
69 ලක්‍ෂයේ අපේක්‍ෂා දිනවන්න අද හවසට නුගේගොඩට එන්න - විමල් වීරවංශ
69 ලක්ෂයේ ජනවරමට සම්මාදම් වූ සහ අද වන විට යම් යම් හේතු මත අපේක්ෂාභංගත්වයට පත්ව සිටින සියලු ජනතාවට, “එම ජනවරමින් අපේක්ෂා කළ සැබෑ අරමුණු ජයග්‍රහණය කිරීමෙහි මූලාරම්භක අවස්ථාව සේ සලකා” අද(18) සවස 2:00ට නුගේගොඩදී ඇරඹෙන “සර්වජන බලය” දේශපාලන එකමුතුවෙහි ප්‍රථම දැවැන්ත ජනරැලියට එක්වන්නැයි එම දේශපාලන එකමුතුවේ විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇරයුම් කර සිටියි.
“සර්වජන බලය” දේශපාලන එකමුතුව අද(18) දිනයේ පවත්වනු ලබන ප්‍රථම දැවැන්ත ජනරැලිය පිළිබඳව දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ මහතා මෙසේ සඳහන් කළේය.
මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ‘යුතුකම’ ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ස්වාධීන මන්ත්‍රී සංසදය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. ඩී. වී. තිලකසිරි යන සර්වජන බලය දේශපාලන එකමුතුවෙහි විධායක සභිකයෝ ද මෙහිදී අදහස් දැක්වූහ.
වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.
“මෙම මාධ්‍ය හමුව පවත්වනු ලබන්නේ ‘සර්වජන බලය’ දේශපාලන එකමුතුව පිහිටුවීමෙන් පසුව පවත්වනු ලබන පළමු දැවැන්ත මහජන රැලිය පිළිබඳව මාධ්‍යවේදී ඔබ හරහා මේ රටේ පොදු මහජනතාව දැනුම්වත් කිරීමටයි. අපි මෙහිදී පළමුව පැහැදිලි කළ යුතුයි, ‘සර්වජන බලය නමින් මෙවැනි එකමුතුවක් පිහිටුවන්නේ ඇයි? සහ එම එකමුතුවෙන් ජනතා ක්‍රියාකාරීත්වය බලගැන්වීමට බලාපොරොත්තු වන්නේ ඇයි?’ කියන එක.
69 ලක්ෂයේ ජනවරමේ අපේක්ෂාව
ඔබ දන්නවා,මෙම දේශපාලන එකමුතුව නියෝජනය කරනු ලබන්නේ 69 ලක්ෂයේ ජනවරම ගොඩනඟන්න විවිධ මට්ටමෙන්, විවිධ අයුරින් දායක වූ දේශපාලන පක්ෂ සහ ජාතික සංවිධාන බව. සාධාරණ, විනයගරුක, නීතිගරුක හා සෞභාග්‍යවත් සමාජයක් ගොඩනඟා ගැනීමේ අපේක්‍ෂාව තමයි 69 ලක්ෂය ජනවරම තුළ නිධන්ගතව තිබුණේ. ඒ නිසාම තමයි 69 ලක්ෂයේ ජනවරම තුළ ඉතිහාසයේ වැඩිම තරුණ ඡන්ද සංඛ්‍යාවක් අන්තර්ගතව තිබුණේ. තාප්පවල චිත්‍ර ඇඳි තරුණයන්ගේ අහිංසක බලාපොරොත්තු කවරාකාරදැයි අපි අමුතුවෙන් කිවයුතු නැහැ.
අපේ ‘අත්හල නොහැකි’ වගකීම
ගෝඨාභය රාජපක්ෂ පාලනය පිළිබඳව තැබූ බලාපොරොත්තු කාලයාගේ ඇවෑමෙන් ක්‍රමානුකූලව බිඳවැටෙන විට එම ජනවරම නිර්මාණය කිරීමට දායක වූ මිනිස්සු අපේක්‍ෂාභංගත්වයට පත්වීමට පටන් ගත්තා. මේ ජනවරම ගොඩනැගීමට විවිධ අයුරින් දායක වූ අපට පැහැරහැරිය නොහැකි වගකීමක් තිබෙනවා. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනඒමෙන් බලාපොරොත්තු වූ ඒ මහා ජනසන්නිපාතයේ අපේක්ෂාවන් සඵල කිරීමට ඉදිරියට ඒම. ඒ වගේම අපි විශ්වාස කරන්නේ නැහැ, ‘අද මේ රට රැගෙන යන රනිල් වික්‍රමසිංහ ඇතුළු පොහොට්ටු කල්ලියේ වැඩපිළිවෙළට හෝ එම වැඩපිළිවෙළ නියමින් හෝ අනියමින් අනුමත කරමින් නිහඬව සිටින විපක්ෂ කල්ලිකණ්ඩායම්වලට 69 ලක්ෂයේ ජනවරමේ අපේක්ෂාවන් සඵල කළ හැකියි’ කියා.
මහා දේශපාලන රික්තකය පිරවීමට…
ඒ නිසා තමයි ඒ ‘මහා දේශපාලන රික්තකය පිරවීමට’ අපි ‘සර්වජන බලය’ නමින් එකමුතු වුණේ. ඒ එකමුතුවේ පළමු ජන ඒකරාශී කිරීම තමයි අද(18) සවස දෙකට නුගේගොඩ පැවැත්වෙන්නේ. ඒ මහා ජනවරමට සම්මාදම් වූ, ඒ වගේම අද යම් යම් හේතු මත අපේක්ෂාභංගත්වයට පත්ව සිටින සියලු ජනතාවට අපි ඇරයුම් කරනවා, ’69 ලක්ෂයේ ජනවරමින් අපේක්ෂා කළ සැබෑ අරමුණු ජයග්‍රහණය කිරීම සඳහා අද දිනයේ සවස දෙකට නුගේගොඩට පැමිණෙන්න’ කියා.
(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
