
කැසිනෝ කාරයින්ගේ, ජාවාරම් කාරයින්ගේ සල්ලිවලින් ඉස්කෝලවලට මම බඩු බෙදන්න යන්නේ නැහැ...දැක්මක් නැති තකතීරුවෙක් ජනාධිපති කරන්න එපා - ෆොන්සේකා සජිත්ව ඉවරම කරයි (වීඩියෝ)
විපක්ෂ නායක හා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් පාර්ලිමේන්තුවේ දැඩි ප්‍රහාරයක් එල්ල කළ අතර, පාර්ලිමේන්තුවේ ඇමතීම සඳහා කාලය වෙන් කර ගැනීම මුල් කරගෙන ඇති වූ ගැටලුවක් මත ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයෙන් වෙලාව වෙන් කරගෙනය.
එහිදී ඔහු සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර දැඩි චෝදනා එල්ල කළ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාටද නම් නොකියා චෝදනා එල්ල කලේය.
තාත්තා ජනාධිපති වූ පලියට පුතා වැනි අයෙකු ට කිසි දවසක මෙරට නායකත්වයට පත් නොකළ යුතු බව ජනතාව තේරුම්ගත යුතු බවද හෙතෙම කියා සිටියේය.
ඔහු වැනි තකතිරුවෙකු රාජ්‍ය නායකත්වයට පත් කර රට කිසිදා මේ අපායෙන් ගොඩගත නොහැකි බවත්, තමන් කැසිනෝ කාරයන්ගෙන් ජාවාරම් කාරයන්ගෙන් මුදල් ගෙන පාසල් සහ රෝහල්වලට බඩු බෙද බෙදා නොයන බවත් පැවසූ ඔහු මධ්‍යම අධිවේගී මාර්ගයෙන් ගසාකා නැති බවත් කියා සිටියේය.
අද එම මධ්‍යම අධිවේගේ පාරේ කොටස් ගැලවී බිම ඇද වැටෙන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
කෙසේ වෙතත් සමගි ජන බලවේග පාර්ශවයෙන් එම ප්‍රකාශයන් සඳහා ලක්ෂ්මන් කිරිඇල්ල සහ මුජිබර් රහුමන් යන මන්ත්‍රීවරුන් ප්‍රතිචාර දැක්වූහ.
ඔවුන් කියා සිටියේ ෆොන්සේකා මහතා ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා එය නොලැබුන හේතුවෙන් පක්ෂයට මෙසේ චෝදනා එල්ල කරන බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී
තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්
ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..
අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)
ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
