
මෙරට රැඳීසිටිමින් ඔන්ලයින් හරහා සල්ලි ගරමින් රට වැනසූ ඉන්දියානුවෝ
මෙරට රැඳීසිටිමින් ඔන්ලයින් හරහා මූල්‍ය ජාවාරම් සිදුකළ ඉන්දීය ජාතිකයන් 60 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (60) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ කොච්චිකඩේ, තලංගම හා මාදිවෙල යන ප්‍රදේශවලදීය.
මෙරට තුළ රැඳීසිටින ඉන්දීය ජාතිකයන් පිරිසක් නීතිවිරෝධී අයුරින් ඔන්ලයින් හරහා මුල්‍ය ජාවාරමක් සිදුකරන බවට අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවට තොරතුරක් ලැබී තිබේ.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස් මත ඊට අදාළව විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
එහි ප්‍රතිඵලයක් ලෙස අද පස්වරුවේ තලංගම, හීනටිකුඹුර ප්‍රදේශයේ නිවසක් විමර්ශන නිලධාරීන් විසින් වටලනු ලැබීය.
එහිදී ඉන්දීය ජාතිකයන් 16 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර, ලැප්ටොප් 9ක් හා ජංගම දුරකතන 59ක් විමර්ශන නිලධාරීන් සිය භාරයට ගෙන තිබුණි.
අනතුරුව මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවසක් ද විමර්ශන නිලධාරීන් පරීක්ෂා කර තවත් ඉන්දීය ජාතිකයන් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එහි තිබී ජාවාරම් සඳහා යොදාගත් පරිගණක 40ක් සහා ජංගම දුරකථන 38ක්ද සොයාගෙන ඇත.
අදාළ නිවස රුපියල් ලක්ෂ 2ක මාසික කුලී පදනම මත ලබාගෙන ඇති බව විමර්ශන නිලධාරීන් සඳහන් කරයි.
එමෙන්ම මාදිවෙල ප්‍රදේශයේ නිවසක් වැටලූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම ජාලයට සම්බන්ධ තවත් ඉන්දීය ජාතිකයන් 13ක් දෙනෙක් අත්අඩංගුවට ගත්තේ ලැප්ටොප් පරිගණක 8ක් හා ජංගම දුරකථන 38ක් සමගිනි.
මොවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, මෙම පිරිස ඉන්දියාවේ තහනම් කරන ලද සූදු අන්තර්ජාල පිටුවක් මෙරට තුළ සිට ක්‍රියාත්මක කර ඇති බවය.
ඊට විවිධ ඔට්ටුකරුවන් විසින් රුපියල් කෝටි ගණනක මුදලක් විවිධ ක්‍රීඩා සඳහා ඔට්ටු අල්ලන බව අනාවරණ වී ඇති අතර, අද දිනයේදී පැවැත්වීමට නියමිත ඉන්දියා එංගලන්ත ක්‍රිකට් තරගයට ද විශාල පිරිසක් ඔට්ටු අල්ලා ඇති බවට විමර්ශන නිලධාරීන් පවසයි.
- අද දෙරණ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)
විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
