අයවැය පොරොන්දුවල ප්‍රගතිය ගැන කිසිම තොරතුරක් නැහැ – වෙරිටේ රිසර්ච් ආයතනය හෙළිකරයි
පසුගිය අයවැයෙන් (2023) බිලියන 43.8ක් වෙන් කළ ව්‍යාපෘතිවල ප්‍රගතිය ගැන තොරතුරු ලබා දීමට රජය අපොහොසත් වී ඇතැයි වෙරිටේ රිසර්ච් සමීක්‍ෂණ ආයතනය කියයි.
2023 අයවැය කතාවට ඇතුළත් කර තිබූ වටිනාකම වැඩිම වියදම් යෝජනා 25ට රුපියල් බිලියන 49.3ක මුදලක් ප්‍රතිපාදන වශයෙන් වෙන් කර තිබිණ. නමුත් එම මුදලින් රුපියල් බිලියන 43.8ක (එනම් 89%) මුදලක් වෙන් කර තිබූ අයවැය පොරොන්දුවල ප්‍රගතිය ගැන තොරතුරු ලබාදීමට රජය අපොහොසත්ව ඇති බව වෙරිටේ රිසර්ච් සිදුකරන වාර්ෂික අයවැය ප්‍රගති සමාලෝචනයෙන් අනාවරණය වී ඇත.
එහි මෙසේ ද සඳහන් වේ.
පොරොන්දු අනුව සැලකූවිට 2023 වසරේ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර ඇත්තේ පොරොන්දු 25න් 4ක් පමණක් (16%) පමණකැයි ද උදාහරණයක් ලෙස ළමා පෝෂණ තත්ත්වය නැංවීමට රුපියල් මිලියන 500ක් වෙන් කිරීම ගෙනහැර දැක්විය හැකි යැයිද එහි දැක්වේ.
මුදල් අමාත්‍යාංශය එහිලා වෙරිටේ රිසර්ච් වෙත දැනුම් දී ඇත්තේ එම පොරොන්දුව ක්‍රියාත්මක කිරීමේ වගකීම ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බවය. එහිලා කරන ලද පසු විපරම්වලදී හෙළිවී ඇත්තේ එහිලා අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශය ජාතික අයවැය දෙපාර්තමේන්තුව ව්‍යාපෘති යෝජනාවක් යොමු කර ඇතත් තවමත් මුදල් ලැබී නැති බව සඳහන් වී යැයිද එහි සඳහන් වේ.
පොරොන්දු ඉටු කිරීමට වෙන් කළ මුදල සලකා බැලුවොත් 2023 වසරෙහි තත්ත්වය පිළිබඳ සෑහීමකට පත්විය නොහැක. ප්‍රගතිය මැනීමට තරම් තොරතුරු පැවැති අයවැය පොරොන්දු 18ට අදාළ මුළු වටිනාකම රුපියල් බිලියන 5.4ක් පමණක් වූ අතර එය සමස්ත මුදලින් 11%ක් වැනි සුළු ප්‍රමාණයකි.
විශේෂයෙන්ම සමාජ ආරක්ෂණ වැඩසටහන් සම්බන්ධයෙන් ලබාගත හැකි තොරතුරු ප්‍රමාණය ඉතා අඩු මට්ටමක පවතින අතර, ගෙවුණු වසර දෙකක කාලයේ අයවැය තුළින් වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ ද ඒවාටය. 2022 වසරේ රුපියල් බිලියන 26.8ක් ද 2023 වසරේ රුපියල් බිලියන 43ක් ද එසේ වෙන් කර තිබෙන අතර, එම පොරොන්දුවල ප්‍රගතිය සම්බන්ධයෙන් තොරතුරු ප්‍රසිද්ධ කිරීමට රජය 2022 සහ 2023 යන වසර දෙකෙහිම අපොහොසත්ව ඇත යැයිද එම වාර්තාව සඳහන් කරයි.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..