News Category
From Date
To Date
Maximum Number of Result

බොලිවියාවේ හමුදා කුමන්ත්‍රණය පරාජය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවයෙන් ආචාරය පුදකරයි

Jul 5, 2024 at 01:11 PM
|

බොලිවියාවේ හමුදා කුමන්ත්‍රණය පරාජය කිරීම  වෙනුවෙන් ජනාධිපති Luis Arce, හිටපු ජනාධිපති Evo Morales සහ බොලිවියානු ජනතාවට ආචාර පුදකර සිටින බව ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය පවසයි.

එම සහයෝගිතාවයේ සම්බන්ධීකරණ ලේකම් ජීවන්ත ජයතිස්ස මහතා විසින් නිවේදයක් නිකුත් කරමින් පවසන්නේ එක්සත් ජනපදයේ පිටුබලය ලබන අධිරාජ්‍යවාදීන් විසින් බොලිවියාවේ සිදුකල හමුදා කුමන්ත්‍රණය, දකුණ අස්ථාවර කිරීමේ තවත් උත්සාහයක් බවත්, ජනාධිපති ලුයිස් ආර්ස් මේ සඳහා  කඩිනමින් පියවර ගැනීම හේතුවෙන් එම කුමන්ත්‍රණය අසාර්ථක වූ බවත් ය.

අදාළ නිවේදය පහළින්...

බොලිවියාවේ හමුදා කුමන්ත්‍රණය පරාජය කළ ජනාධිපති ලුයිස් ආක්, හිටපු ජනපති ඉවෝ මොරලෙස් සහ බොලිවියානු ජනයාට අපගේ ගෞරවණීය උත්තමචාරය!

මූලිකවම වෙනිසියුලානු ජාතික මානව හිතවාදී අසාහය නායකයා වන සයිමන් බොලිවාර් සම්බන්ධයෙන් හදාරද්දී බොලිවියාව යන රට ශ්‍රී ලංකාවේ අපට  හමුවේ. ඉන් නොනැවතී අද්වීතීය විප්ලවාදියෙකු මෙන්ම අධිරාජ්‍යය විරෝධී ලෝක නායකයෙකු වන චේ ගවේරා සහෝදරයා ගේ ජීවිත කතාව හදාරද්දී ශ්‍රී ලංකාවේ අපට බොලිවියාව හමුවේ. ඉන් පසුව අපගේ දේශපාලන හැදෑරීම තුළ බොලිවියාව අපට හමුවන්නේ බොලිවියාවේ දැවැන්ත අධිරාජ්‍ය විරෝධී දේශපාලන භූමිකාවක් ඉටු කරමින් සිටින ඉවෝ මොරලෙස් සම්බන්ධයෙන් හදාරද්දීය.

අප ඉහතින් විස්තර කළ අපගේ ගෞරව ආදරයට ලක්වූ බොලිවියාව සම්බන්ධයෙන් අසන්නට ලැබුණු හමුදා කුමන්ත්‍රණ ප්‍රවෘත්තිය මගින් දකුණු අමෙරිකාව අස්ථාවර කර තම දඩ බිම් ශක්තිමත් කිරීමට කැස කවන අමෙරිකානු අධිරාජ්‍යවාදීන්ට බොලිවියාව තුළ ජයග්‍රහණයක් අත්වූවාදැයි යන කණගාටුව අප තුළ ඇති විය. එහෙත් ඉතාමත් කෙටි කාලයක් තුළ ජනාධිපති ලුයිස් ආර්ස් ගේ ආණ්ඩුව හමුදා කුමන්ත්‍රණයට සහභාගි වූ ඉහළ හමුදා නිලධාරියා අත් අඩංගුවට ගැනීමට කටයුතු කිරීම අධිරාජ්‍ය විරෝධී කඳවුරේ සිටින අපගේ සතුටට හේතු විය.

බොලිවියාවේ අනාගතය සුරැකිමට බොලිවියාවේ හමුදා කුමන්ත්‍රණය පරාජය කරවීමට හිටපු ජනාධිපති ඉවෝ මොරලෙස් සිය සාමාජිකයා මෙහෙය වූ ආකාරය දෙස බලන විට ඔහු කියුබාවේ අසාහය නායකයා වූ ෆිදෙල් ක්‍රස්තෝගෙන් නිවැරදිව ඉගෙන ගෙන ඇති බව පෙනී යයි.

එලෙසම බොලිවියානු ජනයා තම මව්බිම පළමුකොට තබා බොලිවියානු ජනාධිපතිවරයා මුහුණ දුන් අසීරු දේශපාලන මංසන්ධිය පසුකර යාමට දැක්වූ කැපවීම ලොව සියළුම රටවල අධිරාජ්‍ය විරෝධී ජනයාගේ චිත්ත ධෛර්ය වඩවන බව කිව යුතුමය.

එලෙසම බොලිවියානු ජනයා මුහුණ දුන් අසීරුසහගත මොහොත පසුකර යාමට අමෙරිකානු රාජ්‍ය සංවිධානය ( Organization of American States) අතුළු සංවිධාන මෙන්ම, කියුබාවේ, චිලියේ, වෙනිසියුලාවේ සහ දකුණු අමෙරිකානු කළාපයේ රාජ්‍ය නායකයන් දැක්වූ දායකත්වය දකුණු අමෙරිකානු කළාපයට සැතපුම් දහස් ගණනක් දුරින් සිටින අධිරාජ්‍ය විරෝධී අපගේ චිත්ත ප්‍රිතියට හේතුවිය.  කෙසේ වුවද කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝ 637 වතාවක් ඝාතනය කිරීමට අමෙරිකානු අධිරාජ්‍යවාදීන් ගනු ලැබූ නිහීන උත්සහායන් සළකා බැලීමේදී බොලිවියාට එරෙහි ඔවුන්ගේ මැදිහත් වීම මෙතැනින් අවසන් වන්නේ නැති බව අපගේ විශ්වාසයයි.

2019 දී ඉවෝ මොරලෙස් මහතා වෙත තනතුරු හැරයාමට සැලැස්වූ මත භේදයට තුඩු දුන් බොලිවියානු ජානාධිපතිවරණයෙන් බලයට පත්වූ හිටපු අන්තර්වාර ජනාධිපති ජෙනීන් ඇනෙස් නැවත පාලනයට ගෙන ඒමට එළි දැක්වූ කුමන්ත්‍රණයට ආශීර්වාද කළ සමහර රාජ්‍ය කිහිපයක් සිටින බව මාධ්‍ය මගින් අප දුටුවෙමු. කුමන හේතුවකට හෝ කිසියම් අයෙකු අමෙරිකානු අධිරාජ්‍යවාදීන් මෙහෙයවන කුමන්ත්‍රණ වලට සහයෝගය දෙන්නේ නම් අද යුක්‍රේනයට අත්වී ඇති ඉරණම හැදෑරිය යුතු යැයි අපි අවධාරණය කරමු. අධිරාජ්‍යවාදීන් තමනට සහයෝගය දෙන කුමන මට්ටමේ රටක් හෝ ජාතියක් විනාශ මුඛයට ඊළඟ මොහොතේ ඇදගෙන යනු බව නැවත සිහිපත් කරමු. නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමවේදයට රුසියාව සහ චීනය එකව එල්ල කරන ප්‍රහාරයෙන් ඇද වැටෙන ගෝලිය උතුරේ අනිවාර්ය දඩ බිම් ලතින් අමෙරිකාව, අප්‍රිකාව, ආසියාව සහ යුරෝපයේ ස්වාධීන රාජ්‍යද එකතු වන බව අද වන විට තහවුරු වී තිබේ. ඒ අනුව අමෙරිකානු අධිරාජ්‍යවාදීන්ට ඉතාම සමීපයෙන් සිටිමින් කියුබානු ජනයා තම විප්ලවය සහ තම මව්බිම රැක ගැනීමට ගන්න ධෛර්ය ආදර්ශයට ගැනීම ලතින් අමෙරිකානු රටවලට පාඩු නොවන බව අපගේ හැඟීමයි. 

අප වැනි ආසියානු රටවල අධිරාජ්‍ය විරෝධී ජනයාට බොලිවියානු ජන නායකයන් මෙන්ම බොලිවියානු ජනයා තමන් මුහුණ දෙන තීරණාත්මක දේශපාලන අභියෝගය ජයග්‍රහණයෙන් අවසන් කිරීමට කටයුතු කිරීම මගින් ලබා දුන් ආදර්ශය අපව අතිශයින් ධෛර්යමත් කළ බව සඳහන් කරමු.

අධිරාජ්‍ය විරෝධී ලෝක පරිමාන සටනට ජයවේවා.

Jeewantha Jayatissa,
Bolivarian Solidarity of Sri Lanka



සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාව සමග අත්සන් තබන ලද ගිවිසුම් ජනතාව පාරට බස්සා විරෝධතා කර හැකිනම් ඉල්ලා ගන්නා ලෙස ජාතික ජන බලවේගයේ කඩුවෙල නගරාධිපති අපේක්ෂක රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.
ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය වෙනුවෙන් ජනතාව ගෙන්වීමට බස්රථ විශාල ප්‍රමාණයක් යොදවා තිබූ බව වාර්තා වන අතර, එම බස්රථ වලින් ගාලු මුවදොරට පැමිණි පිරිස් අධිවේගී මාර්ගයේ බස් රථ නවතා ආහාර ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
නවක වධ සිද්ධියක් හේතුවෙන් සිත් තැවුලට පත් විශ්වවිද්‍යාල සිසුවෙකු සිය දිවි හානිකරගෙන තිබේ.
කාශ්මීරයේ පෙහෙල්ගාම් කලාපයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත්වූ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ.
ඊයේ දින සිදු කල පෙට්‍රල් මිල අඩු කිරීම අනුව ත්‍රිරෝද රථ කුලී රථ ගාස්තු අඩු කිරීමට නොහැකි බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය පවසයි.
මැයි 1 වැනිදා සිට බලපවත්වන පරිදි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරය පොලිසියට මාරු කරනු ලැබ ඇති බව වාර්තා වේ.
ඉන්දියා – පාකිස්තාන ගැටුම්කාරී තත්ත්වය යළි දරුණු වී ඇති පසුබිමක පකිස්ථානය හිමිකාරිත්වය දරණ සහ පකිස්ථාන පාලනය යටතේ ඇති සියලුම ගුවන් යානාවලට සිය ගුවන් අවකාශය වසා දැමීමට ඉන්දියානු රජය තීරණය කර ඇත.
ශ‍්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන සතියේ පැවැත්වෙන විරුදින සැමරුම් උත්සවයට සහභාගී වීම සඳහා රුසියාවට නොපැමිණෙන බව ක්‍රෙම්ලිනය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ප්‍රධාන පුවත්

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)

කොළඹ වරායේ ඉන්දියානු යුද නෞකා සහ සබ්මැරීන නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියානු සමාගමකට ලබාදීමට සූදානම් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..

මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..

කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.

ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..

එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)

චීන බාල පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකෙරුණු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල සම්බන්ධයෙන් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අදහස් දක්වමින් පවසන්නේ මහේෂ් ගම්මන්පිල, මෙම ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනු වලට සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.

අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.

ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි

ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..

කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.