News Category
From Date
To Date
Maximum Number of Result

පාස්කු ප්‍රහාරය අපේ රණවිරුවන්ගේ සහ බුද්ධි අංශවල කර මත පටවා, සහරාන්ලාව නිදහස් කරගෙන යන කුමන්ත්‍රණයක් මාලිමාව දියත් කරලා... හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී, මාලිමා වේදිකාවට නැගලා - උදය ගම්මන්පිල

Jun 19, 2024 at 04:03 PM
|

පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තවාදීන් මෙන්ම එම ප්‍ර්‍රහාරය විමර්ශනය කල විමර්ශකයන්ද මාලිමාවේ පිරිස් බවට පත්ව ඇති පසුබිමක “මුං ඔක්කොම සහෝදරයෝ මල්ලී” යැයි කීමට සිදුව ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

69 ලක්ෂයක බලාපොරොත්තු යළි බලගන්වන සර්වජන බලය මංගල ජනරැලිය 18 දින නුගේගොඩදී අමතමින් පිවිතුරු හෙළ උරුමයේ නායකයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවසීය

නුගේගොඩම ජීවත්වන නන්දා මාලනී මැතිනියනි, මේ වේදිකාවට ගොඩවන්න, මේ මහා ජන ගඟ දිහා බලන්න. ගයන්න මුළු ලොවටම ඇහෙන්න “තුන්හෙළේ කැලෑවල සිංහ පැටව් – නැත උන් රට අතැර ගොසින්”. ඒ සිංහයින්ගේ නාදයයි අද මේ නුගේගොඩින් අහන්න ලැබෙන්නේ.

ආර්ථික අර්බුදය විසඳන නාමයෙන් ආර්ථික අර්බුදය උග්‍ර කරන යුගයක, ඩොලර් හිඟා කන්න අපේ මව්බිම වෙන්දේසි කරන යුගයක, ලෝක බලවතුන්ගේ කෙළි බිමක් බවට අපේ මාතෘ භූමිය පත්කරමින් සිටින යුගයක, රට බෙදෙන ජාතිවාදය නීති ගත කිරීමට පොරොන්දු ලබාදෙමින් උතුරේ දෙමළ ඡන්දකුට්ටියට කෑදරකමින් කෙළ හලන ජනපති අපේක්ෂකයන් වැහි වැහිලා ඇති යුගයක, ජූලි චන්ලගේ එලිසබත් හෝස්ලගේ අන අනුව රට කරවන අනුර රනිල් සන්ධානයේ හෙංචයියන් බටහිර බලවතුන් ඉදිරියේ බලු කුක්කන් බවට පත්වෙලා රටේ ස්වාධීනත්වය පාවා දෙන යුගයක, අනේ මගේ දරුවනේ, මා බේරා ගනිව් ගියා ලක්මෑණියන් හඩා වැටෙන මේ මොහොතේ රාජකාරියට යන එක පසෙක තියලා, දරුවන්ගේ කුසගින්න නිවීමට කීයක් හරි හොයාගන්න වැඩෙත් අමතක කරලා, රට රකින්න නුගේගොඩට පැමිණි දේශප්‍රේමී මිත්‍රවරුනි, ඔබට ජාතියේ ආචාර්ය වේවා.

උත්තරය වැල්පාලම ද?

මිත්‍රවරුනි, අපි නැවත වතාවක් නුගේගොඩට ආවේ මව්බිම නැවතත් අනතුරේ කියන්න. අද අනුර කුමාරලා. රනිල් වික්‍රමසිංහලා, සජිත් ප්‍රේමදාසලා ඔක්කොම එක වල්ලේ පොල්. පවුම් යුරෝ අරගෙන බටහිර තානාපති කාර්යාලවල පදයට නටන රූකඩ විතරක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා මේ අයට මේ රට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්නට බැහැ. සෑම බලවේගයකටම තියෙන උත්තරය වැල් පාලම විතරයි. හැබැයි මේ අයිඑම්එෆ් ගිවිසුම ඇතුලෙම තමයි අපිට අර්බුදයෙන් මිදෙන්න තියෙන මාර්ගයත් අහුරලා තියෙන්නේ.

අද ඉන්දියාවේ තියෙනවා අපනයනයක් කළොත් මාස තුනක් ඇතුළත 90%ක් ඩොලර් ටික රට ඇතුලට ගේන්න ඕන. අපේ රටේ තිබ්බ ඒ නීතිය 2017 දී වෙනස් කලා. අපිට ඒ නීතිය යලි ගේන්න බැහැ. ගේන්න බැරි වෙලා තියෙන්නේ ගිවිසුමේ කියනවා මුදල් ඇතුලට ඒම සහ යෑමට තියෙන සියලු බාධාවන් ඉවත් කළ යුතුයි කියලා.

ඒ නිසා අයිඑම්එෆ් ගිවිසුම කියන්නේ ප්‍රශ්නෙට උත්තරය නෙමෙයි. ප්‍රශ්නය උග්‍ර කරන ලියැවිල්ලක්. 1991 ඉන්දියාව අයිඑම්එෆ් ගිහිල්ලා ගොඩ ගියා නේද. 98 දී රුසියාවත් එහෙම කළා නේද. ඒ රටවල් එහෙම කළා තමයි. ඒ රටවල නායකයන්ට දැක්මක් තිබුණා. අපේ නායකයන්ට එහෙම දැක්මක් නොතිබුණ නිසා මේ ගිවිසුමේ වගන්තිවල හිර වෙලා ඉන්නවා.

පාස්කු ප්‍රහාරය රණවිරුවන්ගේ කර මතට

පාස්කු ප්‍රහාරය අපේ රණවිරුවන්ගේ කර මතට පටවලා, බුද්ධි අංශවල කර මතට පටවලා සහරාන්ලාව නිදහස් කරගෙන යන කුමන්ත්‍රණයක් අද මාලිමාව දියත් කරලා තියෙනවා. රහස් පොලිසියේ ලොක්කා විදියට කටයුතු කරපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මාලිමා වේදිකාවට නැගලා කියනවා බුද්ධි අංශ මාව නොමග යැව්වේ නැත්නම් පාස්කු ප්‍රහාරය වළක්වගන්න රහස් පොලිසියට ඉඩ තිබුණා කියලා.

බුද්ධි අංශ එවපු වාර්තා වලින් වවුනතිව් වලදී සිදුකරපු සහරාන්ගේ ප්‍රහාරය කොටි සංවිධානයේ ප්‍රහාරයක් කියලා වාර්තා කරපු නිසා රවී බාබා නොමග ගියා කියලයි ඒ බබා කියන්නේ. මිත්‍රවරුනි මම ඉතාම වගකීමෙන් කියනවා රාජ්‍ය බුද්ධි අංශය එවැනි කිසිම වාර්තාවක් රහස් පොලිසියට ලබාදීලා නෑ. පුලුවන් නම් එවැනි වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා මම රවී සෙනෙවිරත්නට අභියෝග කරනවා.

අපි අහනවා රවී සෙනවිරත්නගෙන් ප්‍රශ්න ටිකක්. රවී සෙනවිරත්න මහත්තයෝ 2017 ඉඳන් 2019 පාස්කු ප්‍රහාරය දක්වාම සහරාන්ගේ ත්‍රස්ත කියා 11ක් වුණා. මේවා විමර්ශනය කරන්න රහස් පොලිසිය අසමත් වුණා නේද? . 2019 ජනවාරි 31 සහරාන්ගේ ක්‍රියා සම්බන්ධයෙන් ඔබට බුද්ධි වාර්තාවක් ලැබුණා නේද. මාර්තු පළවෙනිදා, මාර්තු තිස් එක් වැනි දා බුද්ධි අංශ සාරාන්ගේ ප්‍රහාරයක් පිළිබඳව අනතුරු අඟවපු වාර්තා ඔබට ලැබුනා නේද? විතරක් නෙවයි 2019 ජූනි 9 ලැබුණු වාර්තාව. රවී සෙනෙවිරත්න ලියුම්කවරය කඩන්නෙත් ජූනි 16. ඉතිං කොහොමද රහස් පොලිසිය ත්‍රස්තවාදීන් අල්ලන්නේ.

මිත්‍රවරුනි රවී සෙනෙවිරත්නලා, ශානි අබේසේකරලා පොලිස් කාකි සූට් එක ඇඳන් හිටියාට යටින් ඇඳගෙන ඉඳලා තියෙන්නෙ මාලිමාවෙ දම්පාට බැනියම. මාලි මාවේ ජාතික ලැයිස්තුවේ ඊබ්‍රාහීම් නානාගේ පුත්තු ත්‍රස්තවාදීන් වෙච්චි කොට, විමර්ශනය කරන්නේ මාලිමාවේ රහසේ හිටපු රහස් පොලිසිය වෙනකොට, කොහොමද ත්‍රස්තවාදින් අල්ලගන්නේ. පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තවාදියත් මාලිමාවේ. විමර්ශකයත් මාලිමාවේ. ඔන්න ඕකට තමයි කියන්න වෙන්නේ මුං ඔක්කොම සහෝදරයෝ මල්ලී කියලා.

හඳුන්ගේ ආර්ථිකය

ඇමරිකාවේ ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ඊලෝන් මස්ක් දැවැන්ත ආයෝජනයක් කරන කෙනෙක්. ලෝකයේ අවදානම් ගන්නා ආයෝජන කරන කෙනෙක්. නමුත් සුනිල් හඳුන්නෙත්ති මහත්තයා ඔහු හඳුන්වන්නේ ආර්ථික ඝාතකයෙක් හැටියට.

ඒ වගේම සුනිල් හඳුන්නෙත්ති මහත්තයා ණය ප්‍රතිව්‍යහගතකරණය කරන්න යන්නේ අපූරු විදිහකට. තමන් ණය හිමියන් ගාවට ගිහිල්ලා කියනවලු අනේ මචං ණය ගෙවා ගන්න බෑ නේ මචං කියල. ලෝක බැංකුව, අයිඑම්එෆ් එක එයාගේ පිටට තට්ටුවක් දාලා කියනවලු කමක් නෑ මචං කියලා. මෙහෙව් එකෙක් තමයි මාලිමාවේ මුදල් ඇමති කියන්නේ. එහෙනම් ඉතින් ආර්ථිකයට අබසරණයි කියන එක අමුතුවෙන් තේරුම් ගන්න දෙයක් නෑ.

ජනපති මැදුර වටකරන දවස

සර්වජන බලය බිහිවුණා විතරයි ආණ්ඩුව කතාකරන්නේ ඡන්දය කල් දාන්නයි. ජන මත විචාරණයකින් වසර දෙකකට කල් දාන්න කතා කරනවා. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන් වසරකට කල් දාන්න කතා කරනවා. අපි රනිල් වික්‍රමසිංහට කියනවා මහත්තයෝ පුංචි ඡන්දය කල් දැම්මා වගේ ජනාධිපතිවරණයට අත තියන්න බෑ. එදා දාපු සෙල්ලම් අද දාන්න බෑ. අද සර්වජන බලය තියෙනවා. සෙල්ලම් දාන්න ආවොත් මේ ජන ගඟත් අරගෙන ඇවිත් ජනපති මැදුර වට කරන්න අපි ලෑස්තියි කියන එක අපි ජනාධිපතිවරයාට සිහිපත් කරනවා.

බැන බැන හිටියට විවේචනය කරාට විකල්ප ඉදිරිපත් කරලා තියෙන්නේත් සර්වජන බලය පමණයි. මැතිවරණයට ප්‍රතිපත්ති රාමුවක් ඉදිරිපත් කරලා තියෙන්නේ සර්වජන බලය පමණයි. මේ රට ගොඩනගන විසඳුම තියෙන්නේ සර්වජන බලයට පමණයි. ඒ නිසා බිලියන 22ම සතුටින් සිනාසෙන රටක් ගොඩනගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා සමස්ත ජාතියටම අපි අයාචනා කරනවා.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 130ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 07 වනදා සිදුකිරීමට ලංසු කැදවයි.
හෙළයේ මහැදුරු මහාචාර්ය නලින් ද සිල්වා මැතිඳුන්ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය ඉකුත් දා කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි.
තමන්ව රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරයෙන් ඉවත් කරන ලද්දේ වර්තමාන ආණ්ඩුවට සම්බන්ධ ආචාර්ය සංගම්වල නියෝජිතයන් සහ ආණ්ඩුවට සම්බන්ධ ශිෂ්‍ය සංගම් විසින් බව රුහුණු විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා පවසයි.
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.
ජුනි මාසයේ විදුලි ගාස්තු ඉහළ යනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක අනාවරණ කර තිබේ.
අද වන විට මෙරට බියර් සමාගම් සඳහා බදු රහිතව සහල් ආනයනය කිරීමට අවස්ථාව ලබා දී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තුන් දින රාජ්‍ය සංචාරය අරඹමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇතැයි වාර්තා වෙයි.
පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකෙරන සියලු ප්‍රචාරක කටයුතු අද (03) මැදියම් රැයෙන් අවසන් වන බව මැතිවරණ කොමිසම පවසයි.

ප්‍රධාන පුවත්

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.