
රුසියාවේ දකුණු දිග ප්‍රාන්තයේ ඕතෝඩොක්ස් ආගමේ ප්‍රධාන පියතුමෙකු ඇතුළුව ආරක්ෂක නිළධාරින් සහ සාමාන්‍ය ජනයා කෲර ලෙස ඝාතනය කිරීම හෙළා දකිනවා- පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ රුසියාවේ ඩැගෙස්ථාන ප්‍රාන්තයේ ඕතොඩොක්ස් පූජකවරයකු මරාදමමින් නගර දෙකකට එල්ල කළ වර්ගවාදී ම්ලේච්ඡ ප්‍රහාරය සහ බටහිර මාධ්‍ය රුසියාව සම්බන්ධයෙන් ගෙනයන අවලාදසහගත ප්‍රචාර හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ මහතා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්.
රුසියාවේ ඩැගෙස්ථාන ප්‍රාන්තයේ ඕතොඩොක්ස් පූජකවරයකු මරාදමමින් නගර දෙකකට එල්ල කළ වර්ගවාදී ම්ලේච්ඡ ප්‍රහාරයන් සහ බටහිර මාධ්‍ය රුසියාව සම්බන්ධයෙන් ගෙනයන අවලාදසහගත ප්‍රචාර හෙළා දකිමු!
රුසියානු ජනරජයේ දකුණු ප්‍රදේශයේ ඩැගෙස්ථාන ප්‍රාන්තයේ අගනුවර වන මකච්කාලා නගරයට සහ ඩර්බන්ට් නගරයට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරවලින් අවම වශයෙන් නීතිය ක්‍රියාත්මක කරන සාමාජිකයින් 15 දෙනෙකු සහ සිවිල් වැසියන් කිහිපදෙනෙකු මියගිය බව මේ වන විට වාර්තා වී තිබේ. ඝාතකයන් ඩර්බන්ට් නගරයේ පිහිටි ඕතොඩොක්ස් පල්ලියට එල්ල කළ ප්‍රහාරයෙන් ප්‍රධාන පූජකවරයා වූ නිකොලායි කොතෙල්නිකොව් පියතුමා ද ඝාතනයට ලක්ව තිබේ. ආගමික සිද්ධස්ථාන ඉලක්ක කිරීමට තරම් ඝාතකයන් මෙහෙය වූ පිරිස කෲර වී ඇති බව එමගින් මනාව පැහැදිලි වේ. එලෙසම රුසියානු හමුදා යුක්‍රේන භූමිය තුළ සාමූහික බටහිරයන්ට එරෙහිව ගෙනයන මෙහෙයුම සම්බන්ධයෙන් බටහිර මාධ්‍ය වැරදිසහගත පුවත් මැවීම ද අද වන විට සාමාන්‍ය තත්වයක් බවට පත්ව තිබේ.
ශ්‍රී ලංකාව ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදයට එරෙහිව ගෙනගිය තිස් අවුරුදු යුද කාලය තුළ බටහිරයන් සහ බටහිර මාධ්‍ය හැසිරුණු ආකාරයට සමාන ආකාරයකට රුසියානු රජය සම්බන්ධයෙන් ද ඔවුන් හැසිරෙන බව බැලූබැල්මට පෙනී යයි. කෙසේ වුවද ශ්‍රී ලංකාවේ ත්‍රිවිද හමුදාව බටහිරයන්ගේ සුරතලුන් වූ බෙදුම්වාදී කොටි සංවිධානය පරාජය කළා සේම සාමූහික බටහිරයන්ට එරෙහිව යුක්‍රේන භූමිය තුළ රුසියනු හමුදා ගෙනයන මෙහෙයුම් ජයග්‍රහණය කිරීම නියත බව අපි දැඩිව විශ්වාස කරමු.
ඒ අනුව පරාජයේ අභිමුවෙහි සිටින සාමූහික බටහිරයන්, රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර එල්ල කරනු ලබන ම්ලේච්ඡ ප්‍රහාර දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. එලෙසම රුසියානු රජය සහ රුසියානු හමුදා යුක්‍රේන භූමිය තුළ සාමූහික බටහිරයන්ට එරෙහිව ගෙනයන මෙහෙයුමේදී රුසියානු හමුදාවලට සහ රුසියානු රජයට එරෙහිව ගෙනයන අවලාදසහගත මාධ්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස අධිරාජ්‍ය විරෝධී ශ්‍රී ලාංකික ජනතාවගෙන් ගෞරව පූර්වකව ඉල්ලා සිටිමු.
විමල් වීරවංශ(පා. ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ
2024-06-25
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)
විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
