News Category
From Date
To Date
Maximum Number of Result

‘‘ත්‍රෛවිද හොරු රැලකට“ නොරැවටී උතුර - දකුණ එක මිටකට එකතුකර එකම දැයක් - එකම රටක් හදමු! - 'සර්වජන බලය' මංගල ජනරැලියේදී සිංහල, දෙමළ, මුස්ලිම් සැමට විමල්ගෙන් ඇරයුමක්!

Jun 19, 2024 at 12:25 PM
|

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දුන් ‘වැල් පාලමේ‘ යන, 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට සූදානම් ත්‍රෛවිද හොරු රැලකට නොරැවටී උතුර - දකුණ එකම මිටකට එකතු කර 'එකම දැයක් - එකම  රටක්' නිර්මාණය කිරීමට සූදානම් 'සර්වජන බලය දේශපාලන එකමුතුව' හා එක්වන ලෙස මෙරට සියලු වාමවාදී, ප්‍රගතිශීලී, ජාතිකවාදී ජනතාවට ඇරයුම් කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, සර්වජන බලය විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඊයේ (18) නුගේගොඩ පැවති 'සර්වජන බලය' දේශපාලන එකමුතුවේ මංගල ජනරැලිය අමතමින් ඒ මහතා එසේ පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය

‘නාමල් කොලුවො පරිස්සම් වෙයන්‘

"අද ඓතිහාසික දිනයක්. ඒ වෙන කිසිවක් නිසා නොවෙයි, ජනවරම පාවලා දීලා, ගෝඨාභය රාජපක්ෂ පලා ගියාට පසුව, 'මේ රටේ සැබෑ දේශමාමක, ප්‍රගතිශීලී, වාමවාදී බලවේග අඩපණ කළා' කියා හිතාගෙන හිටපු සියලු දෙස් විදෙස් කුලීකාර බලවේගවලට, 'නැහැ බොලව්! මේ රටේ සැබෑ දේශමාමක, ප්‍රගතිශීලී බලවේග තවම ඉන්නවා' කියන පණිවිඩය දෙන දිනය අද නිසයි. ජේ. ආර්. ජයවර්ධනයට එදා බැරි වුණේ ගැහැණියෙක් පිරිමියෙක් කරන්න හෝ පිරිමියෙක් ගැහැණියක් කරන්න විතරයි. නමුත් බෑණා අද ඒකත් කරනවා. 'නාමල් කොලුවො පරිස්සම් වෙයන්'. කොලුවාටත් ඒක වෙන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ, උන්දැලා දේශපාලන වශයෙන් ඒ තත්ත්වයට පත් කරලා ඉවරයි. මේ රට පරාධීනත්වයෙන් පරාධීනත්වයට ඇදගෙන යන, ආර්ථික අර්බුදය දඩමීමා කරගෙන මේ රට, විදේශ රටවල කොලනියක් කිරීමට යන වික්‍රමසිංහ - බැසිල් හවුල ඇතුළු බලවේගවලට ‘සුදු කොඩිය වනන දිනය නිර්මාණය කරන බලවේගයයි' අද මේ නුගේගොඩට එකතු වූයේ. රොටී කන එක ගැන කියලා, ෆේක් එකවුන්ට්වලින් කමෙන්ට්ස් දාලා නතර කරන්න පුළුවන් බලවේගයක් නොවෙයි මේක. අතීතය පුරා රට, දැය, සමය වෙනුවෙන් දසදහස් ගණනින් හඹාගෙන ආපු දේශමාමක බලවේගයන්ගේ වර්තමාන පරපුරයි මේ 'සර්වජන බලය - සජ්ජන බලය'.

 ‘වලෝ කොළඹ‘

සමහරු හිතනවා, 'දැන් පෝලිම් නැහැ. මේ රට වලෙන් ගොඩගනීවි' කියා. නමුත් රනිල් වික්‍රමසිංහ, පොහොට්ටුකාරයෝ ටිකත් දේශපාලන වශයෙන් 'ලිංගික සංක්‍රාන්ති තත්ත්වයට: පත් කරලා, ඔවුන්ගෙත් ආශිර්වාදය සහිතව මේ රට ගෙන යන්නේ 'වල පත්ලේ වල දාන' මාවතකයි. ඒක තේරුම් කරවන එකම දේශපාලන වේදිකාව, මේ 'සර්වජන බලය' දේශපාලන වේදිකාව පමණයි. රනිල් වික්‍රමසිංහ අද මේ රට ඉන්දියාවේ කොලනියක් කිරීමේ න්‍යාය පත්‍රයක් කරේ තියාගෙන යනවා. විදුලි අර්බුදයට විසඳුම් දෙන්න, මන්නාරම සුනිත්‍ය විදුලි බලාගාරය හදන්න දුන්නේ අදානිට. ටෙලිකොම් - එයාර් ලංකා ආයතනත් දෙන්න හදන්නේ ඒ ජාතිය බඩුවලට. ඒ විතරක් ද රනිල් වික්‍රමසිංහ මේ වන විට රට පුරා බලපත්‍රලාභී ඉඩම්වලට සින්නක්කර ඔප්පු දෙන්නෙ ඇයි? ඔබට මතකද ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගොවියාට අත් වූ ඉරණම? අදානිලා -  මෝඩිලා එකතු වෙලා බිහාරයේ ගොවියාගේ ඉඩම් ටික මහා පරිමාණ සමාගම් අතට යන වැඩපිළිවෙළක් දියත් කළා. අන්තිමේදී බිහාරයේ ගොවීන් තමන්ගේ ඉඩම් ලබාගන්න 'වලෝ දිල්ලි(වරෙව් දිල්ලි)' කියමින් විරෝධතාවයේ යෙදුණා. අද අපේ ගොවියාටත් ‘වලෝ කොළඹ“ කියන ඉරණමක් හැදීමයි මේ සින්නක්කර ඔප්පු දීම පිටුපස තිබෙන්නේ.

ඒ විතරක් නොවෙයි විදුලි බල පද්ධති, තෙල් නල, ගෑස් නල ඒකාබද්ධ කිරීම, රේගු දෙක ඒකාබද්ධ කිරීම, ඉන්දියාවේ රුපියල ශ්‍රී ලංකාවේ ව්‍යවහාරයට ගැනීම ආදියට දැන් පාර කපාගෙන යනවා. එට්කා ගිවිසුම එනවා. ආර්ථික පරිවර්තන පනත එනවා. ඒවා මඟින් ඕනෑම ඉන්දියානුවෙකුට ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කිරීමේ සම අයිතිය ලැබෙනවා. මෙවැනි භයානක න්‍යාය පත්‍රයක් කරේ තියාගෙනයි රනිල් වික්‍රමසිංහ මේ යමින් තිබෙන්නේ .

 ‘අපායේ ඉන්ටර්වල්‘

ඒ අස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා 13ත් පූර්ණ වශයෙන් බලාත්මක කරන්න සූදානමින් ඉන්නවානෙ. දැන් අනුර දිසානායකත් සජිත් ප්‍රේමදාසත් යාපනයට ගිහින් ඒකම කියනවා. පොලිස් බලතල ඇතුළුව 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට මේ සියලුදෙනා දැන් එකඟයි. හිතන්න එපා! 'අපි අර්බුදයෙන් එළියට ආවා' කියලා. මේක අපායේ ඉන්ටර්වල් එක. මේ අපායේ ඉන්ටර්වල් එක ඉවර වෙනවා, ණය ගෙවන්න පටන් ගත්තාම. ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් අවුරුදු 5ක සහන කාලයක් අරගෙන, ඒ අවුරුදු 5 අවසානයේ මේ රටේ ණය බර ඩොලර් බිලියන 150 දක්වා හෝ ඉහළ දමාගෙන ගමනක් යන්නයි රනිල් වික්‍රමසිංහ සූදානම් වෙන්නේ. ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන දෙකම කල් දමා ගන්න පුළුවන් බඩුවක් තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ. ග්‍රීසියට, ආජන්ටීනාවට අත්වූ ඉරණම අත්කර දෙන පාරකයි රනිල් වික්‍රමසිංහ මේ රට ගෙනයමින් තිබෙන්නේ. දේශීය ව්‍යවසායකයා බලගන්නවාද? දේශීය කර්මාන්ත බලගන්නවාද? නැහැ. මේ යන්නේ රට ගොඩදාන මාවතක නොවෙයි.

සර්වජන මාවත

අනුර දිසානායක හෝ සජිත් ප්‍රේමදාස මේ කිසිවක් පිළිබඳව කතා කරන්නේ නැහැ. මේ සියලුදෙනා 'අයිඑම්එෆ් වැල් පාලමේ' යන්නයි සූදානම. 'සර්වජන බලය' මේ ගමන පටන් ගත්තේ මේ රට ඒ ‘වැල් පාලමේ“ රැගෙන යන්න නොවෙයි, නිෂ්පාදනය බලගන්වන, මේ රට හදන මාවතක රැගෙන යන්නයි. 69 ලක්ෂයේ අපේක්ෂාවන් සඵල කරන මාවතක මේ රට රැගෙන යාම අපේ අරමුණයි. අපේ සභ්‍යත්ව උරුමය මත පදනම් වූ මාවතක, උතුරු - දකුණ වෙන් කරන මාවතක නොවෙයි, උතුරු - දකුණ - බටහිර - නැගෙනහිර එක මිටකට එකතු කරලා එකම දැයක් - එකම රටක් හදන මාවතක මේ රට රැගෙන යාමයි සර්වජන බලයේ අරමුණ.

'තුන්දෙනාම එකයි මල්ලී'

රනිල් - අනුර - සජිත් දැන් 13 ගැන එකම කතාව කියනවා. රනිල් කරන විනාශය ගැන අනෙක් දෙන්නා කතා කරන්නේ නැහැ. මේ ‘තුන්දෙනාම එකයි මල්ලී‘ කියලයි අපට කියන්න තියෙන්නේ. අපි මේ විනාශකාරී මෙහෙයුම පරද්දන්න සූදානම්. අපේ ගමන කිසිවෙකුට නවත්වන්න බැහැ. නවත්වන්න හිතන්නවත් එපා! ප්‍රතිවාදී මහත්වරුනි, සිහින දකින්න එපා! අපේ මේ ගමන ජයග්‍රහණයෙන් මිස කෙළවර කරන්නේ නැහැ.

'පාට තුනයි - එකම රැලයි'

'චෝල ආක්‍රමණ නතර කළේ කොළඹ වරායෙන් බාපු තෙල් අනුරාධපුරයට ගෙනිහින් අලින්ට- අශ්වයින්ට ගහලා' කියලයි ඉතිහාසඥ සුනිල් හඳුන්නෙත්ති හිතන්නේ. එදා කොළඹ තිබුණු ප්‍රාථමික වරාය සහ අනුරාධපුර රාජධානියේ වර්ධනය අතර සබඳතාවක් නැති බව මේ ඉතිහාසඥ සුනිල් හඳුන්නෙත්ති දන්නේ නැහැ. බලන්න, ‘මුදල් ඇමති සුනිල් හඳුන්නෙත්තිට‘ අනුව තියෙන්නේ උත්තර තුනයි. එක්කො රාජ්‍ය ආයතන විකුණන්න ඕනේ; නැත්නම් සල්ලි අච්චු ගහන්න ඕනේ; එහෙමත් නැත්නම් පොදු ජනයාගේ ස්ථිර තැන්පතුවලින් ගන්න ඕනේ. ඒ තුන හැර එයාට වෙන විකල්පයක් නැහැ. ඔය තුනෙන් එකක් කරන්න, 'රතු කොඩියක් වනන වාහෙ කෙනෙක්' ගේන්න ඕනෙද? ඔය ටිකමනේ රනිල් වික්‍රමසිංහ කරන්නෙ. ඕකට 'අනුර වික්‍රමසිංහ' ඕනෙද? තේරුම්ගන්න ආදරණීය අම්මේ, තාත්තේ මේ පාට තුනකින් ඉන්නේ මේ එකම රැලයි.

'සාන්ත දාන්ත තීන්ත කූඩු'

දැන් බලන්න, වික්‍රමසිංහ මහත්තයා ආවාට පස්සේ තිබෙන කාර්මික සාමය. ගෝඨාභය රාජපක්ෂලා ඉන්න කාලයේ 'අන්තරෙන් - මන්තරෙන් - යන්තරෙන්' සතියට එක බැගින් කොළඹට පෙළපාලි එනවා. දැන් මේ සියලුදෙනා 'සාන්ත - දාන්ත - තීන්ත කූඩු' වෙලා. බටහිරට උවමනා ‘පඹයා - කුලී කාක්කා- පඟර නැට්ටා“ පුටුවේ වාඩි වුණාම බටහිරට ගැති රතු කමිසධාරීන් හීලෑ වෙනවා; චරිතය මාරු කරනවා. 'උන් ඔක්කොම එකයි මල්ලී‘ වෙනවා.

වරද, නිවැරදි කරනවා

ගෝඨාභය රාජපක්ෂලා - බැසිල් රාජපක්ෂලා - පී.බී.ජයසුන්දරලා '69 ලක්ෂයේ ජනවරම' පාවා දුන්නාට ඒ ජනවරම නිර්මාණය කිරීමට පුරෝගාමී වූ අපට උන් කළ ඒ පාවාදීමේ වරදින් මිදෙන්න බැහැ. ඒ වරද නිවැරදි කරන්නයි අපි මේ සූදානම් වෙන්නෙ. සර්වජන බලය දේශපාලන එකමුතුවේ ඉන්නේ මේ රටේ සභ්‍යත්වයට ගරු කරන පිරිසක්. දැන් බලන්න, ආචාර්ය හරිනි අමරසූරිය කියනවා, 'සිද්ධාර්ථට වඩා යශෝධරා කැපකිරීම් කළා' කියා. මේ ගහන්නේ අපේ සභ්‍යත්වයට; අපේ මුදුන් මුලට.අනුර දිසානායක කියනවා, 'දේශපාලනයෙන් ආගම තුරන් කරනවා' කියා. දේශපාලනයෙන් ආගම තුරන් කරනවා නම් 'බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනු ලැබේ  අනෙකුත් ආගම් ද සුරක්ෂිත කරනු ලැබේ.' කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන වගන්තිය අයින් කරන්න වෙනවා. අපේ හාමුදුරුවනේ, මුන් ගහන්න හදන්නේ අපේ මුදුන් මුලට.

 ජාතියට නව මාවතක්

ඒ නිසා මේ 'ත්‍රෛවිද හොරු රැලකට' රැවටෙන්නේ නැතිව පෙරට යන්න අද අපි ජාතියට මාවතක් නිර්මාණය කළා. 'ආයෙත් වරද්දන්න, ඔබේ අපේක්ෂාවන්ට පස්ස හරවන්න ඉඩ තියන්නේ නැහැ.' කියන සහතිකය අපි දෙනවා. සිදුවූ වරද නිවැරදි කරන්න අපි නැවත එක්වෙමු. සමහරු අහනවා, 'ගෝඨාභය මහත්තයාත් මේ වේදිකාවට නග්ගනවාද? කියා. පිස්සු ද? එයා නැග්ගොත් අපටවත් නගින්න වෙන්නේ නැහැ. 'මේ සටන විජයග්‍රහණය කරවන්න, වාමවාදී, ප්‍රගතිශීලී, ජාතිකවාදී ලක් මවගේ දරුවනි, එක්වව් - රොද බ‍ඳිව්!' කියා ආරාධනා කරනවා“

මෙම 'සර්වජන බලය' මංගල ජනරැලිය අමතා මව්බිම ජනතා පක්ෂයේ නායක, සර්වජන බලය විධායක සභික, ව්‍යවසායක දිලිත් ජයවීර, පිවිතුරු හෙළ උරුමයේ නායක, සර්වජන බලය විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, සර්වජන බලය විධායක සභික, වෛද්‍ය ජී. වීරසිංහ, යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ස්වාධීන මන්ත්‍රී සංසදය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චන්න ජයසුමන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී.වී.ඩී. තිලකසිරි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ, මව්බිම ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක හේමකුමාර නානායක්කාර, මව්බිම ජනතා පක්ෂයේ උප සභාපතිනි, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, මව්බිම ජනතා පක්ෂයේ විධායක සභික නීතිඥ ඒ. ඩබ්ලිව්. එස්. අමීන්, මව්බිම ජනතා පක්ෂයේ විධායක සභික  සිවම් ලෝගනාදන් කෝබි යන මහත්ම මහත්මීහු ද අදහස් දැක්වූහ.

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කාරක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ












සම්බන්ධිත පුවත් | Related News

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 130ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 07 වනදා සිදුකිරීමට ලංසු කැදවයි.
හෙළයේ මහැදුරු මහාචාර්ය නලින් ද සිල්වා මැතිඳුන්ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය ඉකුත් දා කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි.
තමන්ව රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරයෙන් ඉවත් කරන ලද්දේ වර්තමාන ආණ්ඩුවට සම්බන්ධ ආචාර්ය සංගම්වල නියෝජිතයන් සහ ආණ්ඩුවට සම්බන්ධ ශිෂ්‍ය සංගම් විසින් බව රුහුණු විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා පවසයි.
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.
ජුනි මාසයේ විදුලි ගාස්තු ඉහළ යනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක අනාවරණ කර තිබේ.
අද වන විට මෙරට බියර් සමාගම් සඳහා බදු රහිතව සහල් ආනයනය කිරීමට අවස්ථාව ලබා දී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තුන් දින රාජ්‍ය සංචාරය අරඹමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇතැයි වාර්තා වෙයි.
පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකෙරන සියලු ප්‍රචාරක කටයුතු අද (03) මැදියම් රැයෙන් අවසන් වන බව මැතිවරණ කොමිසම පවසයි.

ප්‍රධාන පුවත්

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.