21 වැනි සියවසේ ආර්ථිකය ගැන ඉගෙනගන්න ජනපති රනිල් මන්ත්‍රීවරුන්ව පන්ති යවන්න සැරසේ
21 වැනි සියවසේ ආර්ථිකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පන්ති පැවැත්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, කොළඹ පැවැති වැඩසටහනකට එක්වෙමිනි.
ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව සඳහා වන "Public Learn Education Platform" හෙවත් පොදු ඉගෙනුම් අධ්‍යාපන වේදිකාව ඊයේ (13) ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිල වශයෙන් එළිදැක්විය.
ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
ලොව ප්‍රමඛ පෙළේ විශ්වවිද්‍යාලවලින් නොමිලේ පාඨමාලා හැදෑරීම සඳහා පරිශීලකයින් යොමු කරවන මෙම අධ්‍යාපන වේදිකාවට අරමුදල් සපයා ඇත්තේ එක්සත් රාජධානියේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව විසිනි.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,
"දැනුමට ප්‍රතිලාභ හිමිවන සමාජයකය අපි අද ජීවත් වෙන්නේ. ඒ වගේම අපිට ඒ තරගයට එක්වෙන්න සිදුවෙලා තියෙනවා. ඇත්තෙන්ම අපි ඉහළම මට්ටමේ අය බිහිකරන්න ඕනේ. එය ශ්‍රී ලංකාවට දුෂ්කර කාරණයක් නෙමෙයි. කොතරම් අඩුපාඩු තිබුණත් මට හිතෙන්නේ අපේ අධ්‍යාපනයේ ප්‍රතිඵළ ඉහළයි. ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට අපේ සිතුම් පැතුම්වල පරිවර්තනයකුත් අවශ්‍ය වෙනවා. එය සැබැවින්ම අපට ළඟාකර ගතහැකි මෙවලමක්. අප දැන් ඉන්නේ එම අධ්‍යාපනයේ තුන්වැනි අදියරේ. ඒ ඩිජිටල්කරණය වූ අධ්‍යාපන පද්ධතියේ විවෘත වේදිකාවක් ඔස්සේ දැනුම භාවිත කිරීමයි. අප ඩිජිටල් ආර්ථිකයක් දෙස අවධානය යොමුකරන අතරම නවතම තාක්ෂණය යොදාගන්නත් අප බලාපොරොත්තු වෙනවා. අප බුද්ධිය පාවිච්චි කර සිතුවොත් පමණයි ශ්‍රී ලංකාවට ඉදිරියට යා හැක්කේ. ඇත්තෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්න මගේ සමහර මිතුරන්ට එය අවශ්‍ය වෙනවා , 21 වැනි සියවසේ ආර්ථිකය මොකක්ද කියලා හඳුනාගන්න. මම හිතන්නේ අපට ඔවුන් සඳහාත් පංතියක් සකස් කරන්න පුළුවන්. "
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..