ඇසළ පෙරහර සමයේ හිඟාකන ආකාරය ගැන යාචකයන්ගේ සංගමයේ විධායක සභාව රැස්වී තීරණය කරනවලු
මෙවර ඇසළ පෙරහර සමයේ මහනුවර නගරයේ රැඳී සිටින්නේ කෙසේ දැයි තම සංගමයේ විධායක සභාව ගන්නා තීරණය අනුව කටයුතු කරන බවත් පසුව එය දැනුම් දෙන බවත් මහනුවර යාචකයන්ගේ සංගමය පැවසු බව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය ඇසළ පෙරහර සංවිධාන කමිටු රැස්වීමේ දී පැවසුවාය.
මහනුවර මහ නගර සභාව ඇසළ මහා පෙරහර සංවිධාන කටයුතු සඳහා සකසා ඇති වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අවස්ථාවේ දී නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය මේ බව පැවසීය.
නාගරික කොමසාරිස්වරිය තවදුරට මෙසේ ද පැවසුවාය.
‘මහනුවර නගරයේ සිටින යාචකයන් පෙරහර සමයේ ඊට බාධා නොවන අයුරින් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ඔවුන්ව මම දැනුම්වත් කළා. එවිට ඔවුන් පෙරළා ප්‍රකාශ කළේ, අපේ සංගමයේ රැස්වීමක් සහ විධායක සභාවක් තියෙනවා. අද හෙටම එහිදී ගන්නා තීරණය අනුව අපි කටයුතු කරනවා. අපි ඒ තීරණය පසුව දැනුම් දෙන්නම් කියා ඔවුන් මට පැවසුවා.’
මහනුවර දිසා ලේකම් වන්දන තෙන්නකෝන් මහතාගේ සම්බන්ධීකරණයෙන් අතිපූජ්‍ය මල්වතු – අස්ගිරි අනුනාහිමිවරුන්ගේ මුලසුනින් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් සිව් දේවාල වල බස්නායක නිලමේවරුන් සහ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල නිලධාරීන්ගේ සහායෙන් ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.
– නිහාල් ජයවර්ධන
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..