ඇමැති කංචනගේ තීරණ නිසා මෙගාවොට් 70ක සූර්ය බල ව්‍යාපෘති අකර්මණ්‍ය වුණා...සෝලාවලට ගෙවන ගණන් අඩු කළේ නව විදුලිබල පනතට පිටින් – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික
විදුලිබල ඇමැති කංචන විජේසේකරගේ හිතුවක්කාර තීරණය හේතුවෙන් මෙගා වොට් 70කට ආසන්න සූර්ය බල ව්‍යාපෘති අකර්මණ්‍ය වී ඇතැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (5 දා) චෝදනා කළේය.
එම සංගමය කොළඹදී ඊයේ පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මේ බව කීවේය.
එහිදී සංජීව ධම්මික මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
"පසුගියදා විදුලිබල ඇමැතිවරයා විසින් සූර්ය බල ව්‍යාපෘති සඳහා ගෙවන මිල ගණන් හදිසියේම අඩු කළ බවට කළ ප්‍රකාශයක් හේතුවෙන් දේශීය ආයෝජකයින්ගේ නව විදුලි බල ව්‍යාපෘති ඇනහිටලා. සෝලා විදුලි බල පද්ධතිවලින් විදුලිය මිලදී ගැනීමේදී මෙතෙක් ඒකකයට ගෙවූ රුපියල් 37ක මුදල රුපියල් 27 දක්වා අඩු කළ බවට ඇමැතිවරයා ප්‍රකාශ කළේ ජුලි 2 වැනිදායි. නමුත් එම තීරණය ජුලි 1 වැනිදා සිට බලපවත්වන බවටද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණා. මේ ආකාරයට හදිසියේ පුනර්ජනනීය විදුලිය මිලදී ගැනීමේ මිල අඩු කළේ ඉදිරියේදී අධික මිලට හදිසි විදුලිය මිලදී ගැනීමේ අරමුණ ඇතිව ද කියා අපට සැකයි.
පසුගිය කාලයේදී ඇඹිලිපිටිය ඒස් බලාගාරයෙන් ඒකකය රුපියල් 110 වැනි අධික මිල ගණන්වලට මිලදී ගෙන ඇති අවස්ථාද තිබෙනවා. මේ සැරසෙන්නේ එවැනි කොල්ලයකට විය හැකියි. වහල මත සවිකරන සූර්ය බල පද්ධතිවල ආයෝජනය කරන්නේ දේශීය ව්‍යවසායකයින්. සූර්ය බල පද්ධතිවලින් විදුලිය මිලදී ගැනීමේදී ගෙවීම් කරනු ලබන්නේ දේශීය රුපියල්වලින්. ඩීසල් විදුලිය මිලදී ගැනීමේදී ඩොලර්වලින් ගෙවීමට සිදුවන නිසා ඩීසල්, නැප්තා හා දැවිතෙල් සඳහා මෙරට විදේශ විනිමය පිටරටට ඇදී යනවා. මෙරට දිගුකාලීන බලශක්ති සුරක්ෂිතතාව සඳහා පුනර්ජනනීය විදුලි බලාගාර වැඩි වශයෙන් ප්‍රවර්ධනය කළ යුතු අවධියක වත්මන් විදුලිබල ඇමැතිවරයා විසින් ඩීසල් ඇතුළු ආනයනික පොසිල ඉන්ධන මත පදනම් විදුලි බලාගාර ප්‍රවර්ධනයක් කරනවා.
අමාත්‍යවරයා විසින් සූර්ය බල විදුලිබලාගාරවලට ගෙවන ගාස්තු සංශෝධනය කර ඇත්තේ නව විදුලි බල පනතේ 29 වන වගන්තිය උල්ලංඝනය කරමින්. එම වගන්තියට අනුව මෙවැනි ගාස්තු සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අවසරය තිබිය යුතුයි. නමුත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව එවැනි අවසරයක් ලබා දී නැති බව තහවුරු කර තිබෙනවා."
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..