රනිල්ට අත්තනෝමතික ලෙස නීති වෙනස් කරන්න ඉඩ දෙන්න බැහැ - මහින්ද කියයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තමබින් පවසන්නේ අත්තනෝමතික ලෙස රේගු ආඥා පනත සංශෝධනය කිරීමේ සූදානමක් ඇති බව රේගු වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් තමාට දැන්වූ බවත්, එසේ අත්තනෝමතික ලෙස රේගු නීති රීති නීති වෙනස් නොකළ යුතු බවත් ය.
රේගු වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර මෙම හමුව පැවත්වී ඇත්තේ පසුගිය 14 වැනි දිනය.
අත්තනෝමතික ලෙස රේගු ආඥා පනත සංශෝධනය කිරීමේ සූදානමක් ඇති බවත් එමගින් මෙරට ජාතික ආදායමට, නීත්‍යනුකූල වෙළඳාමට හා සමස්ත මහජනතාවට අහිතකර බලපෑම් ඇති විය හැකි බව එම හමුවේ දී අදාළ නියෝජිත පිරිස ප්‍රකාශ කළ බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
අත්තනෝමතික ලෙස රේගු නීති රීති නීති වෙනස් නොකළ යුතු බවත් ඒවා වෙනස් කළ යුත්තේ විශේෂඥ අදහස් විමසීමකින් පසුව පමණක් බවත් මේ සම්බන්ධයෙන් තමන් අවධානය යොමු කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම නියෝජිත පිරිසට දැනුම් දී ඇත.
ශ්‍රී ලංකා රේගුව අයත්වන්නේ මුදල් අමාත්‍යාංශයේ විෂය පථයට වන අතර දැනට මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..