
ඉදිරි සති කිහිපයේ දී මත්තල ගුවන්තොටුපොළ රුසියානු – ඉන්දියා හවුල් ව්‍යාපාරයකට ලබාදෙනවා - ඇමැති සිරිපාල ද සිල්වා කියයි
අතිවිශාල පාඩුවක් ලබන මත්තල ගුවන්තොටුපොලේ කළමනාකාරීත්වය ඉදිරි සති කිහිපය තුළ රුසියානු – ඉන්දියා හවුල් ව්‍යාපාරයකට ලබාදීමට කටයුතු කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුගතකරණය කිරීම මිස විකිණීමට කටයුතු නොකරන බවද අමාත්‍යවරයා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
"ශ්‍රී ලංකාවේ නීතියට අනුවත් වෙනත් සමාගමකට ලබාදිය හැකි වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස්වලින් 49%ක් පමණයි. නමුත් ඒ සඳහා ලෝකයේ පවතින උනන්දුව අවමයි. ඊට ඉදිරිපත් වූයේ 06 දෙනෙකු පමණයි. ඒ අතරින් සුදුස්සකු අපට හමු වුණේ නැහැ. ශ්‍රී ලාංකික ව්‍යවසායකයකු සඳහා එම අවස්ථාව ලබා දීමට හැකි වුවත් ඊට ඇති හැකියාව සනාථ කළ යුතු වෙනවා.
මීට අමතරව ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) ලබන සතියේදී ඔවුන්ගේ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි. මෙය ද ණය ප්‍රතිව්‍යුගතකරණයේ තවත් එක් ප්‍රතිලාභයක් බව කිව යුතුයි. ගුවන්තොටුපොළ ව්‍යාපෘතිය සඳහා චීන සමාගම් ඉදිරිපත් වී තිබුණත් ජපානය සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම් අනුව එම කොන්ත්‍රාත් ලබාදිය යුත්තේ ජපන් සමාගම්වලටයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)
විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
