News Category
From Date
To Date
Maximum Number of Result

ගුරු – විදුහල්පතිවරු හෙට ලෙඩ නිවාඩු දමා විරෝධතාවේ


ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාවට විසඳුම් ඉල්ලමින් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය හෙට (26දා) අසනීප නිවාඩු වාර්තා කර කොළඹ පැමිණ දැඩි විරෝධතාවක නිරතවීමට තීරණය කර ඇත.

ඒ අනුව හෙට පෙරවරු 11.00ට ගුරු – විදුහල්පති සන්ධානයේ සාමාජිකයන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවේ නිරත වන බවත් තම ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණහොත් අඛණ්ඩ වෘත්තීය අරගල පවත්වන බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

සම්බන්ධිත පුවත් | Related News

ජාතිය මුහුදෙන අභියෝගය සහ ජාතික බලවේගවලට පැවරී ඇති ඓතිහාසික වගකීම පිළිබඳව පැහැදිලි කරමින් ජාතික සංවිධාන එකමුතුව මගින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකොට තිබේ.
මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂ සමරු උත්සවයක් පසුගිය 25 වැනිදා චීන තානාපති කාර්යාලය විසින් සංවිධානය කර තිබිණි. සියලුම දේශපාලන පක්ෂ නියෝජිතයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ වත්මන් විදේශ කටයුතු පිළිබද අමාත්‍යවරයා වූ විජිත හේරත් මහතාය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ටෙලිකොම් ආයතනය ඇතුළු වටිනා රාජ්‍ය ආයතන රාශියක් විකිණීම සඳහා පත්කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට එරෙහිව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව, වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු පෙත්සම්කරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුව 2024 සැප්තැම්බර් 26 දින නැවත විභාගයට ගනු ලැබීය.
තානාපති කාර්යාල හා සම්බන්ධ විදෙස් සේවයට ලබාදී ඇති සියලු දේශපාලන පත්කිරීම් වහාම අවලංගු කර ඔවුන් මෙරටට ආපසු කැඳවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.
වර්තමාන ජනාධිපතිවරයා වෙත පැවරී ඇති ඓතිහාසික වගකීම සඳහා ඡන්දය දුන් ජනතාවගේ සැබෑ අපේක්ෂාවන් වෙනුවෙන් ජාතික සංවිධාන එකමුතුව පෙනී සිටින බව එහි කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.
බංග්ලාදේශය තුළ සිදුවූ අරගලයෙන් පසු නිර්මාණය වී ඇති අරාජික වාතාවරණය මත අන්තවාදීන් හිස ඔසවා ඇති පසුබිමක බංග්ලාදේශය තුළ මේ වන විට බෞද්ධ ජන සංහාරයක් සිදුවෙමින් ඇති බවට වාර්තා වේ.
රජයක් වෙනස් වූ පමණින් ස්වාධීන මහ බැංකුවක ස්වාධීනව පත්වූ මුදල් මණ්ඩලයක් සහ අධිපති වෙනස් වීමට හේතුවක් තමා නොදකින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.
හිටපු අමාත්‍යවරයෙකු වන කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වී ඇත.
හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් ඉවත්ව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේ දී සහාය දැක්වූ කණ්ඩායම දිලිත් ජයවීර මහතාගේ මවුබිම ජනතා පක්ෂය සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

අනුරගේ අලුත් ආණ්ඩුවට චීනයේ සහයෝගය... චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වැනි සංවත්සරය අමතා චීන තානාපතිවරයා කළ කතාව මෙන්න...

මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂ සමරු උත්සවයක් පසුගිය 25 වැනිදා චීන තානාපති කාර්යාලය විසින් සංවිධානය කර තිබිණි. සියලුම දේශපාලන පක්ෂ නියෝජිතයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ වත්මන් විදේශ කටයුතු පිළිබද අමාත්‍යවරයා වූ විජිත හේරත් මහතාය.

හිටපු ජනපති රනිල්ගේ රාජ්‍ය ආයතන විකිණීමේ කැබිනට් පත්‍රිකාවට එරෙහි නඩුව ඊළඟ ආණ්ඩුව පිහිටුවීම දක්වා කල්යයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ටෙලිකොම් ආයතනය ඇතුළු වටිනා රාජ්‍ය ආයතන රාශියක් විකිණීම සඳහා පත්කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට එරෙහිව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව, වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු පෙත්සම්කරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුව 2024 සැප්තැම්බර් 26 දින නැවත විභාගයට ගනු ලැබීය.

ජවිපෙ සහ ජාතික බලවේග අතර ගැටුමක් නැහැ... ඒත් මාලිමාව සහ ජාතික බලවේග අතර ගැටුම් පැවතිය හැකියි... 13 සම්පූර්ණයෙන්ම බලාත්මක නොකිරීමට පැහැදිලි ප්‍රතිඥාවක් ලබා දෙන්න - ආචාර්ය ගුණදාස අමරසේකරගෙන් ජනපතිට ලිපියක්

වර්තමාන ජනාධිපතිවරයා වෙත පැවරී ඇති ඓතිහාසික වගකීම සඳහා ඡන්දය දුන් ජනතාවගේ සැබෑ අපේක්ෂාවන් වෙනුවෙන් ජාතික සංවිධාන එකමුතුව පෙනී සිටින බව එහි කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

මහා බ්‍රිතාන්‍යය තෙවන ලොව රටවලින් කොල්ලකාගත් ධනය ආපසු ලබා දිය යුතු මොහොත පැමිණ තිබෙනවා- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය

එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් ලැමී සැප්තැම්බර් 24 වැනි දින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමේදී දේශනයක් පවත්වමින් රුසියාව සහ එහි නයකයන් සම්බන්ධයෙන් දරුණු විවේචනයක් එල්ල කළේය. ඔහුගේ එම විවේචනයට සමාගාමීව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විදේශ ලේකම්ගේ අදහස ස්ම්පූර්ණයෙන් අනුමත කර ඇත. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මගින් යටත් විජිත රාජ්‍යයක නියෝජිතයින්ට අන් රටවල රාජ්‍යන්ට සහ රාජ්‍ය නායකයන්ට නින්දා කිරීමට සදාචාරාත්මක අයිතියක් නැති බව අවධාරණය කර තිබේ. එලෙසම එක්සත් රාජධානිය සිය ධනය ගොඩනඟා ගෙන ඇත්තේ තුන්වන ලෝකයේ රටවල් කොල්ලකෑම මගින් බව පවසන අතර එම ධනය හිමි ශ්‍රී ලංකාව හෝ ඉන්දියාව වැනි නීත්‍යානුකූල අයිතිකරුවන්ට එය නැවත ලබා දිය යුතු මොහොත දැන් පැමිණ තිබෙන බවද අවධාරණය කර තිබේ.

ජනපති අනුර මුල් දවසේ කළ පත්කිරීම් තුනෙන් දෙකක්ම විශ්වාසය බිඳෙන සුළු ඒවායි - ගම්මන්පිල කියයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පළමුවන පත්වීම විශ්වාසය බිඳින සුළු එකක් බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

බීජ සඟවා බීජ මිල ඉහළ දැමිමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි... - ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්ගෙන් අනාවරණයක්

පහුගිය කෘෂිකර්ම ඇමතිවරුන්ට හා ඇතැම් ඉහළ නිලධාරින්ට සම්බන්ධ බීජ කොම්පැනි විසින් හිඟයක් මවාපාමින් හිතුමතේ බීජ මිල ඉහළ දැමීමේ කුමන්ත්‍රණයක් පවතින බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.

ජනාධිපති අනුර ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට විරුද්ධ නැහැ... ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ වෙනසක් නැහැ - මූඩීස්

ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන දේශපාලන වෙනස තුළින් මෙරට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ගමන්මග කැපීපෙනෙන වෙනසකට ලක් නොවනු ඇතැයි මූඩීස්, ජාත්‍යන්තර ආයෝජන සහ ණය වර්ගීකරණ සේවාව පවසයි.

ජනපතිට ඇති කඩකළ නොහැකි හෙලිකොප්ටර්, පරිවාර ගිලන් රථ නීතිය

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී මහාචාර්යය විශාකා සූරියබණ්ඩාර මහත්මිය සඳහන් කරන්නේ ජනරජයේ මුල් පුරවැසියා වන විධායක ජනාධිපතිවරයා සඳහා ව්‍යවස්ථානුකූලව වෙන් වූ ආරක්ෂක වැඩපිළිවෙළක් ඇති බවයි.

දිවුරුම් දුන් නව අමාත්‍ය මණ්ඩලය මෙන්න...

මෙරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන් අතර, ඉන් අනතුරුව පත්කෙරුණු කැබිනට් අමාත්‍ය ධූර පහත පරිදි වෙයි.

ලෙබනනයේ ස්වෛරීභාවය සහ ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් චීනය සහයෝගය දක්වනවා- චීන විදේශ ඇමති

බීජිං, (ස්පුට්නික්) - ලෙබනනයේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ ජාතික අභිමානය ආරක්ෂා කිරීම සඳහා බීජින් පාලනය දැඩි ලෙස සහාය දෙන බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සමගාමීව වැඩබලන ලෙබනන් විදේශ අමාත්‍ය අබ්දුල්ලා බූ හබීබ් සමඟ පැවති හමුවකදී පැවසීය. "චීනය ලෙබනනයේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ ජාතික අභිමානය ආරක්ෂා කිරීම සඳහා දැඩි ලෙස සහාය දක්වනවා. තත්වය කුමණ අතට වෙනස් වුවද, අපි සැමවිටම යුක්තිය සහ ලෙබනනය ඇතුළු අපගේ අරාබි සහෝදරයන් වෙනුවෙන් පෙනී සිටිනවා." චීන විදේශ අමාත්‍ය වැන්ග් යී උපුටා දක්වමින් චීන විදේශ අමාත්‍යාංශය අද(24) පැවසීය.

ජනපති කාදිනල්තුමන් මුණගැහෙයි... පාස්කු ප්‍රහාරයේ සත්‍යය හෙළිකිරීමට පොරොන්දු වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (23) කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදුටු අතර එහිදී අගරදගුරු හිමිපාණන්ගේ ආශිර්වාද ලබාගත්තේය.

මම ඉන්ද්‍රජාලිකයකු නොවේ... රට ගොඩනගන්න සැමගේ සහාය අවශ්‍යයි - ජනපති අනුර ජාතිය අමතමින් කියයි

රට ගොඩනැගීමේ කාර්යයේදී තමන්ට සියලු ජනතාවගේ සහාය අවශ්‍ය වන බව නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.