කැසිනෝ කාරයින්ගේ, ජාවාරම් කාරයින්ගේ සල්ලිවලින් ඉස්කෝලවලට මම බඩු බෙදන්න යන්නේ නැහැ...දැක්මක් නැති තකතීරුවෙක් ජනාධිපති කරන්න එපා - ෆොන්සේකා සජිත්ව ඉවරම කරයි (වීඩියෝ)
විපක්ෂ නායක හා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් පාර්ලිමේන්තුවේ දැඩි ප්‍රහාරයක් එල්ල කළ අතර, පාර්ලිමේන්තුවේ ඇමතීම සඳහා කාලය වෙන් කර ගැනීම මුල් කරගෙන ඇති වූ ගැටලුවක් මත ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයෙන් වෙලාව වෙන් කරගෙනය.
එහිදී ඔහු සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර දැඩි චෝදනා එල්ල කළ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාටද නම් නොකියා චෝදනා එල්ල කලේය.
තාත්තා ජනාධිපති වූ පලියට පුතා වැනි අයෙකු ට කිසි දවසක මෙරට නායකත්වයට පත් නොකළ යුතු බව ජනතාව තේරුම්ගත යුතු බවද හෙතෙම කියා සිටියේය.
ඔහු වැනි තකතිරුවෙකු රාජ්‍ය නායකත්වයට පත් කර රට කිසිදා මේ අපායෙන් ගොඩගත නොහැකි බවත්, තමන් කැසිනෝ කාරයන්ගෙන් ජාවාරම් කාරයන්ගෙන් මුදල් ගෙන පාසල් සහ රෝහල්වලට බඩු බෙද බෙදා නොයන බවත් පැවසූ ඔහු මධ්‍යම අධිවේගී මාර්ගයෙන් ගසාකා නැති බවත් කියා සිටියේය.
අද එම මධ්‍යම අධිවේගේ පාරේ කොටස් ගැලවී බිම ඇද වැටෙන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
කෙසේ වෙතත් සමගි ජන බලවේග පාර්ශවයෙන් එම ප්‍රකාශයන් සඳහා ලක්ෂ්මන් කිරිඇල්ල සහ මුජිබර් රහුමන් යන මන්ත්‍රීවරුන් ප්‍රතිචාර දැක්වූහ.
ඔවුන් කියා සිටියේ ෆොන්සේකා මහතා ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා එය නොලැබුන හේතුවෙන් පක්ෂයට මෙසේ චෝදනා එල්ල කරන බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..