මිල්කෝ ආයතනය ඉන්දියානු සමාගමකට විකුණන්න සූදානම් වෙනවා... විකුණන්කෑමෙන් ලැබෙන සුගතිය මොකක් ද? - විමල් ප්‍රශ්න කරයි
ලෝක ආර්ථිකය හැකිළීම ඇතුළු ලෝකය මුහුණ දී ඇති අර්බුදයන් තවදුරටත් උත්සන්න වීමට ඊශ්‍රායල - පලස්තීන යුද ගැටුම හේතු වන බවත් එවැනි තත්ත්වයක් තුළ සමස්ත ලෝකවාසීන්ගේම යහපත පිණිස, ඊශ්‍රායල - පලස්තීන යුද ගැටුම සමනයට, සෑම ලෝක බල කඳවුරක්ම වහාම කටයුතු කළ යුතුව ඇතැයි උත්තර ලංකා සභාගය අවධාරණය කරයි.
අද(12) බොරැල්ලේ පිහිටි, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැති උත්තර ලංකා සභාගයේ පක්ෂ නායක මාධ්‍ය හමුවට එක්වෙමින්, එහි සභාපති ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා එසේ අවධාරණය කළේය.
මෙම මාධ්‍ය හමුවට උත්තර ලංකා සභාගයේ ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා ද සහභාගි විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා මෙසේ ද සඳහන් කළේය.
"ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ඇති වෙමින් පවතින යුද ගැටුම අද ලෝකය මුහුණ දී ඇති අර්බුදයන් තවත් උත්සන්න කිරීමක් මිස ඒවා සමනය කිරීමට හේතුවක් වෙන්නේ නැහැ. මේ යුද ගැටුම උග්‍ර වන තරමට, එයට තවත් රටවල් සම්බන්ධ වන තරමට හැකිළෙමින් තිබෙන ලෝක ආර්ථිකය තවදුරටත් හැකිළෙනවා මිස ප්‍රසාරණය වන්නේ නැහැ. මේ වනවිටත් ආර්ථික අර්බුදයක් හේතුවෙන් ආර්ථිකයේ බරපතළ හැකිළීමකට මුහුණ දී සිටින අපට ද ජාතියක් ලෙස මේ ගැටුමෙහි ප්‍රතිඵල බරපතළ ලෙස දැනේවි. සමස්තයක් ලෙස මුළුමහත් ලෝකයටම මානුෂවාදීමය කම්පනයට පත් කරන, අඳුරු ප්‍රතිඵල භුක්ති විඳීමට සිදු වේවි. උත්තර ලංකා සභාගය හැටියට අපේ ස්ථාවරය වී තිබෙන්නේ, 'ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ඇති වෙමින් තිබෙන යුද ගැටුම හැකිතාක් ඉක්මනින් සමනය කර ගැනීම සඳහා ලෝකයේ සෑම බල කඳවුරක්ම කටයුතු කළ යුතුයි' යන්නයි.
විදුලි බිල තව වටයකින් ඉහළට...
අපේ රටේ පහළ ආදායම් ලබන ජනතාව මෙන්ම මැද පංතියේ ජනතාව ද අද ජීවත් වෙන්නේ ආර්ථික අර්බුදයක කරවටක් ගිලිලයි. ඔවුන් සියලුදෙනාම උපයන මුදලින් ජීවත් විය නොහැකි තත්ත්වයකට පත්ව සිටිනවා. මේ කනගාටුදායක තත්ත්වය තවදුරටත් තීව්‍ර කරන්න, දැන් මේ ආණ්ඩුව සූදානම් වෙනවා. ඒ ඒ විදුලි බල මණ්ඩලයේ පාඩුවක් ගැන කියමින් විදුලි බිල තවත් වටයකින් ඉහළ දැමීමෙනුයි. එහෙම කළොත් 'පාන්' කියාගන්නවත් බැරුව ඉන්න මේ රටේ සාමාන්‍ය ජනතාව එතැනින් තවත් පහළට වැටෙනවා.
රට හැර යන තත්ත්වයට ඇද දමන තීන්දුවක්
විදුලි බිල ඉහළ යනවා, කියන්නේ මේ රටේ සෑම පාරිභෝගික භාණ්ඩයකම සහ සේවාවකම මිල ඉහළ යනවා, කියන එකයි. දැන් වෘත්තිකයන් විදෙස්ගත වෙනවා, 'ලැබෙන වැටුපෙන් බදු ගෙවලා ජීවත් වෙන්න අමාරුයි' කියලා. වෘත්තිකයන් පමණක් නොවෙයි 'යමක්කමක් කරගන්න පුළුවන් හැම මිනිහාම' මේ රට හැර යන තත්ත්වයට ඇද දමන එක ද ආණ්ඩුවක වගකීම? ආර්ථික අර්බුදය සමනය කරන්නේ මේ රටේ යමක්කමක් කරගන්න පුළුවන් හැම මිනිහාම රටින් එළියට ඇද දමලා ද? විදුලි බිල පිළිබඳ තීරණ ගන්න ඕනේ විදුලි බල මණ්ඩලය ගැන විතරක් හිතලා නොවෙයි, මේ සමස්ත පින්තූරය දෙස බලලා. විදුලි බල මණ්ඩලයේ තිබෙන අකාර්යක්ෂමතාව, නාස්තිය වැනි හැම අඩුපාඩුවකම ප්‍රතිඵල මහජනයාගේ පිට පටවන්න එපා! ඒ නිසා අපි ආණ්ඩුවට අවධාරණය කරනවා, 'එක එක වෙලාවට විදුලි බල මණ්ඩලයේ පාඩුවක් පෙන්වමින් විදුලි බිල වැඩි කරලා සමස්ත පාරිභෝගික භාණ්ඩ හා සේවාවන්හි මිල ඉහළ යෑමට ඉඩ සැලැස්වීමෙන් වළකින්න. එහෙම කළොත් මේ රට මුඩුබිමක් බවට පත් වේවි, යමක්කමක් ඇති සියලුදෙනා මේ රට හැර යාවි' කියා.
විකුණන්කෑමෙන් ලැබෙන සුගතිය?
දැන් මේ ආණ්ඩුව ආර්ථික අර්බුදයට උත්තරය ලෙස දකින්නේ පෞද්ගලීකරණයයි. ඒ වගේම මේ අය පෞද්ගලීකරණය කරන්න හදන්නේ පාඩු ලබන රාජ්‍ය ආයතන නොවෙයි, ලාභ ලබන ආයතන. ඊට අදාළව මේ වනවිට කැබිනට් පත්‍රිකා කිහිපයක්ම ගෙනවිත් තිබෙනවා. ඊට හොඳම නිදසුන තමයි මිල්කෝ ආයතනය විකිණීමට රැගෙනවිත් තිබෙන කැබිනට් පත්‍රිකාව. මිල්කෝ ආයතනය විකුණන්න හදන්නේ ඊට අයත් නිෂ්පාදන කර්මාන්තශාලා පමණක් නොවෙයි, ගොවිපළවල් සහ තණබිම් ද ඇතුළත්ව. ඉන්දියානු සමාගමකටයි මේ සියල්ල දෙන්න සූදානම් වෙන්නේ. එහෙම විකුණන්කෑමෙන් ලැබෙන සුගතිය කුමක්ද?
වැරදි ආර්ථික මොඩලයට තිත තියමු!
අපි දන්නවා, හයිලන්ඩ් යෝගට් එකේ තිබෙන ප්‍රමිතිය මෙරට අනෙකුත් යෝගට්වල නොමැති බව. මේ විකුණන්කෑමෙන් එක පැත්තකින් මේ රටේ ජනතාවට ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදනයන් මිලදී ගැනීමේ හැකියාව අහිමි වෙනවා. අනෙක් පැත්තෙන් ලාභ ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම මගින් මේ රට ආර්ථිකමය වශයෙන් වෙනත් පාර්ශ්ව මත යැපීම වැඩි වෙනවා. මේ විකුණන්කෑමේ උපායමාර්ගයේ ප්‍රතිඵලය ලෙස තමයි ශ්‍රී ලංකාව අද මේ ඉරණමට පත්ව තිබෙන්නේ. මේ ආණ්ඩුව ඒ වැටුණු වළෙන් ගොඩඒමට පාවිච්චි කරන්නෙත් ඒ වැරදුණු උපායමාර්ගයමයි. ඒ වැරදුණු උපායමාර්ගය කරේ තබාගෙන ගිහිල්ලා මේ අර්බුදයෙන් ගොඩඒමට බැහැ. තව තවත් වෙනත් ජාතීන් මත යැපීමට සිදු වන, ගොඩඒමට නොහැකි පත්ලක් වෙත ඇද දමන මේ වැරදි ආර්ථික මොඩලයෙන් මේ රට අපි එළියට ගත යුතුයි. අද විපක්ෂයේ දේශපාලන පක්ෂත් 'ඒ මොඩලයම තමයි හොඳ' කියමින් බලය ඉල්ලනවා. බලය කවුරු ගත්තත් මේ වැරදි ආර්ථික මොඩලය නම් කර තබාගෙන යන්නේ, ඒ මොඩලය මගින් නම් උත්තර හොයන්නේ රට වළපල්ලට වැටීම හැර වෙන දෙයක් ලැබෙන්නේ නැහැ.
සැබෑ අරගලය කුමක්ද?
'මේ වැරදි ආර්ථික මොඩලයෙන් එළියට ඒමේ මාර්ගය අප පාදාගත යුතුයි; ඒ සඳහායි මේ රටේ ජනතාව අරගල කළ යුත්තේ' යන්නයි උත්තර ලංකා සභාගයේ මතය වී ඇත්තේ."
(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි