මෙරට රැඳීසිටිමින් ඔන්ලයින් හරහා සල්ලි ගරමින් රට වැනසූ ඉන්දියානුවෝ
මෙරට රැඳීසිටිමින් ඔන්ලයින් හරහා මූල්‍ය ජාවාරම් සිදුකළ ඉන්දීය ජාතිකයන් 60 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (60) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ කොච්චිකඩේ, තලංගම හා මාදිවෙල යන ප්‍රදේශවලදීය.
මෙරට තුළ රැඳීසිටින ඉන්දීය ජාතිකයන් පිරිසක් නීතිවිරෝධී අයුරින් ඔන්ලයින් හරහා මුල්‍ය ජාවාරමක් සිදුකරන බවට අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවට තොරතුරක් ලැබී තිබේ.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස් මත ඊට අදාළව විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
එහි ප්‍රතිඵලයක් ලෙස අද පස්වරුවේ තලංගම, හීනටිකුඹුර ප්‍රදේශයේ නිවසක් විමර්ශන නිලධාරීන් විසින් වටලනු ලැබීය.
එහිදී ඉන්දීය ජාතිකයන් 16 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර, ලැප්ටොප් 9ක් හා ජංගම දුරකතන 59ක් විමර්ශන නිලධාරීන් සිය භාරයට ගෙන තිබුණි.
අනතුරුව මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවසක් ද විමර්ශන නිලධාරීන් පරීක්ෂා කර තවත් ඉන්දීය ජාතිකයන් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එහි තිබී ජාවාරම් සඳහා යොදාගත් පරිගණක 40ක් සහා ජංගම දුරකථන 38ක්ද සොයාගෙන ඇත.
අදාළ නිවස රුපියල් ලක්ෂ 2ක මාසික කුලී පදනම මත ලබාගෙන ඇති බව විමර්ශන නිලධාරීන් සඳහන් කරයි.
එමෙන්ම මාදිවෙල ප්‍රදේශයේ නිවසක් වැටලූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම ජාලයට සම්බන්ධ තවත් ඉන්දීය ජාතිකයන් 13ක් දෙනෙක් අත්අඩංගුවට ගත්තේ ලැප්ටොප් පරිගණක 8ක් හා ජංගම දුරකථන 38ක් සමගිනි.
මොවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, මෙම පිරිස ඉන්දියාවේ තහනම් කරන ලද සූදු අන්තර්ජාල පිටුවක් මෙරට තුළ සිට ක්‍රියාත්මක කර ඇති බවය.
ඊට විවිධ ඔට්ටුකරුවන් විසින් රුපියල් කෝටි ගණනක මුදලක් විවිධ ක්‍රීඩා සඳහා ඔට්ටු අල්ලන බව අනාවරණ වී ඇති අතර, අද දිනයේදී පැවැත්වීමට නියමිත ඉන්දියා එංගලන්ත ක්‍රිකට් තරගයට ද විශාල පිරිසක් ඔට්ටු අල්ලා ඇති බවට විමර්ශන නිලධාරීන් පවසයි.
- අද දෙරණ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..