
බලය බෙදිය යුතු ආකාරය ගැන සම්බන්ධන්ට ඔහුගේම මතයක් තිබුණා... ඔහු වෙනුවෙන් කළ හැකි ඉහළම කාර්ය එම වැඩකටයුතු අවසන් කිරීමයි - ජනපති රනිල් කියයි
දෙමළ ජාතික සන්ධානයේ නායක, අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් පෙනී සිටි බවත්, බලය බෙදිය යුතු ආකාරය පිළිබඳ ඔහුට ඔහුගේම වූ මතයක් තිබූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඒ වෙනුවෙන් ඔහු ප්‍රමාණවත් වැඩ කොටසක් ඉටුකළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ආර්. සම්බන්ධන් මහතා වෙනුවෙන් අපට කළ හැකි ඉහළම කාර්යය වන්නේ ඒ වෙනුවෙන් වු වැඩකටයුතු සාර්ථකව අවසන් කිරීම බවද වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ, ආර්. සම්බන්ධන් මහතාගේ හදිසි අභාවය පිළිබඳ සිය ශෝකය පළ කරමින් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.
"මම මේ කතාව සිදුකරන අවස්ථාව වන විට එදා මා සමඟ පාර්ලිමේන්තුවට පැමිණි අයගෙන් ඉතිරිව සිටි සඟයෙකු වන සම්බන්ධන් මන්ත්‍රීතුමා තවදුරටත් අප අතර නැහැ. ඉතා දුෂ්කර කාලපරිච්ඡේදයන් තුළ එතුමා සමඟ එකට වැඩකිරීමට මට අවස්ථාව ලැබුණු අතර ඔහු එහිදී ලබාදුන් දායකත්වය මම කෘතවේදීව සිහිපත් කරනවා.
එතුමා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ (TULF) සහ දෙමළ ජාතික සන්ධානය (TNA) නියෝජනය කළ ද සෑම විටම ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් නොසැලී පෙනී සිටියා.
වරෙක ඔහු මා සමඟ මෙසේ ප්‍රකාශ කළා. “රනිල් මම රට බෙදනවා කියලා ඔබ හිතනවද? මම කුඩා දරුවෙක් විදියට 1948 දී රටට නිදහස ලැබෙනවා බලන්න ගියා.” කියලා. අපි කවුරුවත් ඒ අවස්ථාව දැක නැහැ. අප අතරින් බොහෝ දෙනෙකු ඒ වන විට ඉපදිලාවත් නෑ. ඒත් බලය බෙදිය යුතු ආකාරය ගැන ඔහුට ඔහුගේම මතයක් තිබුණා. ඒ ගැන විවාද කරන්න කිසිම හේතුවක් නැහැ වගේම මම සිතන ආකාරයට ඒ පිළිබඳ ඔහු ප්‍රමාණවත් තරම් වැඩ කොටසක් සිදුකර තිබෙනවා.
ඒ පිළිබඳ වැඩකටයුතුවලින් අපට තව සුළු ප්‍රමාණයක් අවසන් කිරීමට තිබෙනවා. ඒ වගේම ඔහු වෙනුවෙන් කළ හැකි ඉහළම කාර්යය වන්නේ එම වැඩකටයතු අවසන් කිරීම බව ද කිව යුතුයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)
විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
