මගේ ස්ථාවරය ජනපති ධුර කාලය අවුරුදු 5යි... නඩුව දැම්මෙ මගෙන් අහල නෙවෙයි - ජනපති රනිල් කියයි
ජනාධිපති ධුර කාලය පිළිබඳව ශ්‍රෙෂ්ඨාධිකරණය අර්ථකථනයක දෙන තුරු මෙම වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා දිනයක් ප්‍රකාශයට පත්කිරීම වළක්වන්නැයි ඉල්ලා ව්‍යවසායකයකු වන චමින්ද්‍ර දයාන් ලේනව මහතා ශ්‍රෙෂ්ඨාධිකරණයට ඊයේ (03) පෙත්සමක් ගොනුකළේය.
පෙත්සම්කරු ඉල්ලා තිබුණේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1), 82 (6), 3, 4, 118 සහ 125 වගන්ති සමඟ කියවිය යුතු 126 වැනි වගන්ති ප්‍රකාරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයෙහි 3 වන වගන්තිය මඟින් සංශෝධනය කරන ලද 30 (2) වැනි වගන්තිය අර්ථ නිරූපනය නොකළ යුතු බවට වන නියෝගයක් නිකුත් කරන ලෙසය.
ඒ අනුව විපක්ෂයේ පාර්ශ්ව රැසකින් ඊයේ ජනාධිපතිවරායට චෝදනා එල්ල කෙරුණේ මෙය ජනපතිවරයාගේ ඡන්ද කල්දැමීමේ ප්‍රයත්නයක් ලෙස පෙන්වා දෙමිනි.
කෙසේවෙතත් අද නිවේදනයක් නිකුත් කළ ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර තිබුණේ, ජනාධිපති ධුර කාලය වසර 05කට සීමාවන්නේය යන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්ථාවරය වී ඇති බවය.
එසේම 2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා වන මැතිවරණ කොමිෂන් සභාවේ තීරණයට තමන් සහාය පළ කරන බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
පෙත්සම්කාර පාර්ශ්වය මෙම පෙත්සම ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ ගොනුකිරීමට පෙර තමාගෙන් හෝ තමාගේ නීතීඥවරුන්ගෙන් මේ පිළිබඳ අදහස් විමසීමක් හෝ උපදෙස් ලබාගැනීමක් සිදුකර නොමැති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..