
පොහොට්ටුවේ ජනපති අපේක්ෂකත්වය ලැබෙනකල් බලාගෙන ඉන්නවා - ධම්මික පෙරේරා
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය අපේක්ෂාවෙන් සිටින බව ව්‍යාපාරික, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ඊයේ (05දා) පැවැසීය.
ඒ මහතා ඒ පිළිබඳව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීයවේදීන්ගේ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිණි. එම කාර්යාලය ඊයේ (05දා) දිනයේදී එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර එම අවස්ථාවට එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා මෙන්ම වෘත්තීයවේදීන් විශාල පිරිසක් එක්ව සිටියහ.
එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ධම්මික පෙරේරා මහතා මෙසේද පැවැසීය.
"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ ශ්‍රී ලංකාවේ තිබෙන ලොකුම පක්‍ෂයයි. දැන් මේ රටේ තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි ආර්ථිකය දියුණු කරන්නේ කොහොමද කියන එක. රටක ආර්ථික දියුණුව ඒකපුද්ගල ආදායමෙන් තමයි මනින්නේ. 2005 දී මහින්ද රාජපක්ෂ මහතා රට භාර ගන්න කොට ඒකපුද්ගල ආදායම ඩොලර් 1250යි. 2005 දී ආරම්භ කළ මහින්ද චින්තන හා බැඳුණු ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ නිසා 2014 දී මහින්ද රාපක්‍ෂ මහතා යළි රට භාර දෙන කොට ඒකපුද්ගල ආදායම 3850 දක්වා වැඩිවී තිබුණා. එදා සිට අද වනවිට වසර 10ක් ගත වී තිබෙනවා. දැන් ඒකපුද්ගල ආදායම 3830යි. ඒ කියන්නේ 2014ට වඩා ඩොලර් 20ක් පිටුපසින් සිටින්නේ. පසුගිය වසර 10ක කාලය තුළ කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ. ඒක තමයි ඔබලාට දැනෙන ප්‍රශ්නය. මේ රටේ ජනතාවගෙන් 40%ක් තවම තීරණය කරලා නැහැ කාටද ඡන්දය දෙන්නේ කියලා. තව දවස් 90න් මැතිවරණය තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සෑම දෙයක්ම නිවැරදි වෙලාවෙ දි තීරණය කරලා තිබෙනවා. රටේ ආර්ථිකය නැංවීමට අවශ්‍ය වැඩපිළිවෙළක් මම සකස් කරලා තිබෙනවා. මට අපේක්ෂකත්වය දෙනකොට ඒ පිළිබඳව විමසාවි කියලා මම සිතනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)
විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
