙනවා.

එතකොට මාලිමාවට මොකද වෙලා තියෙන්නේ. ගෝඨාභය ජනාධිපතිතුමාගේ පාලන සමයේ කොටියෙක් වගේ වගේ ගොරව ගොරවා හිටිය මාලිමාව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වුණා විතරයි අනේ පුංචි පූස් පැටියෙක් වෙලා පුරුගාමින් නිල් වික්‍රමසිංහ මහත්තයාගේ කකුල් දෙක වටේ යනවා. අනේ මාව වඩා ගන්නකෝ කියනවා.

අපිට මතකයි මාලිමාව එදා පෙළපාලි යනවා මාලිමාව එදා උද්ඝෝෂණය කරනවා. මාලිමාව එදා රට පුරාම එක දවසේ පෝස්ටරුත් අලවනවා. අද ඒ කිසි දෙයක් වෙන්නෙ නෑ.

 ශ්‍රී ලංකා ලංකා මහ බැංකුව ජාත්‍යන්තරකරණය කිරීම සඳහා පනත ගෙනාවම අධිකරණයට යන්න හිටියේ අපි විතරයි. විදුලි බල මණ්ඩලය විදේශීයකරණය කරන්න පනත් ගෙනාවාම උද්ඝෝෂණය කරන්න හිටියෙත් අපි විතරයි. ණය කළමනාකරණ පනත අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන්න හිටියෙත් අපි විතරයි. අද මාලිමාව එජාපයත් එක්ක සුරතල් වෙනවා.

සමහරු අහන්න පුළුවන් එහෙම එකක් නෑනෙ මාලිමා වේදිකාවේ එජාපයට බනිනවනේ කියලා. එහෙම තමයි. ආදරය වැඩි වුණාමත් බනිනවා. දැන් සාමාන්‍යයෙන් බිරිඳ සැමියාට බනින්නේ තරහට නෙවෙයි. ආදරය වැඩිකමට. ඒ වගේ සම්බන්ධයක් තමයි මාලිමාව සහ එජාපය අතර තියෙන්නේ. මාලිමාව කියන්නේ ගැහැණු එජාපය.

සජබේ කියන්නේ එජාපයේ එකම දරුවා නම්, පොහොට්ටුව කියන්නේ එජාපයේ වලිගය නම්, මාලිමාව කියන්නේ ගැහැණු එජාපයට නම් එජාපයේ නව ලිබරල්වදී ප්‍රතිපත්තියට අභියෝග කරන්න මේ දේශපාලන බිමේ ඉන්නේ අපි පමණයි. එයට විකල්පය ඉදිරිපත් කරන්න මේ දේශපාලන බිමේ ඉන්නේ අපි පමණයි. ඒ නිසයි ඉදිරි ජනාධිපතිවරණය එජාපය සහ සර්වජන බලය අතර සටනක් කියලා අපි කියන්නේ.

වත්මන් අර්බූදය විසඳන්න පෙර හදුනා ගනිමු.

වර්තමානයේ මේ රට මුහුණ පා ඇති අර්බූදය විසඳන්න නම් මේ අර්බූදය මොකක්ද කියලා තේරුම් ගන්නත් පුළුවන් වෙන්න ඕනෑ. අර්බූදය කුමක්ද කියලා තේරුම් නොගත්ත අයට කවම කවදාවත් අර්බූදය විසඳුම් ඉදිරිපත් කරන්න බැහැ. නව ලිබරල්වාදී ප්‍රතිපත්ති වසර හතලිහකට වඩා වැඩි කාලයක් ක්‍රියාත්මක කරලා, මහා දැවැන්ත ණය අර්බූදයක හිරවෙලා, ණය ගෙවන්නත් ණය අරගෙන, තවදුරටත් ණය දෙන්න බෑ කිව්වට පස්සේ සිරවුණු මේ රට එයින් ගොඩ ගැනීමට වර්තමාන ආණ්ඩුවට තියෙන්නේ ණය ගැනීමේ ප්‍රතිපත්තිය විතරමයි.

ණය ගැනීමේ පියා රනිල් වික්‍රමසිංහ

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමයේ ණයබර ඩොලර් බිලියන අසූවට ඇවිල්ලා ණය ගෙවා ගන්න බැරි වුනාම එතුමාව ගෙදර යවලා ගෙනාවේ ණය ගැනීමේ පියා වන රනිල් වික්‍රමසිංහ මැතිතුමා.

එතුමා ඇවිල්ලා මොකද කරේ. අපි බංකොලොත් වෙද්දී අපේ රටේ ණයබර ඩොලර් බිලියන අසූවයි. මේ මාර්තු මාසයේ 31 වෙනිදා වෙනකොට ආණ්ඩුව සතුටින් නිවේදනය කරනවා දැන් ඔන්න අපි සෙන්චරිය ගැහුවා කියලා. අපි දැන් ණය බර ඩොලර් බිලියන 100 පහු කරලා තියෙනවා.

ණය ගෙවා ගන්න බැරුව බංකොලොත් වෙච්ච අපි අපේ ණය බර ඊට පසුවත් තව 25%න් වැඩි කරගෙන තියෙනවා. ප්‍රශ්නය ණය ගැනීම නම් උත්තරයක් ණය ගැනීම වෙන්නේ කොහොමද. ඒක හරියට දියවැඩියා රෝගියෙක් සීනි කාලා සීනි කාලා දියවැඩියාව හැදුනට පස්සේ දොස්තර ගාවට ගියාට පස්සේ දොස්තර බේත් වලටත් සීනිම දෙනවා වගේ වැඩක්. දැන් ලෙඩේ වැඩි වෙයිද අඩු වෙයිද.

ප්‍රශ්නය රනිල් උත්තරය සර්වජන බලය

මිත්‍රවරුනි, රනිල් තමයි ප්‍රශ්නය.  ලංකා ඉතිහාසයේ වැඩිම ණය ප්‍රමාණය අරගෙන මේ ණය අර්බුදයේ නිර්මාතෘවරයා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ප්‍රශ්නේ තමයි රනිල්. ඒ නිසා උත්තරය රනිල් වෙන්න බැහැ. උත්තරය සර්වජන බලය කියලයි අපි කියන්නේ.

ඇයි අපි එහෙම කියන්නේ. හැමදාමත් අපනයන ආදායමත් ආනයන වියදමත් අතර දැවැන්ත පරතරයක් තියාගෙන ඒ පරතරය පියවන්න ණය ගැනීමෙන් මේ අර්බූදය කවදාවත්ම පියවන්න බෑ. එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා හදපු ණය බෝම්බය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඔඩොක්කුවේ පිපුරුවා. ආණ්ඩුව මොකද කලේ. ගෝඨාභය ගෙදර ගියාම බෝම්බය හදපු රනිල්ව ගෙනල්ලා රට භාර දුන්නා. දැන් එතුමා ආයිත් බෝම්බ හදනවා. දැන් හදන බෝම්බය කවදා කාගේ ඔඩොක්කුවේ පුපුරයිද කියලා කාටවත්ම කියන්න බැහැ. එහෙම නම් මේ බෝම්බ හදන වැඩේ අතහැරලා දාලා ආර්ථිකය හදන, නිෂ්පාදනය හදන වැඩේ පටන් ගත්තොත් තමයි අපිට මේ අර්බූදයෙන් ගොඩ එන්න පුළුවන්.

අපි අර්බූදය විසඳන්නේ කොහොමද ?

අපි ඒ සඳහා මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ විශ්වාසය තියලා තියෙන්නේ පළමුවෙන්ම අපේ සභ්‍යත්වය පිළිබඳව. දෙවනුව අපට අයත් අපේ ස්වභාව සම්පත් පිළිබඳව. අපට බරක් කියලා විකුනලා දාන්න හදන අපේ රාජ්‍ය සම්පත් පිළිබඳව. මීලගට අපේ ජනතාව එහෙමත් නැත්නම් අපේ මානව සම්පත පිළිබඳව.

එනිසා අපිට අපි ගැන අද විශ්වාසයක් ඇතිවෙලා තියෙනවා. අද මේ රටේ බොහෝ දෙනෙක් හිතනවා මේ රට හදන්න බැහැ. ඒ නිසා අපි රට දාලා ගිහිල්ලා අඩුම ගානේ අපි වත් හැදෙන්න ඕනි කියලා. රට දාලා යන්න හදන අයට අද අප ඉදිරිපත් කරලා තියෙනවා රටත් හදලා ඔබත් හැදෙන වැඩපිළිවෙලක්. මේක ප්‍රතිපත්ති ප්‍රකාශයක් නෙවෙයි. මේක වැඩසටහනක්. ඉලක්ක, දින, වකවානු එක්ක මහපොළොවේ ක්‍රියාත්මක කරන වැඩසටහනක්. අපි ඉදිරිපත් කරලා තියෙන්නේ මෙහි පළමු කෙටුම්පත. ජනතාව සමඟ සංවාද කරලා අපි ගේනවා දෙවෙනි කෙටුම්පත. ඒ සම්බන්ධයෙන්ද ජනතා අදහස් අරගෙන අවසාන වශයෙන් තුන්වන කෙටුම්පතක් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ.

දේශපාලකයාට පොරොන්දු ඉටු කරන්නම වෙන වැඩපිලිවෙලක්

හැමදාමත් මැතිවරණවලදී ජනතාවට සිහින විකුණනවා. 1970 දී නම් කිව්වා ලු හඳෙන් හරි හාල් ගෙන ඇවිත් කන්න දීලා ජනතාවගේ කුසගින්න නිවනවා කියලා. 77දී ඇට අටක් දෙනවා කිව්වා. ධර්මිෂ්ඨ සමාජයක් හදනවා කිව්වා. 88 දී කිව්වේ වසර දෙකෙන් දිළිඳුකම තුරන් කරනවා කියලයි. 94 දි කිව්වේ දූෂණය භීෂණය නිමා කරනවා කියලයි. මේ දුන් පොරොන්දු සියල්ල මේ මහ පොළොව තුළ ඉටු කළා නම් අද මේ රට සුරපුර ක්.

බුදුරජාණන් වහන්සේ දේශනා කරේ යථාවාදී – තථාකාරී හා තථාවාදී – යථාකාරී’ වෙන්නයි. කියන දේ කරන කරන දේ කියන පුද්ගලයෙක් වෙන්න. අපේ දේශපාලකයන්ගේ තිබ්බේ නැත්තෙත් ඔය ගුණයම තමයි. නමුත් ජනතාවට තිබ්බේ ඡන්දයෙන් පසුව දේශපාලකයා පොරොන්දු වෙච්ච දේ වෙනුවට වෙනත් දේවල් කරනකොට ලබන සැරේ අපි දෙනවා බැටේ කියලා කේන්තියෙන් බලන් ඉන්න එක විතරයි. නමුත් ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනතාවට වග වෙන ආණ්ඩුව ක් ඡන්ද දායකයා සවි බල ගැන්වෙන ආණ්ඩුවක් බිහිකරන ආකාරය සම්බන්ධයෙන් වන දේශපාලන සංස්කෘතියක් මේ වැඩසටහනින් අප ඉදිරිපත් කරලා තියෙනවා.

අපි සඳහා බිහි කරනවා ජාතික පසු විපරම් සභාව. එය අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වෙනවා. වෘත්තීයවේදීන්, වියතුන්, ව්‍යවසායකයින්, විශ්‍රාමික රජයේ නිලධාරීන්, පුරවැසි සංවිධාන නියෝජිතයන් ඉන්නවා. මේ අපේ ආණ්ඩුවේ තියෙන්නේ කැබිනට් අමාත්‍ය ධුර විස්සයි. සමස්ත වැඩසටහනම අපි එක පැත්තකින් අමාත්‍යංශ විස්සකට කඩනවා. අනිත් පැත්තෙන් අවුරුදු පහකට කඩනවා. ඒවාට ඉලක්ක තියෙනවා. ඒ වැඩසටහන් මහපොළොවේ ක්‍රියාත්මක වෙනවද කියලා අධීක්ෂණය කරන්නේ අර පසු විපරම් සභාව. නිරන්තරයෙන් අමාත්‍යවරයා ලේකම්වරයා ඇතුළු නිලධාරීන් ගෙන්වමින් ප්‍රශ්න සාකච්ඡා කරමින් ප්‍රගති සමාලෝචනය කරමින් පොරොන්දු වෙච්ච දේ ඉටුකරනවාද කියලා අර සභාව අධීක්ෂණය කරනවා. වාර්ෂිකව නිකුත් කරනවා මේ සභාවෙන් ප්‍රගති වාර්තාවක්. එම වාර්තාවේ ඒ අමාත්‍යාංශයන් එම වසර තුළ අපේක්ෂිත ඉලක්කවලින් කෙතරම් ප්‍රමාණයක් ඉටු කළාද ඉටු නොකළාද යන්න සඳහන් වෙනවා. එමෙන්ම ඒ සඳහා ඉදිරිපත් කරන හේතු සාධාරණද නැද්ද කියන එකත් එහි තියෙනවා. සාධාරණ හේතුවකින් තොරව වසරේ ඉටු කළ යුතු කාර්යන් යම් අමාත්‍යංශයක් ඉටු කිරීමට අසමත් වුණොත් ජනතාවට අධිකරණ නියෝගයක් ගත හැකි ඇමතිවරයාට එරෙහිව වහාම මේ කාර්ය ඉටු කරන්න කියලා. මේක ඉතිහාසයේ කවදාවත් දේශපාලන ව්‍යාපාරයක් ඉදිරිපත් නොකරපු ඉදිරිපත් කරන්න අකමැති වුණු නැවුම් සංකල්පයක්.

ඒ විතරක් නෙමෙයි පසු විපරම් සභාව අමාත්‍යවරුන් ශ්‍රේණිගත කරනවා. වාර්ෂික වාර්තාවේ එකේ සිට විස්ස දක්වා එම අමාත්‍යවරුන් ශ්‍රේණිගත කරනවා. කවුරුන් හෝ අමාත්‍යවරයෙක් වසර තුනක් අඛණ්ඩව අන්තිම තැනට පත්වුණොත් ඒ ඇමතිවරයා සහ අමාත්‍යංශය ලේකම්වරයා ඉල්ලා අස්විය යුතු අතර එම ආණ්ඩුව තුළ යළි අමාත්‍ය ධුරයක් හෝ ලේකම් ධූරයක් ලබාගන්න බෑ.

ජනපති මුක්තිය ඉවතට

ඒ විතරක් නෙවෙයි ජනාධිපතිවරයාද වග කියන තැනට ගේනවා. ඇමරිකාවේ මහා බලවත් ජනාධිපති බිල් ක්ලින්ටන් කාන්තාව දෙන්නෙක් නඩු දාලා උසාවි යන්න වුණා. පෝලා ජෝන්ස් සහ මොනිකා ලෙවෙන්ස්කි එම කාන්තාවන් දෙන්නයි. නමුත් අපේ රටේ ජනාධිපති ආර්යාවට දික්කසාද වෙන්න ඕනෙ උනත් අවුරුදු පහක් නැත්නම් දෙවැනි පාර දින්නොත් අවුරුදු දහයක් බලා ඉන්න වෙනවා දික්කසාද නඩුව දාන්නත්. මොකද අපේ රටේ ජනාධිපතිවරයාට සියලුම ආකාරයේ නඩු වලින් මුක්තියක් ලබාදීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ජනාධිපතිතුමාට හිතුණොත් පිස්තෝලයක් අරන් දකින දකින කෙනාට වෙඩි තියලා මරන්න එතුමාව අත්අඩංගුවට ගන්න බෑ. දෝශාභියෝගයක් ගෙනල්ලා එතුමා ඉවත් කරන තුරු ලක්ෂ ගානක් මරා දාන්න ව්‍යවස්ථාවෙන් ජනපතිට අවස්ථාව දීලා තියෙනවා. එවැනි දේවල් කරන්න ජනාධිපතිවරුන්ට චේතනාව පහළ නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැබැයි ජනාධිපතිවරයාට දීල තියෙන මුක්තිය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න අපි යෝජනා කරනවා.

පාර්ලිමේන්තුවේ සම්මත කරන ඕනෑම පනතක් ව්‍යවස්ථාවට පටහැනි බව පුරවැසියෙකුට පේනවා නම් පනත සම්මත කලාට පස්සේත් යම් කාල රාමුවක් තුල නඩු පවරන්න ජනතාවට පුළුවන්.

සර්ව ජන බලය ආණ්ඩුවක් යටතේ ජනාධිපතිවරයා අධිකරණයට ගෙන යෑමේ හැකියාව ඇති කරනවා විතරක් නෙමෙයි පාර්ලිමේන්තුව මෙරට නීතියට පටහැනිව මොනවා කළත් ඒක අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන්න අපි අවස්ථාව ලබා දෙනවා.

අපි හදන්නේ අලුත් රටක්. මේ රට අත්හැරලා දාලා යනවා වෙනුවට ගොඩ ගන්නේ කොහොමද කියලා, ඇදගෙන වැටුනහම නැගිටීම ගැන සභාව අමතපු අර ව්‍යවසායක දියණිය සඳහන් කළා. දැන් අපේ ආදරණීය රට ඇදගෙන වැටිලා තියෙන්නේ. අපේ අම්මා එක්ක යද්දි ඇය ඇදගෙන වැටුනොත් ඈව දාලා අපි ඉස්සරහට යනවද. වැටුණු අම්මා නැගිට්ටෝගෙන වත්තම් කරගෙන අපි ඉදිරියට යනවද. රට දාලා පැනලා යන්න අපිට බැහැ. මේ වැටිලා ඉන්නේ අපේ ආදරණීය අම්මා. ඒ නිසා අපේ වගකීම තමයි අපිව බිහි කරපු අපිව පෝෂණය කරපු අපිව දරාගෙන හිටපු මේ ලක් මාතාව මේ වැටිච්ච වලින් ගොඩ ගන්න එක. ඒ මහා පින්කමට දායක වන්න මුළු ජාතියටම අපි අවස්ථාව ලබා දී තියෙනවා. දුරකථන මාර්ගයෙනුත් මේ වැඩසටහන සම්බන්ධයෙන් ඔබේ අදහස් ලබා දෙන්න පුළුවන්. ලබන සතියේ පටන් සර්වජන සංවාදය ආරම්භ කරලා අපි ජනතා අදහස් ලබා ගැනීම පටන් ගන්නවා. රට හදන පින්කමට එකතු වෙන්න කියලා සමස්ත ජාතියෙන්ම අපි ඉල්ලා සිටිනවා.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුවta (HHS) අනුව, බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමට අදාළ වෛද්‍ය සේවා වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් විසින් ඩොලර් මිලියන ගණනක මුදල් අයකර තිබේ.
ඉන්දුනීසියාවට අද (15) අලුයම ඇතිවූ භූකම්පන තත්ත්වයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කර තිබේ.
රාජ්‍ය නායකයන් අවදානම් ගත යුත්තේ රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් මිස සිය පුටුවේ හෝ ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් නොවන බව සර්වජන බලය මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ල මහතා පවසයි.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 90 දක්වා ඉහළ දැමුවහොත් තමන් යළිත් නඩු ඇසීමට සූදානම් බව හිටපු විනිසුරුවරයෙකු මෙන්ම උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.
බෞද්ධ හිමිවරුන් සිරගත කරන ලෙස ඉල්ලා සිටින්නේ බෞද්ධ විරෝධී පිරිස් බවත්, යූ ටියුබ්කරුවන්ගේ හෝ ඇතැම් කාන්තා සංවිධානවල අත්තනෝමතික ඉල්ලීම් හමුවේ නීතිය යටපත් නොවන බවත් පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු සඳහන් කරති.
මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරියේදී යළි මැතිවරණ සඳහා ඉදිරිපත් වීමේ බලාපොරොත්තුවක් තමන්ට නොමැති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
1980 දශකයේ අගභාගයේදී (1987-1989) මෙරට ඇති වූ දේශපාලන අර්බුදය හා භීෂණකාරී යුගය පිළිබඳ සම්පූර්ණ සත්‍ය හෙළිදරව් කර ගැනීමටත්, ඒ හරහා අගතියට පත් සියලු පාර්ශ්වයන්ට හා විපතට පත් වූවන්ට සාධාරණය ඉටු කිරීමටත් ස්වාධීන හා අපක්ෂපාතී කොමිෂන් සභාවක් පත් කරන ලෙස ඉල්ලමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර ඇත.
පලාලි ප්‍රදේශයේ පිහිටා ඇති යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය (SFHQ-Jaffna) හදිසියේම වෙනත් ස්ථානයකට රැගෙන යාමට සැලසුම් කරමින් සිටින බවට වාර්තා වන අතර, එම පියවර රටේ ජාතික ආරක්ෂාවට සහ උපායමාර්ගික ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් වන බවට ආරක්ෂක විශ්ලේෂකයෝ සහ හමුදා විශේෂඥයෝ අනතුරු අඟවති.
නැගෙනහිර පළාතේ පාසල්වල පළමු වසරේ දමිළ මාධ්‍ය සිසුන් සඳහා වෙන් කළ, රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා පෙළපොත් සහ ක්‍රියාකාරකම් පොත් තොගයක් බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත ලබා නොදී බෝතල් පත්තරකරුවකුට විකුණා දැමූ ලොරි රියදුරෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

ප්‍රධාන පුවත්

බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව

ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුවta (HHS) අනුව, බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමට අදාළ වෛද්‍ය සේවා වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් විසින් ඩොලර් මිලියන ගණනක මුදල් අයකර තිබේ.

87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..

1980 දශකයේ අගභාගයේදී (1987-1989) මෙරට ඇති වූ දේශපාලන අර්බුදය හා භීෂණකාරී යුගය පිළිබඳ සම්පූර්ණ සත්‍ය හෙළිදරව් කර ගැනීමටත්, ඒ හරහා අගතියට පත් සියලු පාර්ශ්වයන්ට හා විපතට පත් වූවන්ට සාධාරණය ඉටු කිරීමටත් ස්වාධීන හා අපක්ෂපාතී කොමිෂන් සභාවක් පත් කරන ලෙස ඉල්ලමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර ඇත.

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..

පලාලි ප්‍රදේශයේ පිහිටා ඇති යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය (SFHQ-Jaffna) හදිසියේම වෙනත් ස්ථානයකට රැගෙන යාමට සැලසුම් කරමින් සිටින බවට වාර්තා වන අතර, එම පියවර රටේ ජාතික ආරක්ෂාවට සහ උපායමාර්ගික ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් වන බවට ආරක්ෂක විශ්ලේෂකයෝ සහ හමුදා විශේෂඥයෝ අනතුරු අඟවති.

නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..

නැගෙනහිර පළාතේ පාසල්වල පළමු වසරේ දමිළ මාධ්‍ය සිසුන් සඳහා වෙන් කළ, රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා පෙළපොත් සහ ක්‍රියාකාරකම් පොත් තොගයක් බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත ලබා නොදී බෝතල් පත්තරකරුවකුට විකුණා දැමූ ලොරි රියදුරෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්

ප්‍රකට ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික හා හමුදාමය උණුසුම් තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර ඇත.

22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..

මෙරට අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළැඹෙන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..

ත්‍රිකුණාමලය ඓතිහාසික කන්නියා උණවතුර ළිං පුරාවිද්‍යා භූමියේ පිහිටි චෛත්‍ය සංරක්ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ගනු ලබන උත්සාහයන්ට නැවතත් බාධා එල්ල වී ඇති බවත්, එම සංරක්ෂණ කටයුතු අත්හිටුවීමේ තත්ත්වයකට පත්ව ඇති බවත් ජාතික උරුම සුරැකීමේ මධ්‍යස්ථානය පවසයි.

අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය

අධිකරණයේ ස්වාධීනත්වය යනු රටක පවතින උත්තරීතරම සංකල්පයක් බැවින්, ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයක අවදානමක් නොගත යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා අවධාරණය කරයි.

කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.

අගෝස්තු මස 13 වනදාට යෙදෙන කියුබානු විප්ලවයේ නායක ෆිදෙල් කස්ත්‍රෝ රුස්ගේ 100 වැනි ජන්ම සංවත්සරයට සමගාමීව, ඔහුගේ චින්තනය, දේශපාලන දර්ශනය සහ උරුමය පිළිබඳ අවධානය යොමු කරන පළමු ජාත්‍යන්තර සමුළුව වන “ෆිදෙල්: උරුමය සහ අනාගතය” පසුගිය 10 වනදා කියුබාවේදී ආරම්භ විය.

LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ දුෂ්කර පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන්ගේ දීමනා කපා හැරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාතික ගුරු ව්‍යාපාරය සිය දැඩි විරෝධය පළ කර සිටියි. බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා මේ බව සදහන් කළේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ(12) දින සිසුකළ සාකච්ඡාවෙන් පසුව අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පවසන්නේ, මෙම විශ්‍රම වයස දීර්ඝ කිරීම සම්බන්ධ ප්‍රශ්නය ඇත්තේ එක තැනක බවත් එහෙත් පිළිතුර ඇත්තේ තවත් තැනක බවත් ය.

කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..

කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..

යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.