News Category
From Date
To Date
Maximum Number of Result

චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකත්වය මිලියන 100 ආසන්නයටම

Jul 1, 2024 at 02:04 PM
|

A group of the Communist Party of China (CPC) members review the Party oath at the Red Detachment of Women Memorial Park in Qionghai, South China's Hainan Province, on June 30, 2024, a day before the CPC celebrates its 103rd founding anniversary on July 1. Photo: VCG

 වසර 103ක් පැරණි චීන කොමියුනිස්ට් පක්ෂය (CPC) ලෝකයේ තිබෙන සමෘද්ධිමත් සංවිධානයක් ලෙසත් ශක්තිමත් ඔරොත්තු දීමේ හැකියාව ඇති සංවිධානයක් ලෙසත් පෙරට විත් තිබේ. ඒ අනුව චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින් සංඛ්‍යාව මිලියන 99.185 අගයට ළඟා වි තිබෙන බව ජුනි 30  ඉදිරිපත් වූ නවතම දත්ත මගින් පෙන්නුම් කරයි. ඒ අනුව අදට(01) යේදී තිබෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ 103 වන සංවත්සරය ලෝකයේ තිබෙන දැවැන්තම දේශපාලන පක්ෂ සංවිධානය ලෙස සමරණු ලබන්නේය. 

චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වයේ වර්ධන වේගය 1.2ක් බව එම පක්ෂයේ සංඛ්‍යාලේඛන වාර්තාවකට අනුව අනාවරණය වේ. 2023 වර්ෂයේ නව සාමාජිකයින් මිලියන 2.408 ක් චීන කොමියුනිස්ට් පක්ෂයට එක්වූ අතර සමස්ථ සාමාජිකය්න්ගෙන් සියයට 53ක් කනිෂ්ඨ විද්‍යාල උපාධියක් හෝ ඊට ඉහළ උපාධියක් ලබා ඇති අතර සියයට 82.4ක් වයස අවුරුදු 35 හෝ ඊට අඩු අය වෙති.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක අවධියේදී පක්ෂය සතුව සිටියේ සාමාජිකයින් 50කට වඩා වැඩි සංඛ්‍යාවක් පමණි. වසර 103ක කාලය තුළ එම සංඛ්‍යාව මිලියන 99.185 දක්වා වැඩි වීම සමෘද්ධිමත් සංවිධානයක් ලෙස එහි ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කරන බව චීන කොමියුනිස්ට් පක්ෂය පාසලේ මහාචාර්ය Zhang Xixian මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

චීනයේ සංවර්ධනයේ ඉල්ලීම් සමඟ පෙළගැස්වීම සහ මාක්ස්වාදී න්‍යායේ මූලික මූලධර්ම එහි මූර්තිමත් කිරීම සඳහා වැඩි වැඩියෙන් ශක්තිමත් සංවිධානාත්මක වර්ධනය අවශ්‍ය බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

චීන කොමියුනිස්ට් පක්ෂය ශක්තියෙන් ශක්තියට වර්ධනය වීමටත්, ජනතා සහයෝගය දිනා ගැනීමටත්, විවිධ අවදානම් සහ පරීක්ෂණ ජයගෙන ජයග්‍රහණ පිට ජයග්‍රහණය ලබා ගැනීමටත් හේතුව චීන කොමියුනිස්ට් පක්ෂය කරනු ලබන දියුණු දේශපාලනය බව Zhang Xixian තවදුරටත් පැවසීය. 

ඉදිරිපත් වී ඇති නවතම දත්ත ද මෙම කරුණ සනාථ කරයි. 2023 පුරාවට, නව පක්ෂ සාමාජිකයින් මිලියන 2.408 ක් බඳවා ගත් අතර, එයින් මිලියන 1.276 ක් ඉදිරිගාමී  පක්ෂ සාමාජිකයන් වන අතර, ඔවුන්ගේ අගය ප්‍රතිශතාත්මකව සියයට 53 කි.

නව සාමාජිකයින් අතර, සියයට 53 ක් කනිෂ්ඨ විද්‍යාල උපාධියක් හෝ ඊට ඉහළ අධ්‍යාපනයක් ලබා ඇති අතර එය, මිලියන 1.28 ක් වේ. සමස්ථ සාමාජිකයන්ගෙන් සියයට 82.4 ක් වයස අවුරුදු 35 හෝ ඊට අඩු අය වන අතර, එය මිලියන 1.983 ක සාමාජිකයන් සංඛ්‍යාවකට වග කියනු ලබයි.

සමස්ත චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයින් මිලියන 99.185 න් කනිෂ්ඨ විද්‍යාල උපාධියක් හෝ ඊට ඉහළ උපාධියක් ලබාගෙන ඇති සංඛ්‍යාව මිලියන 55.786 ක් වේ.එය පෙර වසරට වඩා සියයට 1.5 ක වැඩිවීමකි. කම්කරුවන් සහ ගොවීන් පක්ෂයේ ප්‍රධාන සාමාජිකත්වය දරණ කොටස වන අතර , ඔවුහු සමස්තයෙන් සියයට 33ක් නියෝජනය කරති.

පක්‍ෂයේ ව්‍යුහය තවදුරටත් ප්‍රශස්ත මට්ටමක පවතින අතර, පක්‍ෂ සාමාජිකයින්ගෙන් අඩකට වඩා කනිෂ්ඨ විද්‍යාල අධ්‍යාපනය හෝ ඊට වැඩි අධ්‍යාපනයක් ලබා ඇත. ප්‍රශස්ත ව්‍යුහය පක්ෂ සංවිධානයට එහි ජීව ශක්තිය පවත්වා ගැනීමට සහ එම කාලයේ සංවර්ධන කාර්යයන්ට වඩා හොඳින් අනුගත වීමට බලය ලබා දෙන බව පීකිං විශ්ව විද්‍යාලයේ රාජ්‍ය අඛණ්ඩතාව ගොඩනැගීමේ පර්යේෂණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Zhuang Deshui මාධ්‍ය වෙත පැවසීය.

ප්‍රාථමික මට්ටමේ චීන කොමියුනිස්ට් පක්ෂ සංවිධාන 2023 දී අඛණ්ඩව වර්ධනය විය. වසර අවසානයේදී, චීනයේ ප්‍රාථමික මට්ටමින් පක්ෂ කමිටු 298,000ක්, සාමාන්‍ය පක්ෂ ශාඛා 325,000ක් සහ පක්ෂ ශාඛා මිලියන 4.6ක් පමණ තිබූ බව වාර්තාව පෙන්වා දෙයි.

සංවිධානයේ දියුණු ස්වභාවයක් පවත්වා ගැනීම සඳහා බිම් මට්ටමේ චීන කොමියුනිස්ට් පක්ෂ සංවිධාන හරහා ජනතාව සමඟ සමීප බැඳීමක් ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය වන බවත් එය ජනතාව මුහුණ දෙන සැබෑ ගැටලු විසඳන අතර මිනිසුන්ගේ සතුට අඛණ්ඩව වැඩිදියුණු කිරීම ප්‍රවර්ධනය කරන බව ෂුවාං පැවසීය.

CPC members reach 99.185 million

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාව සමග අත්සන් තබන ලද ගිවිසුම් ජනතාව පාරට බස්සා විරෝධතා කර හැකිනම් ඉල්ලා ගන්නා ලෙස ජාතික ජන බලවේගයේ කඩුවෙල නගරාධිපති අපේක්ෂක රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.
ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය වෙනුවෙන් ජනතාව ගෙන්වීමට බස්රථ විශාල ප්‍රමාණයක් යොදවා තිබූ බව වාර්තා වන අතර, එම බස්රථ වලින් ගාලු මුවදොරට පැමිණි පිරිස් අධිවේගී මාර්ගයේ බස් රථ නවතා ආහාර ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
නවක වධ සිද්ධියක් හේතුවෙන් සිත් තැවුලට පත් විශ්වවිද්‍යාල සිසුවෙකු සිය දිවි හානිකරගෙන තිබේ.
කාශ්මීරයේ පෙහෙල්ගාම් කලාපයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත්වූ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ.
ඊයේ දින සිදු කල පෙට්‍රල් මිල අඩු කිරීම අනුව ත්‍රිරෝද රථ කුලී රථ ගාස්තු අඩු කිරීමට නොහැකි බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය පවසයි.
මැයි 1 වැනිදා සිට බලපවත්වන පරිදි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරය පොලිසියට මාරු කරනු ලැබ ඇති බව වාර්තා වේ.
ඉන්දියා – පාකිස්තාන ගැටුම්කාරී තත්ත්වය යළි දරුණු වී ඇති පසුබිමක පකිස්ථානය හිමිකාරිත්වය දරණ සහ පකිස්ථාන පාලනය යටතේ ඇති සියලුම ගුවන් යානාවලට සිය ගුවන් අවකාශය වසා දැමීමට ඉන්දියානු රජය තීරණය කර ඇත.
ශ‍්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන සතියේ පැවැත්වෙන විරුදින සැමරුම් උත්සවයට සහභාගී වීම සඳහා රුසියාවට නොපැමිණෙන බව ක්‍රෙම්ලිනය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ප්‍රධාන පුවත්

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)

කොළඹ වරායේ ඉන්දියානු යුද නෞකා සහ සබ්මැරීන නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියානු සමාගමකට ලබාදීමට සූදානම් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..

මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..

කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.

ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..

එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)

චීන බාල පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකෙරුණු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල සම්බන්ධයෙන් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අදහස් දක්වමින් පවසන්නේ මහේෂ් ගම්මන්පිල, මෙම ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනු වලට සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.

අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.

ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි

ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..

කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.