
කොරෝනාවටත් වඩා අතිශය භයානක බැක්ටීරියාවක් පැතිර යයි... පැය 48 කදී මරණයට වුවත් පත්විය හැකියි
කොරෝනාවලටත් වඩා දරුණු විය හැකි මාරාන්තික Streptococcal Toxic Shock Syndrome (STSS) නමැති බැක්ටීරියාවක් ඕස්ට්‍රේලියාව හා ජපානය ඇතුළු රටවල ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන අතර මෙය ශ්‍රී ලංකාවටද ඇතුළු වීමේ අවදානමක් මතුවී ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
මෙම බැක්ටීරියාව දරුණු ලෙස මිනිස් සිරුරට ඇතුළු වුවහොත් පැය හතළිස් අටක් ඇතුළත මිය යන බව විශේෂඥ වෛද්‍යවරු පවසති.
ජපානයේ ශීඝ්‍රයෙන් පැතිර යන මෙම බැක්ටීරියාවට පෙරේදා (16දා) වන විට ගොදුරු වී සිටින ජපනුන් ගණන 977ක් බව ජපන් සෞඛ්‍ය අංශ තහවුරු කරයි.
බැක්ටීරියාවට ගොදුරු වූ අයගෙන් 77 ක් මියගොස් ඇතැයි ජපන් සෞඛ්‍ය අංශ හෙළි කරයි. 2024 ජනවාරි සිට මාර්තු අතර මෙම මරණ සිදුව තිබේ.
ශරීරයේ මාංසපේශි දියවන මෙම බැක්ටීරියාව මේ වන විට ජපානය තුළ ශීඝ්‍රයෙන් පැතිර යන අතර ඉදිරි මාස හය තුළ තවත් එක්දහස් පන්සියයකට පමණ රෝගය ව්‍යාප්ත විය හැකි බවට පුරෝකතනය කරයි.
මෙම බැක්ටීරියාව කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවිය හැකි බැවින් එය වළක්වා ගැනීමට එරට සෞඛ්‍ය අංශ පියවර ගනිමින් සිටියි.
මෙම රෝගයේ ලක්ෂණ වන්නේ උගුර තුවාල වීම, අතපය වේදනාව, අඩු රුධිර පීඩන තත්ත්වයක් ඇති වීම, සිරුරේ අවයව ක්‍රියාකාරීත්වය අඩපණවීම හා සිරුර ඉදිමීම ආදිය බව වෛද්‍යවරු පවසති.
ජපාන සංචාරකයන් සැලකිය යුතු මට්ටමකින් මෙරට සංචාරය සඳහා පැමිණීමත් මෙරටින් එරටට පිරිස් යෑමත් ආදී කාරණා නිසා මෙම මාරාන්තික බැක්ටීරියාව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට ඉඩ ඇතැයි ද මෙරට සෞඛ්‍ය අංශ කියා සිටියි.
රට තුළ බරපතළ ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබීමත්, සෞඛ්‍ය අංශයේ කඩා වැටීමත් යන කාරණා සලකා බලන විට පැය හතළිස් අටකින් මියයා හැකි මෙවැනි බැක්ටීරියාවක් රටට ඇතුළු වීම වළක්වාලීමට සෞඛ්‍ය බලධාරීන් වහා පියවර ගත යුතුව ඇතැයි ද වෛද්‍යවරු පවසති.
මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වමල් විජේසිංහ මහතා කියා සිටින්නේ මෙය ගෝලීය වසංගත තත්ත්වයකට පත්ව නොමැති බවයි. ඒ නිසා ශ්‍රී ලංකාවේ අය මේ පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නැතැයි ද ඒ මහතා කියයි.
මෙවැනි මාරාන්තික බැක්ටීරියාවක් ජපානයේ පැතිර ගියත් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳ තවමත් කිසිවක් ප්‍රකාශ කර නැතැයි ද වෛද්‍ය වමිල් විජේසිංහ මහතා කියයි.
යම්කිසි ආකාරයකට මෙම බැක්ටීරියාව රටට ඇතුළු වුවත් ඒ පිළිබඳ සෞඛ්‍ය බලධාරීන් අවශ්‍ය පියවර ගැනීම සඳහා නිරන්තර අවදියෙන් සිටින බවද ඒ මහතා කියයි.
ඒ නිසා ජපානයේ හා ඕස්ට්‍රේලියාවේ පැතිර ඇතැයි කියන මෙම බැක්ටීරියාව පිළිබඳ කිසිවකු අනියත බියක් ඇති කරගත යුතු නැතැයි යන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථාවරය බවද ඒ මහතා කියා සිටියි.
– ශිරාන් රණසිංහ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)
විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
