News Category
From Date
To Date
Maximum Number of Result

මහාචාර්ය ගෝමික උඩුගමසූරිය නිවැරදියි... වඩා නිවැරදි වීමේ "ක්වොන්ටම් පොටෙන්ෂල්" එකක්ද පවතිනව - ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස

Jul 3, 2024 at 01:10 PM
|

මහචාර්ය ගෝමික උඩුගමසූරිය කණ්ඩායම ජාතික ජන බලවේගයේ ආරාධනයෙන් ඔවුන්ගේ "රිසර්ච් සහ ඩිවලප්මන්ට් පොලිසිය" සාදා ඇති බවත් එය ජනගත කිරීම ඊට සුදුසු ප්‍රචාරයක් දී සිදුකිරීම ඉතා නිවැරදි බවත් එසේම වඩා නිවැරදිව කිරීමේ "ක්වොන්ටම් පොටෙන්ෂල්" එකක්ද පවතින බවත් යසස් ධර්මදාස මහතා පවසයි. 

මේ සම්බන්ධයෙන් ඒ මහතා සිදුකරන  සම්පූර්ණ ප්‍රකාශය පහළින්,

"මහාචාර්ය ගෝමිකයන් විසින් ජාතික ජන බලවේගය වෙනුවෙන් ඔවුන් විසින් සම්පාදිත තාක්ෂණික කටයුතු සඳහා වන "රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට්" ප්‍රතිපත්ති ප්‍රකාශනය පසුගිය දින උත්කර්ශවත් ලෙසින් එලි දක්වන ලදී. එහිදී ප්‍රධාන දේශණයේදී ඔහු සඳහන් කලේ නෑ එය ජාතික ජන බලවේගයේ ඉල්ලීම පරිදි සිදුකරන ලද බව. එසේ ඉල්ලීමක් නොකර ස්වාධීනව ඉදිරිපත් කරන ලද්දක් වෙනත් කණ්ඩායමක් සතුකර ගැනීමේ උත්සාහයක් ඇත්නම් එය බුද්ධිමය දේපොළ හොරකමක් ලෙසයි මා කලින් සඳහන් කරේ. ප්‍රධාන දේශණයෙන් බැහැරව ගෝමිකයන් විසින් සිදුකරන ප්‍රකාශයේදී එතුමා පවසනව අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීම අනුව ඔහු ඇතුළු විද්වතුන් කණ්ඩායමක් විසින් එම ප්‍රතිපත්ති මාලාව සම්පාදනය කළ බව. එබැවින් මෙහිදී බුද්ධිමය දේපොළ වංචාවක් සිදුව නැහැ. එබැවින්, මහාචාර්ය ගෝමිකයන් ඇතුළු කණ්ඩායම මෙහිදී අනුගමනය කළ ක්‍රියාව නිවැරදියි. තම කණ්ඩායම විසින් සම්පාදිත "රිසර්ච් ඇන්ඩ් ඩ්වලොප්මන්ට් සඳහා වන ප්‍රතිපත්ති ප්‍රකාශනය" අති උත්සවාකාරයෙන් ඊට අනුග්‍රහය දැක්වූ පාර්ශවයේ වේදිකාවකදී එලි දැක්වීම ඉතාමත්ම යෝග්‍ය සහ නිවැරදි කටයුත්තක්.

ඉදිරිපත් කර ඇති ලියවිල්ලේ කුමන අඩු ලුහුඬුකම් තිබුනිද එය, එනම් එළිදැක්වීමේ ක්‍රියාවලිය, මවිසින් විශේෂයෙන් මෙහි සඳහන් කරන්නේ අපට අතීතයේදී නිවැරදිව කිරීමට නොහැකිවූ කාර්‍යයක් ගෝමිකයන් ඇතුලු කණ්ඩායම තරමක් දුරට හෝ නිවැරදිව කර ඇති බව පෙනෙන නිසා සහ එය තවදුරටත් නිවැරදිව කිරීමේ "ක්වොන්ටම් පොටෙන්ෂල්" එකක් පවතින බැවිනුයි.

අඩු ලුහුඬු කම් ලෙස මට ප්‍රථමයෙන්ම පෙනුනෙ ශ්‍රී ලංකවේ "රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට්" වෙනුවෙන් වෙන්කර ඇති මුදල පිළිබඳව කර ඇති සන්සංදනයයි. ඇත්ත වශයෙන්ම එම මුදල් ප්‍රතිශතය දල දේශීය නිශ්පාදනයට සාපේක්ෂව 0.12% වන්නේ 2020 වසරේදී ඒ සඳහා වියදම් කර ඇති මුදලයි. ඒ වසරේදී ඉන්දියාව විසින් වියදම් කර තිබුනේ 0.64% ක ප්‍රමාණයක්. ඔබ දන්නව 2020 වසර කියන්නෙ ශ්‍රී ලංකාවට ඉතාමත්ම උවදුරු සහිත වසරක්. ඊට මුළු ලෝකයට බලපා තිබුන කොවිඩ් වසංගත තත්ත්වයට අමතරව 2019 වසරේ පාස්කු ප්‍රහාරයෙන් සිදුවූ දරුණු වැටීමත් යහපාලන රජයේ අදූරදර්ශී ආර්ථික කළමනාකරණය හමුවේ සංවර්ධන දර්ශකය සෘණ අගයක් කරා රැගෙන යමින් තිබූ වර්ෂයක් ලෙසත් සටහන්ව තිබීමයි. එවන් වාතාවරණයක් ඉන්දියාවේ පැවතුණේ නෑ. එබැවින් "රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට්" සඳහා දල දේශීය නිශ්පාදනයෙන් 0.12% හෙවත් රුපියල් මිලියන 18 දාහකට වැඩිය වියදම් කිරීමට හැකිවීම ජයග්‍රහණයක් ලෙස දැකිය හැකියි. ඒ වසරේදී මාස හතරක කාලයකට රට වසා තබා තිබුන බවත් අමතක කළ නොහැකියි. 

අනෙක් කාරණා වන්නේ ශ්‍රී ලංකාවේ "සංචාරක ව්‍යාපාරය" දියුණු කිරීම සඳහා සිදුකළ යුතු "R&D" පිළිබඳව සාධනීය කිසිවක් එහි සඳහන් නොකිරීමයි. ගොවිතැන යටතේ සංචාරක කලාප සිතියම් ගත කරන්නේ යැයි පමණක් සඳහන් වීම සෑහේ යැයි සිතන්න අපහසුයි. අප දුටුව අනුර කුමාර දිසානායක මහතාගේ කැනඩා සංචාරයේදී එතුමාගෙන් සංචාරක ව්‍යාපාරයේ දශක ගණනාවක් නියුතු පුද්ගලයෙක් ප්‍රශ්ණ කරනව "කෲස් සංචාරක ව්‍යාපාරය" දියුණු කරන්න මොනවද කරන්නෙ කියල. එවිට අනුර කුමාර දිසානායක මහත පවසනව "හෝටල් ටුවරිස්ම්" එකක් ගැන හා හෝටල්වල ගාන වැඩිනම් "අහස්‍ යාත්‍රාවේ නවාතැන් ගැනීමක්" පිළිබඳව. එසේම "ඇල්ල" නැරඹීම පිළිබඳවද එතුමා පවසන්නෙ එකවරක් දෙවරක් ඇල්ල නරඹපු පසුව නැවත ඇල්ලෙ වාහනය නැවැත්වීමට කිසිදු හේතුවක් නොවන බවයි. නමුත් වසරකට වරක් හෝ දෙවරක් පමණක් ශ්‍රී ලංකාවේ නිවාඩුව ගතකරන අප දන්නව ඇල්ල ආශ්‍රිතව කෙතරම් දියුණු සංචාරක කලාපයක් සහ ක්‍රියාකාරකම් පවතින්නේද යන වග. එසේනම්, සංචාරක ව්‍යාපාරය පිළිබඳව ඉතා විස්තීරණ "R&D" ප්‍රතිපත්ති මාලාවක් මේ "විද්‍යා හා තාක්ෂණය" සඳහාවූ "R&D" ප්‍රතිපත්ති ප්‍රකාෂණයට ඇතුලත් කරන්න තිබුන. කවුරු හෝ තර්ක කරන්න හැකියි සංචාරක ව්‍යාපාරයට විද්‍යාව හා තාක්ෂණය අදාල නැහැ කියල. එසේනම් ඉතිහාසය, සංස්කෘතිය හා උරුමය කෙසේද මේ "R&D" ප්‍රතිපත්ති මාලාවට අදාල වෙන්නෙ කියා ප්‍රශ්ණ කරන්නත් හැකියි.

ප්‍රධාන වශයෙන්ම "R&D" අවධානය යොමුකළ යුතු පැති ගණනාවක් තියෙනව. එනම් "වරාය නගරයට" කුමක්ද කරන්නෙ, හම්බන්තොට වරාය ආශ්‍රිතව මොනවද කරන්නෙ, "එන්ටර්ටේන්ට්මන්ට්", "හොස්පිටලිටි කර්මාන්තය" ආදී බොහෝ පැති වලට සිදුකළ යුතු "R&D" ප්‍රතිපත්ති සෑදිය යුතුයි. මම මෙයින් අදහස් කරන්නෙ නෑ දැනටමත් එවන් ප්‍රතිපත්ති නොමැති බවක්. ඉහතින් පවසා තිබුන 0.12% තුල ඒ සඳහා යම් කිසි වෙන්කිරීමක් ඇති. නමුත් "කෲස් සංචාරක ව්‍යාප්තිය" හා "ඇල්ල කලාපය වැනි කලාපවල සංචාරක ආකර්ෂණය ඇදගැනීම වර්ධනය" ආදිය සඳහා අනිවාර්යයෙන්ම සොයා බැලීමක් අලුතෙන්ම සිදුකිරීමට අවශ්‍යයි.

තවත් සංකූලතාවයක් ඇති ප්‍රමුඛතා ලයිස්තුවේ ක්‍රියාකාරකම් ලෙසට හඳුන්වා ඇති කොටස වන්නේ අංක 6 දරණ කොටසයි. එහි අන්තර්ගතව ඇත්තේ "ජාතික ආරක්ෂාව, ආර්ථික, ගෝලීය දේශපාලනය, පොදු හා ජාත්‍යන්තර සබඳතා" ලෙස දක්වා ඇති කොටසේ "R&D" ප්‍රතිපත්තිය පිළිබඳවයි. එහි සඳහන් වන්නේ "මෙම කොටස් ඉතා සංවේදී, ජාතික අවශ්‍යතාවලට ඉතා තදින් බලපාන, බැවින් ඒ සඳහා කටයුතු කිරීමට අවශ්‍ය පිරිස් බලය ලබාදීමට කටයුතු කල යුතුයි" කියා පමණයි. 

එක අතකින් තමුන් නොදන්නා දෙයක් පිළිබඳව අත නොගැසීම මහාචාර්‍යතුමා ඇතුළු කණ්ඩායමේ ඉතා හොඳ ගුණයක්. සානාන්‍යයෙන් විද්වතුන් "අල්ට්‍රා වෛරස්" වෙන්න කැමති නෑ. එසේම අංක 6 කොහෙත්ම "ඇකෂන් ප්‍රයරටි" ලයිස්තුවේ සටහන් නොකර "ඉදිරියේදී සළකා බැලියයුතු" ලයිස්තුවක් යටතේ සඳහන් කරන්න හැකි උනානම් ලියවිල්ලේ විශ්වාසනීයත්වය වැඩිවෙන්න ඉඩ තිබුන.

කෙසේවුවද, මෙයින් පැහැදිලි වෙන ප්‍රධාන ලක්ෂණය වන්නේ පක්ෂයක් ලෙස ජාතික ජනබල වේගය සතුව "ජාතික ආරක්ෂාව, ආර්ථික, ගෝලීය දේශපාලනය, පොදු හා ජාත්‍යන්තර සබඳතා" පිළිබඳව අරමුණු කරගෙන සිටියේ හෝ අරමුණු කරන්නේ කුමක්දැයි මේ "ක්වොන්ටම් ලීප්" ප්‍රකාෂණ අවස්ථාවේද පවා නොතිබුන බවද?.

"ආර්ථිකය" පිළිබඳව ජාතික ජන බලවේගයේ ස්ථාවරය "කලින් කලට නායකයින් පවසන දේ" යැයි අර්ථකථනය කර ඇති පසුබිමක් තුල "ආර්ථිකය" කළමනාකරණය කරන්නට සැළසුම් කිරීමට අවශ්‍ය "R&D" ප්‍රතිපත්තියවත් නොමැති වීම ජාතික ජන බලවේගය "ක්වොන්ටම් ලීප්" යක් ලැබුවා යැයි හිතන මොහොතේවන් නොමැති වීම කෙසේ විග්‍රහ කරන්නේද යන්න පැහැදිලි නැත.

ඉහතදී මා "අපට අතීතයේදී නිවැරදිව කිරීමට නොහැකිවූ කාර්‍යයක්" ලෙස සඳහන් කරේ කුමක්ද කියා පැහැදිලි කිරීමක් කළයුතුයි කියා සිතමි.

වසර 2019 සැප්තැම්බර් මස 16 වන දින අපගේද දායකත්වයෙන්, ජාතික විද්වත් භික්ෂු සංසදයේ මූලිකත්වයෙන් පිහිටුවන ලද "මහජන කොමිසමේ වාර්තාව" හෙවත් "නූතන දස පනත" හෙවත් "සම්මුතියේ මාලිමාව" බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එවකට ජනාධිපති අපේක්ෂක වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට උත්සවාකාරයෙන් පිළිගන්වන ලදී. එදින වාර්තාවේ පෙළගැස්වීමේ දෝශයක් හේතුවෙන් මූලික වාර්තාව එලි නොදක්වන ලද නමුදු පසුව පෙලගැස්වීම නිවැරදි කර එතුමාට වාර්තාව බාර දෙන ලදී. ඇත්ත වශයෙන්ම ගෝමිකයන්ගේ ප්‍රතිපත්ති මාලාව සම්පාදනයට විද්‍යාඥයින් ලොව දස දෙසින් දායක වූවා සේම මෙම මහජන කොමිසම සඳහාද විද්වතුන් සහ ආයතන 61 ක අදහස්, යෝජනා හා මාර්ගෝපදේශය ලැබුනා. මෙම වාර්තාව "නූතන දස පනත නම් වූ දාර්ශනික සහ සංකල්පීය මග පෙන්වීම මත යෝජිත දස වැදෑරුම් උපායමාර්ගික රාමුව" කින්ද, ඒ සඳහාවූ වගන්ති 339 කින් සමන්විත "ක්‍රියාකාරකම් සහ වැඩ සටහන් යෝජනාවලිය සහ ඊට අදාළ ප්‍රතිපත්තිමය මග පෙන්වීම" කින්ද, 17 ක් වූ "හඳුන්වා දිය යුතු නව නීතිමය රාමු" වකින්ද, 18 ක් වූ "සංශෝධනය කළ යුතු නීතිමය රාමු" වකින්ද, අතුරු යෝජනා 100 කින්ද සමන්වෘත වුනා.

දස වැදෑරුම් උපායමාර්ගික රාමුවේ එක අංකයක් උනේ "වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමේ ව්භවය සහිත නව නිර්මාණ හඳුනාගැනීම සඳහා ජාතික මට්ටමින් විද්වත් කමිටුවක් පත් කිරීම සහ ඒවා වැඩි දියුණු කොට වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය දැනුම සහ පුහුණුව විශ්වවිද්‍යාලය සහ තාක්ෂණික ආයතන පද්ධතිය මගින් ලබාදීම" යි. අද ඒ විද්වත් කමිටුවේ කාර්‍යභාරය මහාචාර්‍ය ගෝමිකයන් ඇතුලු කණ්ඩායම තරමක් දුරට හෝ සිදුකර තියෙනව.

තවද, ගෝමිකයන්ගේ ප්‍රකාෂණයේ "ජාතික ආරක්ෂාව" පිළිබඳ කොටසේ ඇත්තේ "ඒ පිළිබඳව සොයා බැලීමට අවශ්‍ය පිරිස් බලය ලබාදීම" ක් ගැන පමණක් උවද, "සම්මුතියේ මාලිමාවේ" ඒ සඳහා වගන්ති 11 කින් සමන්විත යෝජනා මාලාවක් අන්තර්ගතව ඇත. එසේම දේශීය ආර්ථිකය, විදේශීය වෙළඳාම සහ ගෝලීය දේශපාලනය පිළිබඳවද යෝජනා රැසක් "සම්මුතියේ මලිමාවේ" අන්තර්ගත වේ.

ජාතික විද්වද් භික්ෂු සංසදය විසින් ස්වාධීනව සාදනු ලැබූ එම සම්මුතියේ මාලිමාවේ පිටපතක් කවුරුන් විසින් හෝ කරු ජයසුරිය මහතාට ලබා දී තිබුන. එතුමා විසින් මෙම වාර්තාව අගයකර තිබුන බවක් පසුව දැනගැනීමට ලැබුන. එදා අපට සිදුකළ යුතුව තිබුනේ පොදුවේ සියළු පක්ෂ හා දේශපාලඥයින් වෙත එම වාර්තාව ලබාදීමයි. එසේ වූවානම් පක්ෂ පාට භේදයකින් තොරව අපගේ යෝජනා පිළිබඳව අවධානය යොමු කිරීමට දේශ හිතෛශී සියළුම පක්ෂ හා දේශපාලකයින් හට හැකියාව ලැබෙනට ඉඩ තිබුන.

අද එම වරද මහාචාර්‍ය ගෝමිකයන්ගේ පාර්ශවයෙන් යම්කිසි දුරකට සිදුවෙනු දැක්ම පිළිබඳව කනගාටුවක් ඇති වෙනව. යම් හෙයකින් මහාචාර්‍යතුමාලා හිතන ආකාරයට ජාතික ජන බලවේගයට ජයග්‍රහණය කිරීමට නොලැබුනොත් ඔවුන්ගේ උත්සාහයද අපගේ උත්සාහය මෙන්ම අපතේ යනු ඇති. එම වරද නිවැරදි කර ගැනීමේ "ක්වොන්ටම් පොටෙන්ෂල්" එකක් එතුමාල සතුව පවතිනව.

අපගේ "සම්මුතියේ මාලිමාව" හුදු "R&D" ප්‍රතිපත්ති යෝජනාවලියක් නොව, රටක් ජයග්‍රහණය සඳහා රැගෙන යා හැකි සංයුක්ත යෝජනා හා ප්‍රතිපත්ති පද්ධතියක්ම විය. අද හෝ කුමනම පාර්ශවයකින් එම වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා යොමුවන්නේනම් එය එම පාර්ශවයන්ට සැබෑටම ලැබෙන "ක්වොන්ටම් ලීප්" එකක් වනු ඇත. 

දැනට දේශපාලකයෙක් හා නායකයෙක් වශයෙන් සම්මුතියේ මාලිමාව පිළිගෙන තියෙන්නේ කරු ජයසූරිය මැතිතුමා පමණයි යන්න අපගේ හැඟිමයි. යම් හෙයකින් එතුමා හා එතුමා නියෝජනය කරන පක්ෂය අප මේ වෙනවිට ඉදිරිපත් කර ඇති "ජාතියට එක න්‍යාය පත්‍රයක්" සඳහාවූ කරුණු වලට සාර්ථකව ප්‍රතිචාරය දක්වන්නේනම් රටේ ඊළඟ නායකත්වයට එතුමාගෙන් විශාල කාර්‍යභාරයක් ඉටුවීමේ ප්‍රභවයක් පවතිනව."

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාව සමග අත්සන් තබන ලද ගිවිසුම් ජනතාව පාරට බස්සා විරෝධතා කර හැකිනම් ඉල්ලා ගන්නා ලෙස ජාතික ජන බලවේගයේ කඩුවෙල නගරාධිපති අපේක්ෂක රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.
ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය වෙනුවෙන් ජනතාව ගෙන්වීමට බස්රථ විශාල ප්‍රමාණයක් යොදවා තිබූ බව වාර්තා වන අතර, එම බස්රථ වලින් ගාලු මුවදොරට පැමිණි පිරිස් අධිවේගී මාර්ගයේ බස් රථ නවතා ආහාර ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
නවක වධ සිද්ධියක් හේතුවෙන් සිත් තැවුලට පත් විශ්වවිද්‍යාල සිසුවෙකු සිය දිවි හානිකරගෙන තිබේ.
කාශ්මීරයේ පෙහෙල්ගාම් කලාපයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත්වූ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ.
ඊයේ දින සිදු කල පෙට්‍රල් මිල අඩු කිරීම අනුව ත්‍රිරෝද රථ කුලී රථ ගාස්තු අඩු කිරීමට නොහැකි බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය පවසයි.
මැයි 1 වැනිදා සිට බලපවත්වන පරිදි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරය පොලිසියට මාරු කරනු ලැබ ඇති බව වාර්තා වේ.
ඉන්දියා – පාකිස්තාන ගැටුම්කාරී තත්ත්වය යළි දරුණු වී ඇති පසුබිමක පකිස්ථානය හිමිකාරිත්වය දරණ සහ පකිස්ථාන පාලනය යටතේ ඇති සියලුම ගුවන් යානාවලට සිය ගුවන් අවකාශය වසා දැමීමට ඉන්දියානු රජය තීරණය කර ඇත.
ශ‍්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන සතියේ පැවැත්වෙන විරුදින සැමරුම් උත්සවයට සහභාගී වීම සඳහා රුසියාවට නොපැමිණෙන බව ක්‍රෙම්ලිනය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ප්‍රධාන පුවත්

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)

කොළඹ වරායේ ඉන්දියානු යුද නෞකා සහ සබ්මැරීන නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියානු සමාගමකට ලබාදීමට සූදානම් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..

මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..

කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.

ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..

එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)

චීන බාල පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකෙරුණු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල සම්බන්ධයෙන් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අදහස් දක්වමින් පවසන්නේ මහේෂ් ගම්මන්පිල, මෙම ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනු වලට සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.

අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.

ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි

ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..

කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.