News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දියානු ආක්‍රමණයේ නවතම ගොදුර ලංකාවේ මුහුදු කලාපයද? - සංඛ චන්දිම අභයවර්ධනගෙන් හෙළිදරව්වක්

Jun 27, 2024 at 04:42 PM
|

ශ්‍රී ලංකා ජනරජය හිමිකම් පෑ  සාගර කලාපය ඉන්දියාව විසින් අල්ලා ගැනීමට උත්සාහ දැරීම පිළිබඳව  දැඩි ලෙස විරුද්ධත්වය පළකරන බවත්, ලංකාවට අයත් සම්පත් ලංකාවට දැනුම් දීමක් පවා නොමැතිව අත්පත් කරගැනීමට ඉන්දියාව කටයුතු කරමින් සිටන බවත් ශ්‍රී ලංකා හරිත සන්ධානයේ සංඛ චන්දිම අභයවර්ධන මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක ලිපියක් සකස් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ   කොබෝල්ට්, නිකල්, මැංගනීස් සහ තඹ සහිත දැවැන්ත නිධි සහ රිදී සහ රන් නිධි විශාල ප්‍රමාණයක් සහිත ලංකාවට අයත් සාගර සම්පත් අද වන විට දැඩි ලෙස  ඉන්දියානු තර්ජනයට මුහුණපා ඇති බවයි.

සවිස්තරාත්මක ලිපිය පහළින්...

ඉන්දියානු ආක්‍රමණයේ නවතම ගොදුර අපගේ මුහුදු කලාපයද? 

සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 76 වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකා ජනරජය හිමිකම් පෑ අපගේ සාගර කලාපය ඉන්දියාව විසින් අල්ලා ගැනීමට උත්සහ දැරීමට අප ශ්‍රී ලංකා හරිත සන්ධානය වශයෙන් දැඩි ලෙස විරුද්ධත්වය පළකරමු. 

එක්සත් ජාතීන්ගේ තොරතුරු වලට අනුව ඔවුන් ශ්‍රී ලංකාවේ මහාද්වීපික තටාකයේ ඇති Afanasy Nikitin Seamount (AN Seamount) ලෙසින් හැඳින්වෙන කොබෝල්ට් බහුල මුහුදු පත්ලේ කබොල ප්‍රදේශය කැනීම් කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කරමින් පවතී. ලංකාවට අයත් සම්පත් ලංකාවට දැනුන දීමක් පවා නොමැතිව මෙසේ අත් පත් කරගැනීම සමස්ත ලංකා මුහුදු කලාපයටම අපේ ඇති අයිතිය ඉන්දියාවට පවරාගැනීමට මුල්වෙනවා මෙන්ම අපගේ සමස්ත මුහුදම දැඩි පරිසර දුෂණයකට ලක් කරනු ලබයි. අපගේ මත්ස්‍ය සම්පත, විශේෂයෙන්ම ටුනා මසුන් සහ තල්මසුන් දැඩි අනතුරකට මුහුණපායි. 

ලෝක නිතිය අනුව ශ්‍රී ලංකාව වැනි වෙරළබඩ ප්‍රාන්තවලට රාජ්‍ය වලට මහාද්වීපික තටාකයේ පිටත සීමාවන් පිහිටුවීමට අදාළ කරුණු සම්බන්ධයෙන් නිර්දේශ එක්සත් ජාතීන්ට ඉදිරිපත් කළ යුතුය. මෙම නිර්දේශ මත පදනම්ව වෙරළබඩ රාජ්‍යයක් පිහිටා ඇති මහාද්වීපික තටකයේ සීමාවන් ජ්‍යාත්‍යන්තර නිතිය යටතේ අවසාන සහ සැමටම බලපවත්නා නිතිය වේ. ඒ අනුව 2009 වසරේ මැයි අටවනදා අප රට විසින් ඉදිරිමත් කල හිමිකම් සහ සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 76 වැනි වගන්තිය යටතේ ලංකාව තමන් අයත්වන මහාද්වීපික තටකයට පුර්ණ වශයෙන් හිමිකම් ලැබිය. 

ඉන්දියාව මේ මංකොල්ල කන්නේ අප සතු මේ මුහුදු කලාපයයි. 

මේ ප්‍රදේශය විවිධ ඛනිජ සම්පත් වලින් පොහොසත්ය. ඒ අතර  කොබෝල්ට්, නිකල්, මැංගනීස් සහ තඹ ඇති දැවැන්ත නිධි ඇති බව පැවසේ. මිට අමතරව රිදී සහ රන් නිධි විශාල ප්‍රමාණයක්ද ඇති බවට සැලකේ. මෙහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවට අයත් දැන් ඉන්දියානු තර්ජනයට මුහුණපා ඇති මුහුදු ප්‍රදේශයයි. 

නැගෙනහිර සමක ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවට අයත් Afanasy Niktin Seamount (ANS) වෙතින් එකතු කරන ලද කබොල සාම්පලවල දුර්ලභ පෘථිවි මූලද්‍රව්‍ය (REE) සහ ytrium 1,727 සිට 2,511 μg/g දක්වා ඉහළ සාන්ද්‍රණයක් වාර්තා කරයි. ශ්‍රී ලංකාවට අයත් ANS Fe-Mn කබොලෙහි REE සාන්ද්‍රණය මධ්‍ය-පැසිෆික් මුහුදු සීමාවේ සහ ගැටිති (1,180-1,434 μg/g) වලට වඩා බෙහෙවින් වැඩි ය. ගෝලීය මුහුදු මට්ටමේ Fe-Mn කබොලෙහි ~ 0.1% අන්තර්ගතයට සාපේක්ෂව වර්තමාන අධ්‍යයනයේ දී 0.17% දක්වා සී-පොහොසත් වීම වාර්තා වී ඇත. මෙම සුපෝෂණයට හේතු වී ඇත්තේ Ce මුහුදු ජලයෙන් සමුද්‍ර Fe-Mn කබොල වෙත ඔක්සිකාරක ඉවත් කිරීම හේතුවෙනි. ANS කලාපයෙන් මුහුදු ජල සාම්පල සඳහා ලබාගත් සෘණ Ce-විෂමතා සහ Fe-Mn කබොලෙහි ඇති ශක්තිමත් ධනාත්මක Ce-විෂමතා පැහැදිලිව පෙන්නුම් කරන්නේ ANS Fe-Mn කබොලෙහි Ce ප්‍රභවය මුහුදු ජලය බවයි.

නමුත් දැන් ඉන්දියාව තම යුධ අවශ්‍යතා සදහාත් ලංකාවේ මුහුද මංකොල්ල කෑම සදහාත් මේ කලාපය තුල පිහිටා ඇති සම්පත් අපගේ අනුමැතියකින් තොරව ගොඩ ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවට ගොස් ඇත. අප රටක් ලෙස මේ ගැන නිශ්ශබ්දතාවය රකි. ඔවුන් මේ උත්සහ දරන්නේ ලංකාවට අලුතෙන් ලැබෙන සමස්ත මුහුදම මහා දවාලේ මංකොල්ල කෑමටය. මේ ලංකාවේ සියලු පුරවැසියන් සැවොම එක හෙලා එරෙහි වියයුතු කාරණයක් බව කිව යුතුය. තම බලය වෙනුවෙන් මේ රජය, රටත්, අපත්, අපේ දරුවන්ගේ අනාගතයත් බිලිදීමට එරෙහිව නැගී සිටිමු.

- සංඛ චන්දිම අභයවර්ධන

සම්බන්ධිත පුවත් | Related News

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.
අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කර තිබේ.
ඉන්දියාව හා පාකිස්තාන අතර ඇතිව තිබෙන අර්බුදකාරී තත්වය මැද ශ්‍රී ලංකාවේ ගුවන් හා සමුද්‍රීය අංශ කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරනු ඇතැයි වාර්තා වෙයි.
ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.
ජීවිත තර්ජන පවතින බැවින් තමාට ආරක්ෂාව ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පොලීසියෙන් ඉල්ලීමක් කර තිබේ.
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි 23 හැවිරිදි චරිත් දිල්ශාන්ගේ මරණය සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබේ.
පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.
තනතුරෙහි රාජකාරී ආවරණ කටයුතු තහනම් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන්ගෙන් තර්ජන එල්ලවිය හැකි බවට උසස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පැමිණ ඊයේ (1) දැනුම් දී තිබේ.
ඉන්දියාව සමග අත්සන් තබන ලද ගිවිසුම් ජනතාව පාරට බස්සා විරෝධතා කර හැකිනම් ඉල්ලා ගන්නා ලෙස ජාතික ජන බලවේගයේ කඩුවෙල නගරාධිපති අපේක්ෂක රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.

ප්‍රධාන පුවත්

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)

කොළඹ වරායේ ඉන්දියානු යුද නෞකා සහ සබ්මැරීන නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියානු සමාගමකට ලබාදීමට සූදානම් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..

මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..

කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.

ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..

එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)

චීන බාල පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකෙරුණු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල සම්බන්ධයෙන් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අදහස් දක්වමින් පවසන්නේ මහේෂ් ගම්මන්පිල, මෙම ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනු වලට සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.

අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.