ගංජා ව්‍යාපාරය බිලියන ගනනින් පාඩු ලබන ව්‍යාපාරයක්- මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක සම්පත් ද සේරම්
මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක සම්පත් ද සේරම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ අධික සැපයුම, වෙළඳපොළ ඉල්ලුම සහ වෙළඳපොළ කොටස සීමාසහිත වීම නිසා ලොව විශාලතම ගංජා නිෂ්පාදන සමාගම් ඩොලර් බිලියන ගණන් වලින් පසුගිය වසර කිහිපය තුළ පාඩු ලබමින් සිටින බවයි.
ඔහු සිය නිවේදනය මගින් පෙන්වා දෙන්නේ,
ශ්‍රී ලංකාව තුළ නීති විරෝධී මත්ද්‍රව්‍යක් ලෙස නම් කර ඇති ගංජා සන්තකයේ තබා ගැනීම, වගා කිරීම සහ විකිණීම තහනම් කර ඇතත් තෛලෝක විජය පත්‍ර යන නාමයට මුවා වී ගංජා වගාව ප්‍රචලිත කිරීමට මේ වන විටත් ව්‍යාපෘති යෝජනා කැඳවා ඇති බවයි. මෙවැනි ඖෂධීය නාමයන් මුල් කර ගනිමින් ගංජා ව්‍යාප්ත කිරීමේ විශාල උත්සාහයක බහු ජාතික ගංජා ව්‍යාපාරය කටයුතු කරමින් සිටන බවද ඔහු අවධාරණය කරයි.
සම්පත් ද සේරම් මහතා නිකුත් කළ නිවේදනය පහතින්,
“ගෝලීය වශයෙන් දුම්වැටි භාවිතය අවම වෙමින් පවතින කාල වකවානුවක ගංජා ව්‍යාපාරයක් ලෙස ලොව පුරා ක්‍රියාත්මක කිරීමට දුම්කොළ සමාගම් මේ වන විටත් මුදල් යොදවයි. ගංජා ප්‍රවර්ධනය කිරීම දුම්කොළ සමාගම්වල තවත් කූඨ උපක්‍රමයකි.
දේශීය සෞඛ්‍ය අමාත්‍යංශය සහ ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය ප්‍රකාශ කර සිටින්නේ මෙම වගාව අපනයන සඳහා මිස කිසිදු අයුරකින් රට අභ්‍යයන්තරයට ඒමට අවකාශ නොමැති බවයි.
මෙය හුදු ප්‍රකාශයක් මිස මෙවැනි තත්වයක් ප්‍රයෝගිකව ඉටු කළ නොහැකි බවට වර්තමාන මත්ද්‍රව්‍ය ගැටලුව හොඳම නිදසුනකි. නීතියෙන් තහනම් වූ මත්ද්‍රව්‍ය අප රට තුළ කෙතරම් සුලභව ලබා ගත හැකි ද යන වග අප හොඳින් දන්නා කරුණකි. මෙය අපනයන සඳහා පමණක් සීමා වූවක් බව පැවසුවද රට අභ්‍යයන්තරයට ගලා ඒම වැළැක්වීම ඉතාම අපහසු සහ ප්‍රයෝගික නොවන අදහසකි.
මේ වන විටත් ගංජා විවිධ ආකාරයෙන් නිතීගත කළ රටවල් විවිධ අනපේක්ෂිත ගැටලු ගණනාවකටම මුහුණ දී එම රටවල්වල මත්ද්‍රව්‍ය ප්‍රශ්නය තවදුරටත් බැරුරෑම් කර ඇත. තායිලන්තය ගංජා නීතිගත කිරීම ආපසු හැරවීමට කටයුතු කිරීමට සුදානම් වීම එයට කදීම නිදසුනකි.
ගංජා ප්‍රවර්ධනය බලාපොරොත්තු වන පාර්ශව විසින් ශ්‍රී ලංකාවේ වැසියන් දැනට මුහුණ දෙමින් සිටින බලවත් ආර්ථික අර්බුදය සිය වාසියට හරවාගෙන ඒ හරහා තම අරමුණු මුදුන්පත් කර ගැනීමේ වෑයමක නිරත වන බව පැහැදිලි ය. විශේෂයෙන් ශ්‍රී ලංකාව ආර්ථික, සමාජීය කරුණු ගණනාවකින් බැටකමින් සිටින අවස්ථාවක ගංජා වගාව කප් රුකක් ලෙස පෙන්වන මෙම නාටකයේ ප්‍රතිඵලය වන්නේ අප තව දුරටත් මෙම අර්බුදය තුළ හිර කරමින් තව තවත් දුක්ඛිත තත්වයකට පත් කිරීම ය.
ගංජා පිළිබඳව ධනාත්මක ආකල්ප සමාජය තුළ ඇති කිරීම නිසා ගංජා භාවිතය තව දුරටත් ප්‍රචලිත වන බව පැහැදිලි ය. මේ නිසා ළමුන් සහ තරුණයන් තවදුරටත් මත්ද්‍රව්‍ය වලට පෙළඹීමේ ප්‍රවණතාවය වැඩි වන අතර අප රට තුළ ඇති මත්ද්‍රව්‍ය ගැටලු තව තවත් උග්‍ර වීමට මෙය හේතුවක් වේ.
ඒ අනුව අපනයනය සඳහා යැයි කියමින් ගංජා වගා කිරීමට ඉඩ දීමෙන්, නුදුරු අනාගතයේ දී රටක් ලෙස දැනට ඇති මත්ද්‍රව්‍ය හා බැඳී ඇති ගැටලු වලට අමතරව නව ප්‍රශ්න ගණනාවකට මුහුණ දීමට සිදු වනු ඇත. එබැවින් මෙම ක්‍රියාවලිය කඩිනමින් නතර කළ යුතු බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC ආයතනය) තරයේ අවධාරණය කර සිටි.”
සම්පත් ද සේරම්,
විධායක අධ්‍යක්ෂක,
මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..