News Category
From Date
To Date
Maximum Number of Result

රුසියාව සම්බන්ධයෙන් පල කළ පුවතට "සිලෝන් ටුඩේ" පුවත් පතට මෙරට රුසියානු තානපති කාර්යාලයේ අප්‍රසාදය

Jun 24, 2024 at 03:18 PM
|

 "සිලෝන් ටුඩේ" පුවත් පතෙහි රුසියාව යුක්‍රේනයට එල්ල කළ ප්‍රහාරයක් සම්බන්ධයෙන් පළවූ සාවද්‍ය පුවතට ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් එම පුවත් පතට තම නොසතුට පල කර ලිපියක් යවා තිබේ. එහිදී ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය "සිලෝන් ටුඩේ" පුවත් පත අසමබර පුවත් පල කිරීම සම්බන්ධයෙන් තම නොසතුට පල කර තිබේ. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය "සිලෝන් ටුඩේ" පුවත් පත වෙත යොමු කළ සම්පුර්ණ ලිපියේ සිංහල පරිවර්තනය සහ එහි මුල් ඉංග්‍රීසි පිටපත පහත පළවේ.

"සිලෝන් ටුඩේ" පුවත් පත යුක්‍රේනයේ සිදුවීම් ඒකපාර්ශ්විකව ප්‍රචාරය කිරීම සම්බන්ධවයි

රුසියානු ගුවන් ප්‍රහාරවලින් කාර්කොව් නගරයට සිදුවූ බව කියන හානිය සම්බන්ධයෙන් “රොයිටර්” පුවත් සේවය උපුටා දක්වමින් “සිලෝන් ටුඩේ” පුවත් පත පල කරන ලද පුවත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ අවධානය යොමුව තිබේ. රුසියානු පාර්ශ්වයෙන් එල්ල කරනු ලබන ප්‍රහාර කිසි විටෙක සිවිල් ජනයා සහ ඔවුන්ගේ දේපල ඉලක්ක කර එල්ල නොකරන බැවින් පුවත් පතෙහි සඳහන් තොරතුරුවල සාවද්‍යභාවය සම්බන්ධයෙන් රුසියානු තානාපති කාර්යාලය පහත සඳහන් ප්‍රශ්නය මතු කරනු ලබන්නෙමු. යුක්‍රේන පාර්ශවය ප්‍රදර්ශනය කරනු ලබන නිත්‍ය ම්ලේච්ඡත්වයේ ප්‍රතිවිපාක ලෙස රුසියානු දේශසීමා ආසන්නයේ සහ රුසියානු භූමියේ වඩාත් ගැඹුරට වන්නට පිහිටා තිබෙන ප්‍රදේශ වල  වෙසෙන සාමකාමී සිවිල් වැසියන්ට එල්ල කරනු ලබන ත්‍රස්තවාදී ප්‍රහාර ආවරණය කිරීමට “සිලෝන් ටුඩේ” පුවත් පත පසු බට වන්නේ මන්ද?

යුක්‍රේන පාර්ශවයේ ම්ලේච්ඡ ප්‍රහාර සඳහා ආසන්නතම උදාහරණය ලෙස 2024 ජුනි 23 වන දින, පොකුරු බෝම්බ සහිත සහිත එක්සත් ජනපදයේ නිෂ්පාදිත ATCMS මෙහෙයුම්-උපක්‍රමික මිසයිල පහකින් යුක්‍රේන ත්‍රස්තවාදීන් මිසයිල ප්‍රහාරයක් සෙවාස්ටොපෝල් (රුසියානු අර්ධද්වීපයේ ක්‍රිමියාව) වෙත හිතාමතාම එල්ල කිරීම ගෙන හැර පෑමට උත්සුක වෙමු. අනතුරු ඇඟවූ රුසියානු ගුවන් ආරක්ෂක ඒකක හේතුවෙන් යුක්‍රේන ප්‍රහාර හතරක් ව්‍යවර්ථ කිරීමට රුසියානු හමුදාවට හැකිවිය. පස්වන පොකුරු බෝම්බ සහිත මිසයිල් ප්‍රහාරය හේතුවෙන් නගරවාසීන් අතර ඉහළ මරණ සංඛ්‍යාවක් වාර්තා විය.

ඇමරිකානු විශේෂඥයින් ඔවුන්ගේ චන්ද්‍රිකා ඔත්තු බැලීමේ දත්ත මත පදනම්ව එක්සත් ජනපදයේ නිෂ්පාදිත ATCMS මෙහෙයුම්-උපක්‍රමික මිසයිලවල සියලුම පියාසැරි කාර්යයන් මෙහෙයවනු ලබයි. මෙම මිසයිල ප්‍රහාරය දියත් කරන ලද භූමිය යුක්රේනයට අයත්වනවා මෙන්ම කියෙව් පාලනයට මෙම ආයුධ ලබා දීමෙන් සෙවාස්ටොපෝල් සිවිල් වැසියන්ට හිතාමතාම මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමට වොෂින්ටනය වැඩි වශයෙන්ම වගකිව යුතු වන බවද අවධාරණය කරමු.

රුසියානු-යුක්රේන ගැටුමේ සන්දර්භය තුළ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව වඩාත් සම්පූර්ණ දැක්මක් ලබා ගැනීමට "සිලෝන් ටුඩේ" පාඨකයන්ට අවස්ථාව ලබා දීම සඳහා "සිලෝන් ටුඩේ" පුවත් පත තමාගේ විෂය පථය ගැඹුරින් ආවරණය කිරීම සුදුසු නොවනේද යන පැනය අප හමුවේ පැන නගී. වර්තමානයේ, "සිලෝන් ටුඩේ" පුවත්පත ද්විත්ව ප්‍රමිතියක පිහිටා පහසු මාවතක් අනුගමනය කිරීමට වැඩි නැඹුරුවක් දක්වන බව තහවුරු වන්නේ "සිලෝන් ටුඩේ" පුවත් පත  වෙනත් සැක සහිත මාධ්‍ය මගින් ලබාදෙන අසමබර පුවත් පමණක් නැවත මුද්‍රණය කිරීමේ නැඹුරුව පෙන්නුම් කිරීම නිසයි.

වොෂින්ටනය විසින් තාක්‍ෂණිකව සංවිධානය කරන ලද සෙවාස්ටොපෝල් වෙත එල්ල කළ ඉහත සඳහන් කළ යුක්‍රේන ප්‍රහාරය සම්බන්ධයෙන් වන කිසිදු පැනයකට පිළිතුරු නොලැබෙන බවට සැකයක් නැති බවද කොළඹ රුසියානු තානාපති කාර්යාලය අවධාරණය කරමු.

- කොළඹ රුසියානු තානාපති කාර්යාලය

2024.06.24

PRESS-RELEASE of the Russian Embassy in Colombo June 24, 2024

On the one-sided coverage of Ukrainian events by “Ceylon Today”

The Embassy paid attention to the reprinting by “Ceylon Today” of the “Reuters” article regarding the alleged damage of Russian air-strikes to the city of Kharkov. Apart from the deceiving nature of this information since the strikes from the Russian side have never been aimed at civil objects and population, the Embassy would like to raise the following question: Why is “Ceylon Today” unwilling to cover the consequences of Ukrainian regular brutal and terrorist attacks on peaceful civilians in the Russian border regions and territories even deeper into the country? Here is the most recent example. On June 23, 2024 a terrorist missile strike by five US-made ATACMS operational-tactical missiles equipped with cluster warheads was deliberately delivered at Sevastopol (Russian peninsula Crimea). The alerted air defense units intercepted four of them. The air explosion of the fragmentation warhead of the fifth led to high number of casualties among peaceful city residents. The American specialists input all flight tasks in the US-made ATACMS operational-tactical missiles on the basis of data of their satellite reconnaissance. That is why Washington is mostly responsible for the deliberate missile strike at Sevastopol civilians by delivering this weaponry to Ukraine, as well as Kiev regime, from the territory of which the strike was launched. Does not his subject deserve to be covered by “Ceylon Today” at least to give its readers the opportunity to have a more complete vision of what is happening in the context of Ukrainian conflict? Presently, it looks like the newspaper is more inclined to follow an easy path of double standards since it demonstrates capability to solely reprint materials by other quite doubtful media. As for the above-mentioned Ukrainian attack on Sevastopol technically orchestrated by Washington, they should be no doubt that these actions are not going to be unanswered.

- Russian Embassy in Colombo


සම්බන්ධිත පුවත් | Related News

කොළඹ වරායට අභියෝගයක් එල්ල කරමින් කේරලයේ විසිංජාම් අන්තර්ජාතික ගැඹුරු ජල බහු කාර්ය වරාය විවෘත කර තිබේ.
කාෂ්මිර් පෙහෙල්ගාමී ප‍්‍රහාරය එල්ල කරන ලද ත්‍රස්තයන් හඳුනා ගැනීමටත් ඔවුන් සමාජයෙන් වෙන්කර තැබීමටත් ශ්‍රී ලංකාවේ සහාය හිමිවනු ඇතැයි ඉන්දියාව බලාපොරොත්තු වන බව වාර්තා වේ.
ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.
ඊයේ ජතික ජනබලවේගයේ ගාලු මුවදොර රැලියට සහභාගි වූ බස් රථ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ප්‍රදේශය ආසන්නයේ මාර්ගය දෙපස නවතා තැබීමට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අධිවේගී මාර්ග මුර සංචාර අංශය නිවේදනය කරයි.
පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.
සියදිවි හානිකර ගත් සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ඉංජිනේරු සිසුවා එලෙස දිවි තොර කරගෙන ඇත්තේ නවකවධය ලබාදීමේ ප්‍රතිඵලයක් ලෙස බවට චෝදනා කරමින් එම සිසුවාගේ මව්පියන් සහ ඥාතීන් පුස්සැල්ලාව පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කර තිබේ.
ඉන්දියාව හා පාකිස්තාන අතර ඇතිව තිබෙන අර්බුදකාරී තත්වය මැද ශ්‍රී ලංකාවේ ගුවන් හා සමුද්‍රීය අංශ කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරනු ඇතැයි වාර්තා වෙයි.
ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ප්‍රධාන පුවත්

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)

කොළඹ වරායේ ඉන්දියානු යුද නෞකා සහ සබ්මැරීන නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියානු සමාගමකට ලබාදීමට සූදානම් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..

මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..

කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.

ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..

එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)

චීන බාල පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකෙරුණු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල සම්බන්ධයෙන් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අදහස් දක්වමින් පවසන්නේ මහේෂ් ගම්මන්පිල, මෙම ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනු වලට සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.