News Category
From Date
To Date
Maximum Number of Result

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට සිසුන් බදවා ගැනීමේදී ගැටලු රැසක්... සිසුන්ට බරපතළ අසාධාරණයක් වෙලා - විද්‍යාපීඨ කථිකාචාර්යවරුන්ගේ වෘත්තීය සංගමයෙන් චෝදනා

Jul 5, 2024 at 08:45 AM
|

මෙවර විද්‍යා පිඨ සඳහා සිසුන් බඳවා ගැනීමේ දී  සිසුන්ට බරපතල අසාධාරණයක් සිදුව ඇති බවත්, විද්‍යාපීඨ සඳහා  බදවා ගැනීම මෙතෙක් සිදුකළ ක්‍රමයට පිටින් ගොස් පෞද්ගලික සමාගමක් වෙත පවරා දීම නිසා විනිවිදභාවයක් නොමැති වී ඇති බවත් විද්‍යාපීඨ කතිකාචාර්යවරුන්ගේ වෘත්තීය  සංගමය  චෝදනා නගයි.

මේ සම්බන්ධයෙන් එම සංගමය නිකුත්කර ඇති නිවේදනය පහළින්... 

"අපේ රටේ වැඩ වර්ජන අවම සහ සිසුන් ගැන විශේෂයෙන් සොයා බලන අධ්‍යාපනයට ප්‍රමුඛත්වය දෙන වෘත්තීය සමිතියක් වේ නම් එය රජයේ අධ්‍යාපන විද්‍යාපීඨ  ගුරුවරුන්ගේ වෘත්තීය සමිතියයි.

මෙවර විද්‍යා පිඨ බඳවා ගැනීමේ දී  සිසුන්ට බරපතල අසාධාරණයක් සිදුව තිබේ. 

1. විද්‍යාපීඨ  බදවා ගැනීම මෙතෙක් සිදුකළ ක්‍රමයට පිටින් ගොස් පෞද්ගලික සමාගමක් වෙත පවරා දීම නිසා විනිවිදභාවයක් නොමැති වීම.

2. මෙවර ශාරීරික අධ්‍යාපන විෂයට පමණක් පැරණි ක්‍රමයට සම්මුඛ පරික්ෂණ දෙකක් පවතින අතර අනිත් විෂයන් සදහා online ක්‍රමයෙන් පමණක් අවසන් තෝරාගත් ලැයිස්තුව  අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධ කිරීම.

3. පෙර වසරවල සම්මුඛ පරික්ෂණයට කැදවීම සිදු කරනු ලැබුවේ ලියාපදිංචි තැපැලෙන් වන අතර මෙවර අන්තර්ජාලය සහ SMS හරහා පමණක් සිසුන්ට සහතික පරික්ෂා කිරීමේ  දින දැනුම් දීම තුලින් රටේ පිළිගත් ක්‍රමවේදය වන ලියාපදිංචි තැපෑලෙන් මෙවැනි අතිශයින් වැදගත් තොරතුරක් විධිමත් සහ සුරක්ෂිත ක්‍රමවේදයකට ලබා ගැනීමේ අයිතිය උල්ලංඝනය වී ඇත. බොහෝ දුෂ්කර ප්‍රදේශවල ජීවත්වන සිසුන්ට දැඩි අගතියකට මුහුණ පෑමට සිදුව ඇත. මෙලෙස බහුතරයක් සිසුන්ට පසු දින පැවැත්වෙන සම්මුඛ පරික්ෂණයට පැමිනෙන ලෙස දැනුම් දී ඇත්තේ SMS හරහා පෙර දින රාත්‍රී 9 න් පසුවය. මේ නිසා සිසුන් විශාල අපහසුතාවයන්ට පත් වී ඇත. (මෙමගින් සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත්  නොවන සිසුන් වෙනුවට සුදුසුකම් රහිත වෙනත් සිසුන් යොදා ගැනීමට හැකියාව ලැබීම)

4. onlin ක්‍රමවේදය හරහා ඉතා නිවැරදිව සුදුස්සන් තෝරන බව අමාත්‍යාංශයේ ප්‍රධාන කොමසාරිස්වරිය පුරසාරම් දෙඩුවද සැබෑ තත්ත්වය ඊට හාත්පසින්  වෙනස්‍ ය. ICT පළමු කැමැත්ත ලෙස ඉල්ලු ඒ සදහා ඉහලම සුදුසුකම් ඇති අපේක්ෂකයන්ට තුන්වන කැමැත්ත ලෙස ඉල්ලු ඉංග්‍රීසි  විෂයට තෝරා ගෙන ඇත.

එකම සිසුවා වසර දෙකකින්ම විද්‍යාපීඨ සදහා තේරි ඇති අතර ඒ නිසා වෙනත් සිසුන් රාශියකට අවස්ථාව අහිමි වී ඇත. පෙර වසරවල මේ ආකාරයට එකම නම දෙවරක් එකම විෂය වෙනුවට තේරීම වැලැක්වීමට හරස් පරික්ෂාව නම් ක්‍රමය යොදා ගනියි මෙවර එවැනි ක්‍රමයක් නැති නිසා සිසුන්ට දැඩි අසාධාරණයක් සිදුවේ.

එසේම සිසුන්ට ගැසට් එක අනුව පළමු කැමැත්ත දෙවන කැමැත්ත ආදි ලෙස ඉල්ලුම් කළ හැකි අතර නමුත් මෙම ඔන්ලයින් ක්‍රමවේදය යටතේ ඒ ක්‍රමවේදය  ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මෘදුකාංගය ලියවී  නැති බව පෙනේ.

එසේම මෙම ක්‍රමවේදය විනිවිදභාවයෙන් අඩු බැවින් තේරි පත්වූ අයගේ නාම ලේඛනය පමණක් නොව සමස්ත දත්ත ගොණුවම සෑම අපේක්ෂකයෙකුටම පිවිස පරික්ෂා කිරීමට ඉඩ දිය යුතුය.

මෙහි වඩාත් සැක සහිත කාරණය වන්නේ සම්මුඛ  පරික්ෂණ අවසන් වීමටත් මත්තෙන් වහාම සිසුන් බදවා ගන්නා ලෙස පීඨාධිපතිවරුන්ට බලපැම් කිරීමට ප්‍රධාන කොමසාරිස්වරිය කටයුතු කිරීමයි. එමගින් දූෂණයට ඉඩ ඇති අතර ඇය අමාත්‍යවරයාගෙන් ලකුණු දමා ගෙන දැනට දරණ වැඩ බලන ප්‍රධාන කොමසාරිස්කම ස්ථිර කර ගැනීමට උත්සාහ කරන බව පෙනේ 

එසේම පීඨ බහුතරයක මේ වන විට පළමු වසර සිසුන්  බදවා ගැනීමට අවශ්‍ය පහසුකම් සංවිධානය වී නැත. නිල්වලා පීඨයේ භෝජනාගාරය අලුත් වැඩියා කරමින් පවති. මුලුතැන් ගෙය අලුත්වැඩියා කරමින් පවති දැනට පීඨ තුළ සිටින සිසුන් සදහා ආහාර සකස් කරන්නේද ඉතා අපහසුවෙනි. බොහෝ පීඨවල හොස්ටල් අලුත්වැඩියා කරමින් පවතින අතර පීඨාධිපතිවරුන් සත්‍ය තත්ත්වය වසන් කරන්නේ  ප්‍රධාන කොමසාරිස්ගෙන් ලකුණු දමා ගැනීමටය. විවිධ චෝදනාවලට විගණන විමර්ශනවලට ලක්ව සිටින පීඨාධිපතිවරුන් කිහිප දෙනෙකු ප්‍රධාන කොමසාරිස්ගේ අණට යටත්ව පීඨවල පවතින සත්‍ය  තත්ත්වය වසන් කර පහසුකම් ඇති නිසා ඕනෑම වෙලාවක සිසුන් බදවා ගත හැකි යැයි පුරසාරම් දොඩන්නේ තම වරදවල්වලට අමාත්‍යාංශයේ සමාව ලබා ගැනීමට බව පද්ධතියේ සියලු දෙනා දනිති.

එසේම දැනට විද්‍යාපීඨ ඉගෙනුම ලබන සිසුන්ට ආහාර සදහා රුපියල් 8000ක් දෙන බව ප්‍රධාන කොමසාරිස් ඇතුලු අධ්‍යාපන අමාත්‍යාංශයේ අය මාධ්‍ය මගින් පුරසාරම් දෙඩුවද ඊට සතියකට පසු ඔවුන් පැවසුවේ මුදල් නොමැති නිසා රුපියල් 4800 පමණක් දිගටම ලබා දෙන බවත් ඉන් පුලුවන් විදිහට ශික්ෂණලාභීන්ට කන්න දෙන ලෙසත්ය. මේ තත්ත්වය තුළ ශික්ෂණලාභීන් කණ්ඩායම් දෙකක් වූ විට කෑම ලබා දීම කෙසේ කරන්නේද?

මේ පිළිබඳ  සොයා බලා මේ රටේ අනාගතය තීරණය කරන සිසු දරුවන්ට උගන්වන ගුරු සිසු දරුවන්ට වූ අසාධාරණයට සාධාරණයක් ඉටුකර දෙන ලෙස ඉල්ලා සිටිමු."

විද්‍යාපීඨ කථිකාචාර්යවරුන්ගේ වෘත්තීය සංගමය

එවා ඇති SMS පණිවිඩ පහළින්...




සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාව සමග අත්සන් තබන ලද ගිවිසුම් ජනතාව පාරට බස්සා විරෝධතා කර හැකිනම් ඉල්ලා ගන්නා ලෙස ජාතික ජන බලවේගයේ කඩුවෙල නගරාධිපති අපේක්ෂක රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.
ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය වෙනුවෙන් ජනතාව ගෙන්වීමට බස්රථ විශාල ප්‍රමාණයක් යොදවා තිබූ බව වාර්තා වන අතර, එම බස්රථ වලින් ගාලු මුවදොරට පැමිණි පිරිස් අධිවේගී මාර්ගයේ බස් රථ නවතා ආහාර ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
නවක වධ සිද්ධියක් හේතුවෙන් සිත් තැවුලට පත් විශ්වවිද්‍යාල සිසුවෙකු සිය දිවි හානිකරගෙන තිබේ.
කාශ්මීරයේ පෙහෙල්ගාම් කලාපයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත්වූ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ.
ඊයේ දින සිදු කල පෙට්‍රල් මිල අඩු කිරීම අනුව ත්‍රිරෝද රථ කුලී රථ ගාස්තු අඩු කිරීමට නොහැකි බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය පවසයි.
මැයි 1 වැනිදා සිට බලපවත්වන පරිදි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරය පොලිසියට මාරු කරනු ලැබ ඇති බව වාර්තා වේ.
ඉන්දියා – පාකිස්තාන ගැටුම්කාරී තත්ත්වය යළි දරුණු වී ඇති පසුබිමක පකිස්ථානය හිමිකාරිත්වය දරණ සහ පකිස්ථාන පාලනය යටතේ ඇති සියලුම ගුවන් යානාවලට සිය ගුවන් අවකාශය වසා දැමීමට ඉන්දියානු රජය තීරණය කර ඇත.
ශ‍්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන සතියේ පැවැත්වෙන විරුදින සැමරුම් උත්සවයට සහභාගී වීම සඳහා රුසියාවට නොපැමිණෙන බව ක්‍රෙම්ලිනය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ප්‍රධාන පුවත්

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)

කොළඹ වරායේ ඉන්දියානු යුද නෞකා සහ සබ්මැරීන නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියානු සමාගමකට ලබාදීමට සූදානම් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..

මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..

කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.

ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..

එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)

චීන බාල පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකෙරුණු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල සම්බන්ධයෙන් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අදහස් දක්වමින් පවසන්නේ මහේෂ් ගම්මන්පිල, මෙම ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනු වලට සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.

අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.

ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි

ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..

කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.