ගෝඨාභය බදු අඩු කළේ ව්‍යාපාරිකයන් ඉල්ලපු නිසා... අද ඒ අය හොයාගන්නත් නැහැ... රට ආර්ථික ගැටළුවකට මුහුණ දුන්නේ ආනයන ආර්ථිකයක කටයුතු කළ නිසා - ජනපති රනිල් කියයි
රට තුළ නව ආර්ථිකයක් ගොඩනඟන විට නව දේශපාලන ක්‍රමයක් ද නිර්මාණය විය යුතු බවත්, වගකීම් භාරගෙන කටයුතු කළ හැකි පිරිසක් මෙන්ම නොබියව සත්‍ය ප්‍රකාශ කරන පිරිසක් එම දේශපාලන ක්‍රමවේදය තුළ බිහිවිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ජාතික බැංකුකරුවන්ගේ සංගමය විසින් කොළඹ ගාලු මුවදොර හෝටලයේ සංවිධානය කර තිබූ බැංකුකරුවන්ගේ සංසඳයට සහභාගී වෙමිනි.
රට හමුවේ ඇති ආර්ථික අභියෝගය තමා ජනතාව හමුවේ නොබියව ප්‍රකාශ කළ බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා රට එම අර්බුදයෙන් ගොඩගැනීමට හැකි නිවැරදි වැඩපිළිවෙළ ද මේ වන විට පැහැදිළිව රටට ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළේය.
එම වැඩපිළිවෙළ හැර වෙනත් වැඩපිළිවෙළක් රටට නොමැති බව පැවසූ ජනාධිපතිවරයා සිහින ලෝකවල කටයුතු නොකර රටට අවශ්‍ය වැඩපිළිවෙළ හඳුනාගෙන රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට සහාය වීම සියලුදෙනාගේ වගකීම බවද පැවසීය.
ඇතැමුන් ආජර්ටිනාවේ මාටින් ගුස්මාන් ආදර්ශයට ගෙන කථා කළද ඔහු අසාර්ථක පුද්ගලයෙකු බව පැවසු ජනාධිපතිවරයා තවත් පිරිසක් ලෝක නායකයන්ගෙන් මුදල් ඉල්ලාගෙන එන ලෙස තමන්ට පැවසුවත් සිංහල ජාතිය කිසිදා සිඟමන් යැදි ජාතියක් නොවන අතර ස්වඋත්සාහයෙන් නැගි සිටින ජාතියක් බවද අවධාරණය කළේය.
අපනයන ආර්ථිකයක් මත පදනම්ව රට වේගවත් සංවර්ධනයක් කරා ගෙන යාම තම අරමුණ බව පැවසු ජනාධිපතිවරයා අපනයන ආර්ථිකයක් ඇති කිරීම සඳහා අවශ්‍ය නීති පද්ධතිය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත්, එම වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යාමේ දී බැංකු පද්ධතියට විශාල වගකීමක් පැවරෙන බවත් කියා සිටියේය.
මෙහිදී ජාතික බැංකුකරුවන්ගේ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් සහභාගී වූ සාකච්ඡාවක් ද පැවැත්විණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,
"අද අප ආර්ථික වශයෙන් බොහෝ දුර පැමිණ තිබෙනවා. එදා ජෙට්වින් හෝටලයේ සිට මෙම ගාලු මුවදොර හෝටලය දක්වා සිදු වු දේ මම අමුතුවෙන් කිවයුතු නැහැ. ඒ ගිය ගමන, මාගේ නිවසත් ගිනිබත් කරගෙන ගියා. කෙසේ හෝ අද අප ඉදිරියට පැමිණ තිබෙනවා. නමුත් තව දුර යාමට තිබෙනවා. අපේ බැංකු පද්ධතිය ආරක්ෂා කර නොගතහොත් ආර්ථිකය ආරක්ෂා කර ගන්න නොහැකි වන බව මම එදා පැහැදිළිව ප්‍රකාශ කළා. බැංකු පද්ධතිය බිඳ වැටුණහොත් ආර්ථිකය නැති වෙනවා.
එදා මට මේ රට භාර ගැනීමට සිදු වුණා. අප සියලුදෙනා එකතුව රටේ ආර්ථිකය නඟා සිටුවීමේ වැඩ කටයුතු ආරම්භ කළා. අද එහි ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා. මේ සියල්ල අපට එකවර ලැබෙන්නේ නැහැ.
ණය ආපසු ගෙවීමේ දී වසර 04ක් ණය නොගෙවා සිටීමටත්, ගෙවිය යුතු ණය මුදලින් ඩොලර් බිලියන 08ක් අඩු කිරීමටත් දැන් කටයුතු කර තිබෙනවා. ඒ වගේම රටේ ආර්ථිකය නැවත දියුණුවෙමින් පවතිනවා. දැන් අප රටක් ලෙස සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා. අපට රුපියල් බිලියන 08ක ණය සහනයක් ලැබුණ නිසා අපට දැන් අලුත් ආර්ථිකයකට යාමට ඉඩ කඩ තිබෙනවා. එහිදී අපනයන ආර්ථිකයක් ඇති කිරීම සඳහා අවශ්‍ය නීති පද්ධතිය අප මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
අප මෙතැනින් ඉදිරියට යා යුතුයි. මෙහිදී විශාල වැඩකොටසක් බැංකු පද්ධතියට හිමි වෙනවා. අපි මේ මුදල් සොයා ගන්නේ කොහෙන්ද. අප විදේශ ආයෝජන ගෙන ඒමට අවශ්‍යයි. එවිට බැංකු දියුණු වෙනවා. අප තවම මෙම ඉලක්කයට ළගා වී නැහැ.
අප කැඩුණු ආර්ථික ක්‍රමය සකස් කරගෙන ඉදිරියට ගියත් කැඩුණු දේශපාලන ක්‍රමය තවම සකස් කරගෙන නැහැ. එදා නායකයන් බයේ දිව්වා. එවන් තත්ත්වයක් තිබෙනවා නම් , මොකක්ද මේ රටේ තිබෙන දේශපාලන නායකත්වය.
එවන් නායකයන්ට රට ඉදිරියට ගෙන යන්න පුළුවන්ද? එදා ඔවුන් බිය වී පැන ගියේ ඔවුන් ළඟ විසඳුමක් නොතිබූ නිසයි.
හිටපු ජනාධිපතිවරයා ඉවත් වූ පසුව මේ රටේ සාමය සහ ස්ථාවරත්වය බිඳ වැටෙන්න ගියා. ඇතැම් අය මට අගමැතිකමින් ඉවත් වෙන්න කිව්වා. එහෙම දේශපාලන ක්‍රමයකින් රටක් ඉදිරියට ගෙන යන්න පුළුවන්ද,
අපි ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කළ විට සුනිල් හඳුන්නෙත්ති මහතා නඩුවක් දැම්මා. එම නඩුවෙන් කියැවෙන්නේ “ආනයන පදනම් කරගත් ආර්ථිකයක් අවශ්‍යයි” කියලා. අද අපට ආර්ථික ගැටළුවකට මුහුණ දීමට සිදුවෙලා තිබෙන්නේ අප ආනයන ආර්ථිකයක කටයුතු කිරීම නිසයි.
ඒ වගේම තව කෙනෙක් ආර්ජන්ටිනාවේ මාටින් ගුස්මාන් ගැන කියනවා. ඔහු අසාර්ථක පුද්ගලයෙක්. නැත්නම් ලෝකය වටේ ගිහින් නායකයන්ගෙන් සල්ලි ඉල්ලගෙන එන්නලු. මම හිඟා කන මිනිහෙක් නෙවෙයි, ඒ වගේම සිංහල ජාතිය හිඟා කන ජාතියක් නොවෙයි. ඒ වගේම ඇතැම් අය තවම කියනවා අලුත් දෙයක් ඕන කියලා. ඒ කියන්නේ ආනයන පදනම් කරගත් ආර්ථිකයක්ද ?
මම දවසක් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගෙන් ඇහුවා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එපා කියද්දි, ආර්ථික ගැටලුවක් තිබෙද්දි ඇයි බදු අඩු කළේ කියලා. එතුමා කිව්වා ව්‍යාපාරිකයෝ සියලුදෙනා මෙය අඩුකරන්න කියලා කිව්වා කියලා. එතුමා ඇත්ත කිව්වේ. එය මම දන්නවා. ඒ අය මගෙනුත් ඇහුවා ඇයි ඔයා බදු අඩු කළේ නැත්තේ කියලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බදු අඩු කළා කියලා. අද එහෙම කියපු අය හොයා ගන්නත් නැහැ. අද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තනි වෙලා ඉන්නවා.
අපි නිසි ලෙස තෝරාගෙන රටට අවශ්‍ය වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යා යුතුයි. සිහින ලෝකවල ඉන්න හොඳ නැහැ. අපි සත්‍ය දැනගෙන වැඩ කළ යුතුයි. අද අපි ගන්න පියවර අනුව තමයි අපේ ඉදිරි ගමන තීරණය වන්නේ. අපි රටේ ආර්ථිකය හදනවා වගේම අලුත් දේශපාලන ක්‍රමයක් සකස් කළ යුතුයි. වගකීම් භාරගෙන ඉදිරියට යා හැකි පිරිසක් වගේම ඇත්ත තත්ත්වය දැනගෙන බය නැතිව කතා කළ හැකි පිරිසක් එමඟින් නිර්මාණය විය යුතුයි. එසේ නොමැතිව මේ රටට අනාගතයක් නැහැ.
අපි සෑමවිටම ඇත්ත කථා කළා. දේශපාලනයේ දී ඇත්ත කියන්න බය විය යුතු නැහැ. ආණ්ඩුවට පක්ෂද, විරුද්ධද කියන එක නොවෙයි, ඇත්ත ප්‍රකාශ කළ යුතුයි. මම සෑම පක්ෂයකින්ම පිරිස එක් කරගෙන මෙම ආණ්ඩුව ඉදිරියට ගෙන ගියා. පක්ෂවල විනයක් තිබුණේ නැති වුණාට ආණ්ඩුවේ විනයක් තිබුණා. බය නැතුව කණ්ඩායමක් අපත් සමඟ එක් වුණා. පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රීවරුන් තමන්ගේ දේශපාලන අනාගතය ගැන සිතන්නේ නැතිව අපත් සමඟ එකතු වුණා. අද අපි ආර්ථිකය සකස් කරගෙන තිබෙන මට්ටමට අපේ දේශපාලන ක්‍රමය තවම පැමිණ නැහැ. ඒ ගැන අවධානය යොමු කරමින් අප වැඩ කළ යුතුයි.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..