වෛද්‍ය චමල්ට හා වෛද්‍ය ජයරුවන්ට රෝහල් අධ්‍යක්ෂක තනතුරු ලබා නොදීමෙන්, සෞඛ්‍ය අමාත්‍යාංශය යළිත් අර්බුදයක... අර්බුදය විසඳිය නොහැකි රමේෂ් පතිරණ ඇමැතිවරයා ගැන කණගාටු වෙනවා - වෛද්‍ය චමල් සංජීව කියයි
නව රෝහල් අධ්‍යක්ෂකවරුන් පත් කිරීමේ දී රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් පවත්වන ලද සම්මුඛ පරීක්ෂණයේදී ලද කුසලතා පදනම මත රෝහල අධ්‍යක්ෂක තනතුරු ලබාදීමේ ප්‍රතිපත්තිය වෙනස් කරමින් අභ්‍යන්තර විමර්ශන පවත්වන රෝහල් අධ්‍යක්ෂකවරුන් සඳහා පත්වීම් ලබාදීම අත්හිටුවීමේ ක්‍රමය අනුගමනය කිරීම නිසා විශේෂඥ වෛද්‍ය ජී.ජී චමල් සංජීව සහ ජයරුවන් බණ්ඩාර යන මහත්වරුන්ට රෝහල් අධ්‍යක්ෂක තනතුරු ලබාදීම මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය ට සම්පූර්ණ කිරීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.
මීට පෙර පැවති පිළිගත් ක්‍රමය අනුව අභ්‍යන්තර විනය පරීක්ෂණ අවසාන වන තුරු තාවකාලිකව වැඩ බැලීමේ පදනම මත නියමිත සම්මුඛ පරීක්ෂණයේදී හිමි කුසලතා ස්ථානය ලබාදීම හෝ තාවකාලිකව අත්හිටුවීමේ ක්‍රමය අනුගමනය කළද මෙවර සම්පූර්ණයෙන්ම පත්වීම් ලබාදීමේ ලේඛනයෙන් ඉහත වෛද්‍යවරුන්ගේ නම් ඉවත් කිරීම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයට දෙවන ලේඛනයක් නිකුත් කිරීමටද සිදුවිය.
කෙසේ වුවත් මේ දක්වා විශේෂඥ වෛද්‍ය ජී.ජී චමල් සංජීව සහ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර යන මහත්වරුන්ට ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් වලට ගැලපෙන තනතුරු ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාසය තුළ කඹ ඇදීමක් නිර්මාණය වී ඇතැයි ද වාර්තා වේ.
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට රුධිර බැංකුවේ නියෝජ්‍යත්ව තනතුර ලබාදීමට එකඟතාවය පළ කර තිබූ නමුත් සෞඛ්‍ය ලේකම්වරයා විසින් එය වෙනස් කර ඇති බව වාර්තාවේ.
දිවයිනේ ප්‍රධාන පෙළේ රෝහල් රැසකම රෝහල් අධ්‍යක්ෂක තනතුරු හා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ තනතුරු පුරප්පාඩු වී පවතිද්දී ඉහත වෛද්‍යවරුන් සඳහා දුරස්ථ රෝහල් ලබා දීම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවද සඳහන්ය.
මේ සම්බන්ධව අප කළ විමසුමක දී පිළිතුරු දුන් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කලේ තම අධ්‍යාපන සුදුසුකම් වලට ගැලපෙන තනතුරක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාශය කටයුතු නොකළහොත් තමන් නීතිමය පියවර ලබාගන්නා බවයි.
එසේම මෙම අසාධාරණය රමේෂ් පතිරන අමාත්‍යවරයාගේ පාලන කාලයේ සිදුවීම ගැන කණගාටුවන බවත් තමාට වර්තමාන සෞඛ්‍ය පරිපාලනයට එරෙහිව වෙනම සටනක් ආරම්භ කිරීමට සිදුවන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..