
IMF සහාය අත්‍යවශ්‍යයි කියලා මුලින්ම කිව්වෙ අපි... රජය ඇති කරගන්න ගිවිසුම්වලින් රටට සුගතියක් වෙනවානම් අපි විරුද්ධ නැහැ - හර්ෂ කියයි
ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය අත්‍යාවශ්‍ය බව රජයට මුල සිටම සමගි ජනබලවේගය පෙන්වා දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (27 දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.
"ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය අත්‍යාවශ්‍ය බව මුල සිටම කිව්වේ සමගි ජනබලවේගය. ජනධිපතිවරයා සිදුකළ ප්‍රකාශය ලියලා දුන්න පුද්ගලයා ඒ බව දන්නේ නැතුව ඇති. නමුත් ජනාධිපතිවරයාට සමගි ජනබලවේගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශ පිළිබඳව සොයා බලන්න තිබුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගත යුතු බව සමගි ජනබලවේගය ප්‍රකාශ කළ කාලසීමාවේ ඒ සම්බන්ධයෙන් සොයාබලා කටයුතු කළා නම් රට බංකොළොත් වෙන්නේ නෑ. ඒ වගේම ලංකාවේ ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම් ඇති වෙන්නේ නෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය ඇතිකරගත් එකඟතාවලට විරුද්ධව සමගි ජනබලවේගය ඡන්දය භාවිතා කළේ නෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කරන්න එපා කියලා සමගි ජනබලවේගය කිව්වේ නෑ. එහෙම කියලා තිබෙනවා නම් ඒ බව සනාථ කරලා පෙන්වන්න.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාජිකයන් සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, කබීර් හෂීම් මහතා, ඉරාන් වික්‍රමරත්න මහතා සහ මා සාකච්ඡා කළා. ඒ අවස්ථාවේදී අපි ඔවුන් සමග සාකච්ඡා කළා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ඇති කරගත් ගිවිසුමේ සිදුකළ යුතු වෙනස්කම් මොනවාද කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රනිල් වික්‍රමසිංහ ජනාධිපති අත්සන් කළ ගිවිසුම සමග සමගි ජනබලවේගය කටයුතු කරන්න සුදානම් නෑ. ඒ ගිවිසුම වෙනස් කළ යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රනිල් වික්‍රමසිංහ ජනාධිපති අත්සන් කළ ගිවිසුමේ තිබෙන ගැටලු විශ්ලේෂනාත්මක සමගි ජනබලවේගය තේරුම් ගෙන තිබෙන්නේ.
ඒ වගේම ආණ්ඩුවේ සිටින පිරිසක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ඇති කරගත් ගිවිසුමට විරුද්ධව ඡන්දය දුන්නා. නමුත් ඔවුන් දැන් කියනවා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කටයුතු කළ යුතුයි කියලා. චීනය, ජපානය, ඉන්දියාව ඇතුළු ණය හිමියන්ගේ කණ්ඩායම සමග ශ්‍රී ලංකාව එකඟතාවයකට පැමීණිම සම්බන්ධයෙන් සමගි ජනබලවේගය සතුටු වෙනවා. රජය ඇති කරගන්න ගිවිසුම්වලින් රටේ ජනතාවට සුගතියක් වෙනවානම් ඊට විරුද්ධව කටයුතු කරන්න සමගි ජනබලවේගය කටයුතු කරන්නේ නෑ. ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලියේදී අවශ්‍ය සහාය ශ්‍රී ලංකාවට ලබාදෙන්නැයි සමගි ජනබලවේගය චීනය, ජපානය, ඉන්දියාව ඉල්ලා සිටියා. චීනය, ජපානය, ශ්‍රී ලංකාව සමග වසර ගණනාවක් තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් නිසා තමයි චීනය, ජපානය, ඉන්දියාව ශ්‍රී ලංකාවට ණය සහනය ලබාදුන්නේ. රටවල් අතර තිබුණ සහයෝගිතාවයේ ප්‍රතිඵලයක් නිසා තමයි ශ්‍රී ලංකාවට නිල ණය හිමියන් සමග එකඟතාවකට එන්න පුලුවන් වුණේ.
ණය හිමියන් සමග එකඟතාව පිළිබඳව වාර්තාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන බවත් ඊට සහාය දෙන ලෙසත් ආණ්ඩුව ප්‍රකාශ කර තිබෙනවා. ණය හිමියන් සමග ඇති කරගත් එකඟතාවය පිළිබඳව, ණය ගෙවන කාලය 2028 වනතුරු කල් දැමීම හරහා පොලියක් ගෙවීමට සිදුවෙනවාද? නැද්ද? යන්න පිළිබඳව මේ කාරණා සම්බන්ධයෙන් පරිපුර්ණ විස්තරයක් අවශ්‍යයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)
විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
