සර්වජන බලයේ මංගල ජන රැලිය 18 දා නුගේගොඩ දී
එළඹෙන 18 අඟහරුවාදා නුගේගොඩදී සර්ව ජන බලයේ මංගල ජන රැලිය පැවැත්වීමට නියමිත බව සර්වජන බලය විසින් කැඳවූ මාධ්‍ය හමුවේදී පැවසීය.
ඒ අනුව 69 ලක්ෂයෙන් කෙනෙක් නම් 18 වැනිදාට නුගේගොඩට පැමිණෙන ලෙස මෙරට ජාතිකවාදී දේශප්‍රේමී ජනතාව වෙත ගෞරවයෙන් ආරාධනා කරන බව මාධ්‍ය හමුවට එක් වූ සර්වජන බලයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය. ලක්ෂ 69 පිහිටෙන් පාර්ලිමේන්තුවට පැමිණි ඇතැම් අය හුදු බලය ලබා ගැනීමට විවිධ තැන්වලට පැන්නද, එකී ජනතාවගෙන් බහුතරයක් තවමත් නිහඬව, වෙන්නේ කුමක්දැයි බලා සිටින බවද හෙතම පැවසීය. අවස්ථාවාදීන් කොහේ පැන්නද ජාතික කඳවුර සහ ජාතික බලවේග නොනැසී පවතින බවද හෙතෙම අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවටත් රටේ ආරක්ෂක හමුදාවන්ටත් එල්ලවූ යුද අපරාධ චෝදනාවලට එරෙහිව නැගී සිටිමින් රටේ ස්වෛරීත්වය ආරක්ෂා කර ගැනීමට පෙළ ගැසුණු 69 ලක්ෂයක් ජනතාවගේ අභිලාශය මුදුන් පමුණුවාලීම සඳහා අඛණ්ඩව පෙනී සිටින බවත් ඒ සඳහා මේ වන විට රටේ පවතින එකම දේශපාලන බලවේගය සර්වජන බලය දේශපාලන එකමුතුව බවත් ඔහු කියා සිටියේය.
2015 දී ජනතාව ලබා දුන් ජන වරම එම ජනවරමින් පාර්ලිමේන්තුවට පැමිණි මහජන නියෝජිතයින් විසින් රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ඉදිරියේ ජාතික අභිලාශ පාවාදෙමින් සිටින බව මාධ්‍ය හමුවට එක වූ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් පැවසුවේ 13 සංශෝදනයක් ගැන පවසමින්, දෙමල ජනතාව රවටමින්, නැති ප්‍රශ්නයකට පිළිතුරු ලබා දීමට අවස්තාවාදී දේශපාලකයන් කටයුතු කරමින් සිටින බවයි.
මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර සහ උප සභාපතිනි අනුරාධා යහම්පත් ,පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ප්‍රජාතාන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් වාසුදේව නානායක්කාර, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරසිංහ , ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් වෛද්‍ය ජී විරසීංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, යුතුකම ජාතික සංවිධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග සහ ස්වාධීන මන්ත්‍රී සංසදයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මෙම දේශපාලන එකමුතුවේ විධායක කමිටු සාමාජිකයින් ලෙස කටයුතු කරයි.
– Repoter
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..