
ආණ්ඩුකාරවරු මැතිවරණ නීතිය උල්ලංඝනය කරනවා - වසන්ත යාපාබණ්ඩාරගෙන් චෝදනා
පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා අද(05) මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමියන් බැහැ දැක, මධ්‍යම පළාතේ සහ දකුණු පළාතේ ආණ්ඩුකාරවරුන් විසින් මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් සිදුකර අනීතික ක්‍රියා සම්බන්ධයෙන් උන්වහන්සේ දැනුවත් කළේය.
ඒ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කරන ලෙසට වන ඉල්ලීම් ලිපියක්ද මහනාහිමයින් වෙත භාරදීමද සිදුකෙරිණි.
එහිදී මන්ත්‍රීවරයා විසින් මාධ්‍ය වෙත පහත අදහස් දැක්වීම සිදු කළේය.
"අද දවසේදී අපි මේ මහාවිහාරවල මහානායක ස්වාමීන් වහන්සේලා බැහැදකින්නට පැමිණියේ විශේෂ තොරතුරක් ලබාදීම වෙනුවෙන් සහ විශේෂ කරුණක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට. අපි දන්නවා මේ වෙනකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 (ඒ) වගන්තිය යටතේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කරො තියෙන වෙලාවක ක්‍රියාත්මක වන්නේ මැතිවරණ නීතියයි.
එතකොට මැතිවරණ නීතිය ක්‍රියාත්මක වෙලාවකදී, විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කරලා තිබෙනවා. අපි දන්නවා මහනගර සභා ආඥා පනතේ 286 වගන්තිය යටතේත්, නගර සභා පනතේ 181 වගන්තිය යටතේත්, ඒ වගේම ප්‍රාදේශීය සභා අඥා පනතේ 9 (3) වගන්තිය යටතේත් මේ බලය පැවරෙන්නේ පරිපාලන නිලධාරීන්ට. පරිපාලන බලධාරීන්ට බලය පැවරෙන වෙලාවක දී මධ්‍යම පළාතේ ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ වගේම, දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන විසින් ඉතාම අනීතිකව චිරස්තීන ක්‍රියාවක දැන් මේ වෙලාවේ යෙදිලා ඉන්නවා.
ඒ අය උත්සාහ කරනවා මේ වෙනකොට පළාත් පාලන ආයතන වල දේපළ සහ මුදල් පරිහරණය කරමින් මේ පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වෙලා තියෙන අයව ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙන මේ අය මොකද කරන්නේ, මේ තමන්ගේ ආණ්ඩුකාර නිල නියෝජිතයා විදිහට පළාත් පාලන ආයතන වලට පත්කරලා තිබෙනවා. ඒ නිසා අපි ගරු මහානායක ස්වාමිපාදයාණන් වහන්සේලාව අද මේ පිළිබඳව දැනුවත් කරා.
ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම රජයට, ජනාධිපතිවරයාට මේ අනීතික ක්‍රියාවලිය වහාම නතර කිරීම සඳහා යම් පණිවිඩයක් උන්වහන්සේලා සැල කරාවි කියලා. මොකද හේතුව අපේ රටේ දුප්පත් අහිංසක ජනයා බංකොලොත් වෙච්ච රටක තමා මේ වෙලාවේ ජීවත් වෙන්නේ. එබඳු අවස්ථාවක පළාත් පාලන ආයතන වල ඉතුරු වෙලා තිබෙන සොච්චම් මුදලත් මේ අයගේ මැතිවරණ දේශපාලන ක්‍රියාවලියට, අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරනවා. ඒ නිසා අපි දන්නවා ඉතාම පැහැදිලිව ලංකාවේ මූලික නීතිය යටතේත්, පළාත් පාලන මැතිවරණ නීතිය යටතේත් කිසිදු අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීමට බැහැ.
විශේෂයෙන්ම පළාත් පාලන ඡන්දයට නම් දීලා තියෙන අයට. නමුත් දිගින් දිගටම මධ්‍යම පළාතේ ආණ්ඩුකාර ලලිත් යූ ගමගේත්, ඒ වගේම දකුණු පළාත් සභා ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා යන අය මේ විදිහට මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කරල තිබෙන නියෝග, චක්‍රලේඛ උල්ලංඝනය කරමින් මේ කරන සාහසික ක්‍රියාව පිළිකුලෙන් බැහැර කරනවා. අපි කියනවා මේ රටේ මූලික නීතිය උල්ලංඝනය කරමින්, පළාත් පාලන නීතිය උල්ලංඝනය කරමින් ආණ්ඩුකාරවරුන්ගේ මේ දඩබ්බර හැසිරීම, චිරස්තීන හැසිරීම විශේෂයෙන්ම ලලිත්ගේ සහ ලක්ෂ්මන්ගේ හැසිරීම පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා, ඒ වගේම තමයි ඔවුන් නීතිය ඉදිරියට ගෙනල්ලා දණ ගස්සන්න ඕන කියලයි අපි කියන්නේ.
ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ නීතියේ ආධිපත්‍යය බලය පිහිටුවන්න ඕන. ඒ අය ආණ්ඩුකාරවරු වශයෙන් විධායක බලය අනීතිකව පාවිච්චි කරනවා නම් ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක බලය උල්ලංඝනය කරමින්, ඒ වගේම අධිකරණය මට්ටු කරමින් මේ කරන්න හදන ක්‍රියාවලිය පිළිකුලෙන් බැහැර කරනවා. මේ පිළිබඳව අපි අධිකරණයට යනවා අද හෙටම."
– මාධ්‍ය ඒකකය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)
විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
