
චීන ජනපති සහ වියට්නාම අගමැති හමුවී සහයෝගීතාවය සහ මිත්‍රත්වය පවත්වා ගන්නා ලෙස ඉල්ලා සිටී
චීන ජනාධිපති ෂී ජින් පිං ඊයේ(26) වියට්නාමයේ අගමැති ෆාම් මින් චින්හ් බෙයිජිංහිදී හමු විය. මෙය දෙරටේ වේගවත් ආර්ථික සංවර්ධනය සහ දිගුකාලීන සමාජ ස්ථාවරත්වය සමාජවාදී ක්‍රමයේ ශක්තීන් පෙන්නුම් කරන බව දෙරටේ නායකයන්ගේ අදහසයි.
චීන ජනපතිවරයා චීන අගමැති වරයා සමඟ අදහස් දක්වමින් වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් ණ්ගුයෙන් ඵ්හු ඨ්‍රොන්ග් වෙත සහ වියට්නාම ජනාධිපති ඨො ළම් වෙත සිය සුහද සුබ පැතුම් ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටියේය.
එහිදී වැඩිදුරටහ් අදහස් දක්වමින් චීන ජනාධිපතිවරයා පසුගිය වසර අවසානයේ වියට්නාමයේ කළ සංචාරයේදී, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා නව අදියරකට ගෙන යමින් උපායමාර්ගික වැදගත්කමක් ඇති හවුල් අනාගතයක් සහිත චීන-වියට්නාම ප්‍රජාවක් ගොඩනැගීම පිළිබඳව තමා සහ ට්‍රොං නිවේදනය කළ බව ද පැවසීය.
පසුගිය මාස හය තුළ දෙරටෙහි කොමිනිස්ට් පක්ෂ දෙක අතර සහ දෙරට්‍රහි රාජ්‍යය අතර ඉහළ පෙළේ නිලධාරීන් සමීප හුවමාරුව වැඩසටහන් සහ විවිධ ක්ෂේත්‍රවල සුමට සහයෝගිතාවක් ඇති කරග්ත් අතර එමඟින් දෙරටට දැනෙන ප්‍රතිලාභ අත්කර දුන් බවද චීන ජනාධිපතිවර්යා පෙන්වා දුන්නේය.
අද ලෝකය ශතවර්ෂයකින් නොදුටු වෙනස්කම් හරහා ගමන් කරමින් සිටින බව සඳහන් කළ ෂී, චීනය සහ වියට්නාමය යන දෙකම සමාජවාදී ක්‍රමයේ ශක්තීන් පෙන්නුම් කරමින් වේගවත් ආර්ථික සංවර්ධනයක් සහ දිගුකාලීන සමාජ ස්ථාවරත්වයක් පවත්වා ගෙන ගොස් ඇති බවද අවධාරණය කළේය.
උපායමාර්ගික වැදගත්කමක් ඇති හවුල් අනාගතයක් සහිත චීන-වියට්නාම ප්‍රජාවක් ගොඩනැගීම දෙරටේ නවීකරණ අවශ්‍යතාවලට අනුකූල වන අතර කලාපීය සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට සහ ගෝලීය සමාජවාදී අරමුණේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට හිතකර බව ඔහු පැවසීය.
සහයෝගීතාවය සහ මිත්‍රත්වය පවත්වා ගැනීමට, අන්‍යෝන්‍ය සහයෝගය තහවුරු කිරීමට සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව ගැඹුරු කිරීමට වියට්නාමය සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂී පැවසීය. නවීකරණය කරා ගමන් කිරීමට සහ ලෝක සාමය, ස්ථාවරත්වය සඳහා වැඩි දායකත්වයක් ලබා දීමට , සංවර්ධනය සහ සමෘද්ධිය ඇතිකිරීමට චීනය වියට්නාමය සමඟ අත්වැල් බැඳ ගැනීමට ද සූදානම් බවද චීන ජනාධිපතිවරයා පැවසීය.
වියට්නාමයේ ආයෝජන වැඩි කිරීම සඳහා තවත් චීන ව්‍යවසායන් දිරිමත් කිරීමට චීනය කැමැත්තෙන් සිටින අතර වියට්නාමය චීන ව්‍යවසායන් සඳහා සාධාරණ, යුක්ති සහගත සහ වෙනස් කොට සැලකීම්වලින් තොර ව්‍යාපාරික පරිසරයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බව ෂී පැවසීය.
දෙපාර්ශවයම දෙපාර්ශවය අතර මිත්‍රශීලී හුවමාරු සම්පත් හොඳින් භාවිතා කළ යුතුය, හුවමාරු ශක්තිමත් කිරීමට දේශසීමා පළාත්වලට සහාය විය යුතුය, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා වැනි ජීවනෝපාය වැඩසටහන් ක්‍රියාත්මක කිරිම. රාජ්‍ය නොවන, තරුණ සහ වෙනත් හුවමාරු වේදිකා හොඳින් භාවිතා කිරිම. යන මූලික කරුණු චීන වියට්නාම මිත්‍රත්වයේ මහජන මතයේ පදනම යැයි ෂී පැවසීය.
දෙපාර්ශවයම සමුද්‍රීය ගැටලු නිසි ලෙස හැසිරවිය යුතු බවත්, සමුද්‍ර සම්පත් ඒකාබද්ධ සංවර්ධනය වේගවත් කළ යුතු බවත්, කලාපීය සාමය සහ ස්ථාවරත්වය ඒකාබද්ධව පවත්වාගෙන යා යුතු බවත් ෂී සඳහන් කළේය.
තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරයට වියට්නාමය සහාය දෙන බවත්, එක් චීනයක් යන මූලධර්මය දැඩිව පිළිපදින බවත් වියන්ට්නාම අගමැතිවරයා පැවසීය. චීනය සමඟ උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය සහ ප්‍රායෝගික සහයෝගීතාව ගැඹුරු කිරීම සහ උපායමාර්ගික වැදගත්කමක් ඇති හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම වියට්නාමයේ ප්‍රමුඛතාවය සහ එහි විදේශ ප්‍රතිපත්තියේ උපායමාර්ගික තේරීම වන අතර, වියට්නාමය බාහිර උසිගැන්වීම් හෝ බාධා කිරීම්වලින් නොසැලී සිටින බවත් වියට්නාම අගමැතිවර්යා පැවසිය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)
විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
