නඩුව වැරදියි... ජනමත විමසුමකින් තොරව ජනපතිවරණය කල් දාන්න බෑ - උදය ගම්මන්පිල
ජනමත විචාරණයකින් තොරව එලඹෙන ජනපතිවරණය කල් දැමීමට හැකියාවක් නොමැති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
නඩුව වැරදියි. ජනමත විමසුමකින් තොරව ජනපතිවරණය කල් දාන්න බෑ
ජනපතිවරණය පැවැත්විය යුතු දිනය පිළිබඳ ව්‍යවස්ථාවේ ව්‍යාකූලත්වයක් තිබෙන නිසා ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දෙන තුරු ජනපතිවරණය පැවැත්වීම වලක්වන්න කියලා ව්‍යාපාරිකයෙක් උසාවි ගිහින්. මේ නඩුවට කිසිම නීතිමය පදනමක් නැති නිසා බොහෝ දෙනෙක් මේක නොසලකා හරිවි. නමුත් අතීත අත්දැකීමක් නිසා අපි නම් මේකට දැඩි අවධානයක් යොමු කරනවා. 2023 පුංචි ඡන්දය ප්‍රකාශයට පත් කරපු වෙලාවේ එජාපයට සම්බන්ධ විශ්‍රාමික හමුදා නිලධාරියෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරලා කිව්වා, ආර්ථික අර්බූදය නිසා ආණ්ඩුවට සල්ලි නෑ. ඒ නිසා ඡන්දය පවත්වන්න එපා කියලා. හැමෝම ඒ නඩුවට හිනා වුණා. නමුත් අන්තිමේ දී ආණ්ඩුවත් උසාවියට ඇවිත් ඉදිරිපත් කලේ ඒ තර්කයමයි. කොහොම හරි දී පුංචි ඡන්දය අතුරුදහන් වුණා. අදටත් සොයා ගන්න නෑ.
මේ නඩුවේ පදනම වෙලා තිබෙන්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනපති ධූර කාලය වසර හයේ සිට වසර පහ දක්වා අඩු කලත් ඒ අනුව 83(ආ) වගන්තියේ තිබෙන සය අවුරුදු කියන වචනය පස් අවුරුදු කියා සංශෝධනය කරන්න අසමත් වීමෙන් ව්‍යාකූලත්වය ඇති වෙලා කියන එකයි. ජනාධිපති ධූර කාලය පිළිබඳ කියන්නේ 30(2) වගන්තියේ. එතැන ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර පහක් කියලා සංශෝධනය කරලා තිබෙනවා. 83 (ආ) වගන්තියේ විධිවිධාන තිබෙන්නේ ජනාධිපති ධූර කාලය දිගු කරනවා නම් ගත යුතු ක්‍රියාමාර්ග ගැන.
අපි දැන් 83(ආ) වගන්තියේ කියන්නේ මොකද්ද කියලා බලමු. ඒකෙන් කියන්නේ 30(2) වගන්තිය සංශෝධනය කරන්න හෝ ඊට පටහැනි විධිවිධාන අඩංගු කරලා හෝ ජනාධිපති ධූර කාලය වසර හය ඉක්මවීමට හෝ ගෙනෙන පනතක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයෙන් සම්මත කරනවාට අමතරව ජනමත විචාරණයක දී ජනතාවගේ අනුමැතිය ගන්න ඕනි බවයි. වසර හයක් ඉක්මවා ජනාධිපතිගේ ධූර කාලය දිගු කරන්නයි ජනතා අනුමැතිය ඕනි. නමුත් රනිල් ජනාධිපතිගේ ධූර කාලය වසර පහේ සිට හය දක්වා දිගු කිරීමට ජනතා අනුමැතියක් ඕනෑ නෑ කියන එක තමයි නඩුවේ තර්කය.
නමුත් ඒක වැරදි තර්කයක්. මේ වගන්තියේ කරුණු තුනක් ජනමත විචාරණයකට යටත් කරලා තිබෙනවා. ඒ අතරේ ජනාධිපතිගේ ධූර කාලය වසර පහකි කියා සඳහන් 30(2) වගන්තිය සංශෝධනය කිරීමත් තිබෙනවා. ජනාධිපතිගේ ධූර කාලය වසර පහේ සිට හය දක්වා දිගු කිරීමට නම් 30(2) වගන්තිය සංශෝධනය කරන්න ඕනෑ. ඒකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයට අමතරව ජනමත විමසුමක දී ජනතාවගේ අනුමැතිය අවශ්‍ය බවත් මේ වගන්තියේ ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා. ඉදිරියේ දී මේ නඩුවට මැදිහත් වෙලා නඩුව පරාජය කරන්න අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..