කැකිරාවේ සුදස්සන හිමි නමින් කථිකාචාර්යවරයකු කැලණිය විශ්වවිද්‍යාලයේ නැහැ - කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයෙන් දන්වලා
"බුදුන් වහන්සේ බෝධියට වඳින්න කිව්වේ නැහැ", "බුද්ධ කාලයේ බෝධිපූජා තිබ්බේ නැහැ" යනුවෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කළ කැකිරාවේ සුදස්සන හිමියන් ජාතික ජනබලවේගයේ මතවාද වෙනුවෙන් පෙනීසිටින බවට හා එම දේශපාලන පක්ෂය සමග සිටගත් චරිතයක් ලෙස පසුගිය කාලයේ සමාජය පුරා කතා බහක් නිර්මාණය වී තිබිණි.
ජාතික ජනබලවේගයේ රැස්වීම වල ද උන්වහන්සේ කැපී පෙනෙන චරිතයක් බව බොහෝ පාර්ශ්ව විසින් පෙන්වා දෙන අතර, අන්‍යාගමික පූජකවරුන් සමග ද කැකිරාවේ සුදස්සන හිමියන් සමීප ඇසුරක් පවත්වන බව ප්‍රකට කෙරෙන ඡායාරූප ද සමාජ මාධ්‍යය පුරා පසුගිය කාලයේ සංසරණය විය.
එමෙන්ම ධර්ම විනය විකෘති කිරීම පිළිබඳව ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා කටයුතු කරන පිරිස් විසින් උන්වහන්සේ කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වරයකු දැයි විමසීම් කරන අවස්ථා බොහෝමයක් පසුගිය කාලයේ දී වාර්තා විය.
කෙසේ වුවද මේ සම්බන්ධයෙන් කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය මකුරුප්පේ ධම්මානන්ද හිමියන් ලිපියක් මගින් දන්වා ඇත්තේ කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ පූජ්‍ය කැකිරාවේ සුදස්සන හිමි නමින් අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයකු නොමැති බවයි.
අදාල ලිපිය පහළින්...

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?