කොරෝනාවටත් වඩා අතිශය භයානක බැක්ටීරියාවක් පැතිර යයි... පැය 48 කදී මරණයට වුවත් පත්විය හැකියි
කොරෝනාවලටත් වඩා දරුණු විය හැකි මාරාන්තික Streptococcal Toxic Shock Syndrome (STSS) නමැති බැක්ටීරියාවක් ඕස්ට්‍රේලියාව හා ජපානය ඇතුළු රටවල ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන අතර මෙය ශ්‍රී ලංකාවටද ඇතුළු වීමේ අවදානමක් මතුවී ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
මෙම බැක්ටීරියාව දරුණු ලෙස මිනිස් සිරුරට ඇතුළු වුවහොත් පැය හතළිස් අටක් ඇතුළත මිය යන බව විශේෂඥ වෛද්‍යවරු පවසති.
ජපානයේ ශීඝ්‍රයෙන් පැතිර යන මෙම බැක්ටීරියාවට පෙරේදා (16දා) වන විට ගොදුරු වී සිටින ජපනුන් ගණන 977ක් බව ජපන් සෞඛ්‍ය අංශ තහවුරු කරයි.
බැක්ටීරියාවට ගොදුරු වූ අයගෙන් 77 ක් මියගොස් ඇතැයි ජපන් සෞඛ්‍ය අංශ හෙළි කරයි. 2024 ජනවාරි සිට මාර්තු අතර මෙම මරණ සිදුව තිබේ.
ශරීරයේ මාංසපේශි දියවන මෙම බැක්ටීරියාව මේ වන විට ජපානය තුළ ශීඝ්‍රයෙන් පැතිර යන අතර ඉදිරි මාස හය තුළ තවත් එක්දහස් පන්සියයකට පමණ රෝගය ව්‍යාප්ත විය හැකි බවට පුරෝකතනය කරයි.
මෙම බැක්ටීරියාව කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවිය හැකි බැවින් එය වළක්වා ගැනීමට එරට සෞඛ්‍ය අංශ පියවර ගනිමින් සිටියි.
මෙම රෝගයේ ලක්ෂණ වන්නේ උගුර තුවාල වීම, අතපය වේදනාව, අඩු රුධිර පීඩන තත්ත්වයක් ඇති වීම, සිරුරේ අවයව ක්‍රියාකාරීත්වය අඩපණවීම හා සිරුර ඉදිමීම ආදිය බව වෛද්‍යවරු පවසති.
ජපාන සංචාරකයන් සැලකිය යුතු මට්ටමකින් මෙරට සංචාරය සඳහා පැමිණීමත් මෙරටින් එරටට පිරිස් යෑමත් ආදී කාරණා නිසා මෙම මාරාන්තික බැක්ටීරියාව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට ඉඩ ඇතැයි ද මෙරට සෞඛ්‍ය අංශ කියා සිටියි.
රට තුළ බරපතළ ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබීමත්, සෞඛ්‍ය අංශයේ කඩා වැටීමත් යන කාරණා සලකා බලන විට පැය හතළිස් අටකින් මියයා හැකි මෙවැනි බැක්ටීරියාවක් රටට ඇතුළු වීම වළක්වාලීමට සෞඛ්‍ය බලධාරීන් වහා පියවර ගත යුතුව ඇතැයි ද වෛද්‍යවරු පවසති.
මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වමල් විජේසිංහ මහතා කියා සිටින්නේ මෙය ගෝලීය වසංගත තත්ත්වයකට පත්ව නොමැති බවයි. ඒ නිසා ශ්‍රී ලංකාවේ අය මේ පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නැතැයි ද ඒ මහතා කියයි.
මෙවැනි මාරාන්තික බැක්ටීරියාවක් ජපානයේ පැතිර ගියත් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳ තවමත් කිසිවක් ප්‍රකාශ කර නැතැයි ද වෛද්‍ය වමිල් විජේසිංහ මහතා කියයි.
යම්කිසි ආකාරයකට මෙම බැක්ටීරියාව රටට ඇතුළු වුවත් ඒ පිළිබඳ සෞඛ්‍ය බලධාරීන් අවශ්‍ය පියවර ගැනීම සඳහා නිරන්තර අවදියෙන් සිටින බවද ඒ මහතා කියයි.
ඒ නිසා ජපානයේ හා ඕස්ට්‍රේලියාවේ පැතිර ඇතැයි කියන මෙම බැක්ටීරියාව පිළිබඳ කිසිවකු අනියත බියක් ඇති කරගත යුතු නැතැයි යන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථාවරය බවද ඒ මහතා කියා සිටියි.
– ශිරාන් රණසිංහ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..