පකිස්ථාන ඉස්ලාම් පක්ෂයක් හමාස් සංවිධානයේ යුද පෙරමුණට යාමට ප්‍රතිඥා දෙයි
පකිස්තානයේ විශාලතම ආගමික දේශපාලන පක්ෂය වන Jamiat Ulema-e-Islam (JUIF) හි නායකයා හමාස් සංවිධානය වෙත පසුගියදා මූල්‍ය ආධාර ලබා දීමට සූදානම් බව ප්‍රකාශ කළේය. එලෙසම පෙෂොවර් නගරයේ පැවැති දැවැන්ත රැලියක් අතරතුර ඊශ්‍රායලයට එරෙහි සටනේදී පලස්තීන සටන්කාමී කණ්ඩායමේ යුද පෙරමුණට සහභාගි වීමටද සූදානම් බව ප්‍රකාශ කළ බව ඊයේ පෙෂාවර් ආශ්‍රිත ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.
“ඉස්ලාමීය රටවල් අපට ඔවුන්ගේ දේශ සීමාව හරහා ගමන් කිරීමට ඉඩ දෙන්නේ නම්, අපි යුද පෙරමුණට සම්බන්ධ වීමට සූදානම්” යැයි JUIF ප්‍රධානී මවුලානා ෆස්ලූර් රෙහ්මාන් මුෆ්ටි මහමුද් සමුළුව අමතා ප්‍රකාශ කළේය. එලෙසම හමාස් සංවිධානය මූල්‍ය ආධාර ඉල්ලා සිටි බව හෙළි කළ ඔහු එය පක්‍ෂය විසින් ලබාදෙන බවට පොරොන්දු වූ බවද පැවසීය.
ඊශ්‍රායලය තම ම්ලේච්ඡත්වය සමඟ එල්ලකරන පීඩාවේ සීමාවන් පසුකර ඇති බවත්, ඔවුන් අත් පත් කර ගෙන සිටින බලයට එරෙහිව ශක්තිමත් ස්ථාවරයක් ගන්නා ලෙස මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවත් රෙහ්මාන් වැඩිදුරටත් පැවසීය. පසුගිය 7 වනදා එල්ල කළ හමාස් ප්‍රහාරයෙන් පසු, ඊශ්‍රායල ආරක්ෂක හමුදා ගාසා තීරයට ඉතිහාසයේ දරුණුතම බෝම්බ හෙලීමේ කාර්යයේ යෙදී ඇති අතර, 2,000 කට ආසන්න පිරිසක් මිය ගොස් මුළු ප්‍රදේශම සමතලා කර දමා ඇත.
ඊයේ පෙෂොවර් ප්‍රදේශයේදී පැවැති උත්සවය JUIF හි නිර්මාතෘ මුෆ්ටි මහමුද් අනුස්මරණය කිරීම සඳහා සංවිධානය කර තිබුණද, රෙහ්මාන්ගේ ප්‍රකාශ සහ සජීවී වීඩියෝ සබැඳියාවක් හරහා හමාස් ඩයස්පෝරා නායක Khaled Meshaal සමුළුවට පෙනී සිටීම හේතුවෙන් එය ඉක්මනින් පලස්තීන සහයෝගීතා රැලියක ස්වභාවයක් ගත්තේය.
මෙම සතියේ මුලදී, රෙහ්මාන් ඊශ්‍රායලයට එරෙහි හමාස් ප්‍රහාරය “ඓතිහාසික සාර්ථකත්වයක්” ලෙස ප්‍රශංසා කරමින් අදහස් දැක්වූයේය. විස්මිත ආක්‍රමණය “ඊශ්‍රායලයේ ආරක්ෂක පද්ධතිය සහ එහි උඩඟුකම විනාශ කර දැමූ” බව ඔහු තර්ක කළ ඔහු පලස්තීන අරමුණ සඳහා නායකයින්ගේ සහයෝගය තහවුරු කිරීමට සහ ඊශ්‍රායලයේ ක්‍රියා හෙළා දැකීමට ඉස්ලාමීය සහයෝගීතාව සඳහා වූ සංවිධානයේ රැස්වීමක් කැඳවන ලෙසද ඉල්ලා සිටියේය.
හමාස් සංවිධානය තුළ ඔහුගේ වත්මන් භූමිකාව භාර ගැනීමට පෙර 1996 සිට 2017 දක්වා හමාස් සංවිධානයට ආරම්භ කර නායකත්වය දුන් මෙෂාල්, පසුගිය 13 වනදා හමාස් සංවිධානයට සහ පලස්තීනයට මුස්ලිම්වරුන්ගේ සහයෝගය ප්‍රදර්ශනය කිරීමට වීදි බැසීමට ලොව පුරා සිටින මුස්ලිම්වරුන්ගෙන් ඉල්ලා සිටියේය.මේ අතර ජමාත්-ඊ-ඉස්ලාමි සහ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂය ඇතුළු තවත් පක්ෂ කිහිපයක ජ්‍යෙෂ්ඨ නායකයන් ඔවුන්ගේ සිකුරාදා දේව මෙහෙයන් අවසානයේදී පැවැති රැලිවලදී හමාස් සංවිධානයට සහාය පළ කරමින් අදහස් පළ කළහ.
මානුෂීය ව්‍යසනයක් බවට පරිවර්තනය වෙමින් පවතින බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා ඇති ගාසා තීරයේ වත්මන් තත්ත්වය පිළිබඳව ද රෙහ්මාන් සහ මෙෂාල් 13 වනදා අදහස් පළ කළහ.
ඊශ්‍රායලය පසුගිය 12 වනදා උතුරු ගාසා තීරයෙන් පලස්තීනුවන් මිලියන 1.1ක ජනතාවකට ඉවත් යන ලෙස නියෝග කළේය. දැනටමත් ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රදේශවලින් එකක් වන ප්‍රදේශයේ පදිංචිකරුවන්ට අඛණ්ඩව ගුවනින් පොකුරු බෝම්බ එල්ල කරමින් සිටියි. පසුගිය 7 වනදා හමාස් සංවිධානය විසින් අල්ලා ගන්නා ලද ප්‍රාණ ඇපකරුවන් ආපසු ඊශ්‍රායලට පැමිණෙන තෙක් ගාසා තීරයට විදුලිය, ජලය සහ ආහාර සැපයීම අහිමි කිරීමට ඊශ්‍රායල රජය ප්‍රතිඥා දී ඇත. මේ අතර මානව හිමිකම් විශේෂඥයින් අනතුරු අඟවා ඇත්තේ සාමූහික දඬුවම් කිරීම ජාත්‍යන්තර නීතිය දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි