
ඇසළ පෙරහර සමයේ හිඟාකන ආකාරය ගැන යාචකයන්ගේ සංගමයේ විධායක සභාව රැස්වී තීරණය කරනවලු
මෙවර ඇසළ පෙරහර සමයේ මහනුවර නගරයේ රැඳී සිටින්නේ කෙසේ දැයි තම සංගමයේ විධායක සභාව ගන්නා තීරණය අනුව කටයුතු කරන බවත් පසුව එය දැනුම් දෙන බවත් මහනුවර යාචකයන්ගේ සංගමය පැවසු බව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය ඇසළ පෙරහර සංවිධාන කමිටු රැස්වීමේ දී පැවසුවාය.
මහනුවර මහ නගර සභාව ඇසළ මහා පෙරහර සංවිධාන කටයුතු සඳහා සකසා ඇති වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අවස්ථාවේ දී නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය මේ බව පැවසීය.
නාගරික කොමසාරිස්වරිය තවදුරට මෙසේ ද පැවසුවාය.
‘මහනුවර නගරයේ සිටින යාචකයන් පෙරහර සමයේ ඊට බාධා නොවන අයුරින් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ඔවුන්ව මම දැනුම්වත් කළා. එවිට ඔවුන් පෙරළා ප්‍රකාශ කළේ, අපේ සංගමයේ රැස්වීමක් සහ විධායක සභාවක් තියෙනවා. අද හෙටම එහිදී ගන්නා තීරණය අනුව අපි කටයුතු කරනවා. අපි ඒ තීරණය පසුව දැනුම් දෙන්නම් කියා ඔවුන් මට පැවසුවා.’
මහනුවර දිසා ලේකම් වන්දන තෙන්නකෝන් මහතාගේ සම්බන්ධීකරණයෙන් අතිපූජ්‍ය මල්වතු – අස්ගිරි අනුනාහිමිවරුන්ගේ මුලසුනින් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් සිව් දේවාල වල බස්නායක නිලමේවරුන් සහ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල නිලධාරීන්ගේ සහායෙන් ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.
– නිහාල් ජයවර්ධන
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)
විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
