
බහුදින යාත්‍රාවේ බඳෙන් කෝටි 325 ක මත්කුඩු එළියට එයි
රුපියල් කෝටි 325ක වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 131 ක් හා ග්‍රෑම් 354 ක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින යාත්‍රාවක් සමඟ පුද්ගලයින් හයදෙනකු දෙවුන්දර සිට දකුණු දෙසට නාවික සැතපුම් 356 ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය මස 11 වැනිදා හය දෙනකු සමග දෙවිනුවර ධීවර වරායෙන් මුහුදු ගොස් ඇති ඉඳුනිල් පුතා 6 IMULA 0201 MTR නමැති බහුදින යාත්‍රාවයි.
පළමුව එම ධීවර යාත්‍රාව තුළ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් තිහක් සොයා ගෙන තිබේ. හෙරොයින් ප්‍රවාහනය කරන බවට ලැබුණ තොරතුරක් මත ඈත මුහුදේදී සැකපිට අත්අඩංගුවට ගෙන ගාලු වරායට ගෙනැවිත් එම යාත්‍රාව පුළුල් ලෙස පරීක්ෂා කරද්දී යාත්‍රාවේ තිබී රුපියල් කෝටි 325 ක් වටිනා හෙරොයින් කිලෝ 131යි ග්‍රෑම් 354 ක් පෙරේදා (15දා) සවස සොයා ගන්නා ලදී.
නාවික හමුදාවට ලැබුණ තොරතුරක් අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයත් සමග එක්ව ඈත මුහුදේදී ඉකුත් 11 වැනිදා යාත්‍රාව අත්අඩංගුවට ගෙන සිකුරාදා (14) සවස ගාල්ල වරායට ගෙනැවිත් පරීක්ෂා කළත් යාත්‍රාව තුළ තිබී සැක කටයුතු කිසිවක් හමුවී නැත.
පසුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් ස්කෑන් පරීක්ෂණයක් කර ඇති අතර එහිදී අනාවරණයවී ඇත්තේ යාත්‍රාවේ බඳේ ෆයිබර් තහඩු තුළ සැක කටයුතු පාර්සල් තොගයක් සඟවා තිබෙන බවය. ඒ අනුව නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් එක්ව යාත්‍රාවේ ඉදිරිපස බඳ කොටසේ සූක්ෂම ලෙස සඟවා තිබූ හෙරොයින් තොගය පිටතට ගෙන අත්අඩංගුවට ගෙන ඇත.
පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ විදෙස් යාත්‍රාවකින් ජාත්‍යන්තර මුහුදේදී මෙම හෙරොයින් තොගය ලබාදී ඇති බවය. යාත්‍රාවේ මාළු කිසිවක් තිබී නැති අතර යාත්‍රාව මුහුදු ගොස් ඇත්තේ මෙම හෙරොයින් තොගය මෙරටට ගෙන ඒම සඳහාම බවටද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකළ පරීක්ෂණ ඔස්සේ අනාවරණය වී තිබේ.
මෙම යාත්‍රාවේ හිමිකරු දෙවිනුවර වෙලේගොඩ ගුණපාල මාවත පදිංචිකරුවෙකි. එය පදවන්නා (ස්කීපර්) ලෙස කටයුතු කර ඇත්තේ දෙවිනුවර කපුගම නැගෙනහිර පදිංචි පුද්ගලයකු වන අතර ධීවරයින් ලෙස ගොස් ඇත්තේද දෙවිනුවර කපුගම නැගෙනහිර සහ රස්සන්දෙණිය ප්‍රදේශවල පදිංචි පස්දෙනෙකි. වැඩිදුර පරික්ෂණ සඳහා සැකකරුවන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
