
ඇමැති කංචනගේ තීරණ නිසා මෙගාවොට් 70ක සූර්ය බල ව්‍යාපෘති අකර්මණ්‍ය වුණා...සෝලාවලට ගෙවන ගණන් අඩු කළේ නව විදුලිබල පනතට පිටින් – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික
විදුලිබල ඇමැති කංචන විජේසේකරගේ හිතුවක්කාර තීරණය හේතුවෙන් මෙගා වොට් 70කට ආසන්න සූර්ය බල ව්‍යාපෘති අකර්මණ්‍ය වී ඇතැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (5 දා) චෝදනා කළේය.
එම සංගමය කොළඹදී ඊයේ පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මේ බව කීවේය.
එහිදී සංජීව ධම්මික මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
"පසුගියදා විදුලිබල ඇමැතිවරයා විසින් සූර්ය බල ව්‍යාපෘති සඳහා ගෙවන මිල ගණන් හදිසියේම අඩු කළ බවට කළ ප්‍රකාශයක් හේතුවෙන් දේශීය ආයෝජකයින්ගේ නව විදුලි බල ව්‍යාපෘති ඇනහිටලා. සෝලා විදුලි බල පද්ධතිවලින් විදුලිය මිලදී ගැනීමේදී මෙතෙක් ඒකකයට ගෙවූ රුපියල් 37ක මුදල රුපියල් 27 දක්වා අඩු කළ බවට ඇමැතිවරයා ප්‍රකාශ කළේ ජුලි 2 වැනිදායි. නමුත් එම තීරණය ජුලි 1 වැනිදා සිට බලපවත්වන බවටද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණා. මේ ආකාරයට හදිසියේ පුනර්ජනනීය විදුලිය මිලදී ගැනීමේ මිල අඩු කළේ ඉදිරියේදී අධික මිලට හදිසි විදුලිය මිලදී ගැනීමේ අරමුණ ඇතිව ද කියා අපට සැකයි.
පසුගිය කාලයේදී ඇඹිලිපිටිය ඒස් බලාගාරයෙන් ඒකකය රුපියල් 110 වැනි අධික මිල ගණන්වලට මිලදී ගෙන ඇති අවස්ථාද තිබෙනවා. මේ සැරසෙන්නේ එවැනි කොල්ලයකට විය හැකියි. වහල මත සවිකරන සූර්ය බල පද්ධතිවල ආයෝජනය කරන්නේ දේශීය ව්‍යවසායකයින්. සූර්ය බල පද්ධතිවලින් විදුලිය මිලදී ගැනීමේදී ගෙවීම් කරනු ලබන්නේ දේශීය රුපියල්වලින්. ඩීසල් විදුලිය මිලදී ගැනීමේදී ඩොලර්වලින් ගෙවීමට සිදුවන නිසා ඩීසල්, නැප්තා හා දැවිතෙල් සඳහා මෙරට විදේශ විනිමය පිටරටට ඇදී යනවා. මෙරට දිගුකාලීන බලශක්ති සුරක්ෂිතතාව සඳහා පුනර්ජනනීය විදුලි බලාගාර වැඩි වශයෙන් ප්‍රවර්ධනය කළ යුතු අවධියක වත්මන් විදුලිබල ඇමැතිවරයා විසින් ඩීසල් ඇතුළු ආනයනික පොසිල ඉන්ධන මත පදනම් විදුලි බලාගාර ප්‍රවර්ධනයක් කරනවා.
අමාත්‍යවරයා විසින් සූර්ය බල විදුලිබලාගාරවලට ගෙවන ගාස්තු සංශෝධනය කර ඇත්තේ නව විදුලි බල පනතේ 29 වන වගන්තිය උල්ලංඝනය කරමින්. එම වගන්තියට අනුව මෙවැනි ගාස්තු සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අවසරය තිබිය යුතුයි. නමුත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව එවැනි අවසරයක් ලබා දී නැති බව තහවුරු කර තිබෙනවා."
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඇමති බිමල් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්.. "රේගුවෙන් පිටකළ බහාලුම්වල අවිආයුධ?" - ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (වීඩියෝ)
ගාසා තීරයේ ජීවත්වන පලස්තීන ජනයාගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්නැයි ඉල්ලමින් කාන්තා පරපුර සංවිධානයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ට ලිපියක්..
මහානාහිමියන්ට අපහාස කළා යැයි ජෙනරාල් දයා රත්නායකට මහජන විරෝධය..
වසර 2500ක් තිස්සේ මෙරට භික්ෂූන් වහන්සේලා කළ සේවය රාජ රාජ මහාමත්‍යාදීන් තේරුම් ගත්තද මේ ආණ්ඩුව තේරුම් අරගෙන නැහැ-මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
වසර 2500ක් තිස්සේ මෙරට භික්ෂූන් වහන්සේලා කළ සේවය රාජ රාජ මහාමත්‍යාදීන් තේරුම් ගත්තද මේ ආණ්ඩුව තේරුම් අරගෙන නැහැ-මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
සජබ සංවිධායකයෝ පෝලිමේ ඉල්ලා අස්වෙති..
කොළඹ වරායේ ඩොක්යාඩ් හි 51%ක කොටස් ඉන්දියන් සමාගමකට විකිණීමේ ක්‍රියාදාමයට එරෙහිව බෞද්ධ තොරතුරු කේන්ද්‍රයෙන් ජනාධිපති අනුරට ලිපියක්..
දුමින්ද දිසානායක අත්අඩංගුවට
ශ්‍රී ලංකාව ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් රටට ඉතා බරපතළ ලෙස බලපෑම් කළ හැකියි.. රට IMF එකට හේත්තු කළේ සැලසුම් සහගතවමයි - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක (වීඩියෝ)
LTTE කොටි ත්‍රස්තයන් නිර්මාණය කළේ ඉන්දියාව බව සනාථ කරමින් ඉන්දීය හමුදා නිලධාරියෙකුගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්.. සන්තෝෂ් ජා සඟවන ඉන්දියාවේ දෙබඩි ප්‍රතිපත්තිය මෙන්න.. (වීඩියෝ)
එරාවූර්වල අන්තවාදී කණ්ඩායමක් තර්ජනාත්මක අත්පත්‍රිකා බෙදලා.. - ඥානසාර හිමියන්ගෙන් අනාවරණයක්..
මාලිමා ආණ්ඩුවෙන් පත්වූ රූපවාහිනියේ ලොක්කො දෙන්නෙක් සේවකයන් හූ කියා පන්නා දමති..
චීන පකිස්ථාන විදේශ අමාත්‍යවරු බීජිංහිදී හමුවෙති
ආණ්ඩුවේ සිටින එකම මුස්ලිම් ඇමති ගැන ඥානසාර හිමියන්ගෙන් බරපතළ හෙළිදරව්වක්.. (වීඩියෝ)
ආවෙත් බොරුවෙන්.. ඉන්න හදන්නෙත් බොරුවෙන්.. මේ වගේ ජනාධිපතිවරු පොල්පිත්තකින් කපාගන්න පුලුවන්..
සමහර ඉන්දියානු මාධ්‍ය ආයතන තාර්කිකත්වය සහ කරුණු වෙත නැවත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු: (ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය)
