බහු ධ්‍රැවීය ලෝකයක රුසියාවේ භූමිකාව: ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සංසදයේ පූර්ණ සැසිවාරයේදි පුටින් පහදයි
රුසියානු ආර්ථිකය ලෝක ආර්ථිකයේ සාමාන්‍යයට වඩා වර්ධන වේගයක් පෙන්නුම් කර ඇති බවත් අන්‍යෝන්‍ය ගෞරවය මත ගොඩනැගුණු නව නැගී එන බහුධ්‍රැව ලෝකයකට සක්‍රීයව අනුගත වෙමින් සිටින බවත් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සංසදයේ (St. Petersburg International Economic Forum -SPIEF) පූර්ණ සැසිවාරය අමතමින් පසුගිය 07 වනදා ප්‍රකාශ කළේය.
රුසියානු රාජ්‍ය නායකයා සමඟ බොලිවියානු ජනාධිපති ලුයිස් ආර්ස් සහ සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් ම්නන්ගග්වා මෙන්ම දේශපාලන විද්‍යාඥයකු සහ උසස් ආර්ථික විද්‍යා පීඨයේ සම්මානනීය මහාචාර්යවරයකු වන සර්ජි කරගනොව් ද වේදිකාවට එක්ව සිටියහ.
රුසියානු රාජ්‍ය නායකයාගේ පැයකට ආසන්න කාලයක් කළ දේශනයේදි ගෝලීය ආර්ථිකයට සම්බන්ධ ගැටළු ගණනාවක් මෙන්ම ජාත්‍යන්තර තරඟකරුවන් සමඟ අඛණ්ඩව සබඳතා ගොඩනඟා ගනිමින් නුදුරු අනාගතය සඳහා රුසියාව ලබාගත යුතු ජයග්‍රහණ සහ ඉලක්ක සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.
St. Petersburg International Economic Forum -SPIEF
මෙම වසරේ පැවැති 27 වැනි වාර්ෂික SPIEF සමුළුවට ප්‍රමුඛ සමාගම්වල කොටස් හිමියන් සහ ප්‍රධාන විධායක නිලධාරීන් ඇතුළු කීර්තිමත් විශේෂඥයින්, විශ්ලේෂකයින්, දේශපාලන, මහජන සහ රාජ්‍ය නිළධාරින් ඇතුළු රටවල් 100කට වඩා වැඩි රටවල් සංඛ්‍යාවකින් 2,000කට අධික පිරිසක් සහභාගී වූ බවද පුටින් සිය දේශනයේදී පවසා සිටියේය.
ව්‍යාපාරික සම්බන්ධතා ඇති කර ගැනීමට, ඒකාබද්ධ ව්‍යාපෘති දියත් කිරීමට සහ ගෝලීය සහ කලාපීය වෙළෙඳපොළ තුළ වත්මන් ප්‍රවණතා සහ නවීන ලෝකයේ නවතම වර්ධනයන් පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම සංසදය සුවිශේෂී අවස්ථාවක් ලබා දෙන බවද ඔහු අවධාරණය කළේය.
නව ලෝකය
රාජ්‍යය, සංස්කෘතිය සහ ආර්ථිකය යන ප්‍රධාන ක්ෂේත්‍ර තුන මත පදනම්ව ලොව පුරා රටවල් තම ස්වෛරීභාවය ශක්තිමත් කර ගැනීමේ තරඟයකට අවතීර්ණ වී ඇති බව පුටින් අවධාරණය කළේය. මීට පෙර ගෝලීය සංවර්ධනයේ නායකයින් ලෙස සැලකූ ජාතීන් ඔවුන්ගේ “අතීත මතකයකට සීමාවූ ආධිපත්‍යය දරන්නන්ගේ භූමිකාව” පවත්වා ගැනීමට අරගල කරන බවද පුටින් පෙන්වා දුන්නේය.
ලෝක ජනයා තම ජීවිතවල සෑම අංශයකම පාහේ පුපුරන සුලු තාක්‍ෂණික වර්ධනයක් අත්විඳින බවත්, චීනය සහ ඉන්දියාව දැනටමත් ප්‍රමුඛ ලෝක ආර්ථිකයන් බවට පත්ව ඇති බවත් පෙන්වා දුන් රුසියානු ජනාධිපතිවරයා අනෙකුත් දකුණු ආසියානු සහ අප්‍රිකානු රටවල් මේ සියවසේ මැද භාගය වන විට "ප්‍රධාන ගෝලීය ආර්ථික ක්‍රීඩකයින්" බවට පත්වීමේ මාවතේ ගමන් කරන බව අවධාරණය කළේය.
රුසියාව
රුසියාව ද තාක්‍ෂණික වර්ධනයන් සඳහා ඉහළ මට්ටමේ සූදානමක් සහ අනුවර්තනයක් පෙන්නුම් කර ඇති බව පුටින් සඳහන් කළේ රටේ මූල්‍ය අංශය, ඊ-වාණිජ්‍යය, ප්‍රවාහන සේවා සහ හමුදාව දැනටමත් කාලයට අනුකූලව දැඩි වෙනස්කම්වලට භාජනය වී ඇති බව පෙන්වා දෙමිනි.
විදේශ ආර්ථික සබඳතා
ගෝලීය වෙළඳාමේ ප්‍රධාන කොටස්කරුවෙකු ලෙස රුසියාව සිය ස්ථාවරය පවත්වා ගැනීමට උත්සාහ කරන බව පුටින් අවධාරණය කළේය. “සියලු බාධාවන් සහ නීති විරෝධී සම්බාධක නොතකා, රුසියාව අඛණ්ඩව ක්‍රියාකාරීව සැපයුම් සංවර්ධනය කරමින් සහ රුසියාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන ජාතීන් සහ කලාප සංඛ්‍යාව පුළුල් කරන බවද පෙන්වා දුන්නේය.
2020 සිට 2023 දක්වා ආසියානු රටවල් සමඟ රුසියාවේ වෙළඳාම 60% කින්ද, මැද පෙරදිග සමඟ දෙගුණයකින්ද, අප්‍රිකාව සමඟ 69% කින්ද ලතින් ඇමරිකානු කළාපය සමඟ 42% කින්ද වර්ධනය වී ඇතැයි පුටින් පෙන්වා දුන්නේය.
සමාන හවුල්කාරිත්වය
පූර්ණ පරිමාණ තාක්ෂණික සහ කාර්මික හවුල්කාරිත්වයන් මත පදනම්ව අනෙකුත් රටවල් සමඟ ආර්ථික සබඳතා ගොඩනඟා ගැනීම, ජාතික පිරිස් පුහුණු කිරීම සහ දේශීය නිෂ්පාදන සමඟ භාණ්ඩ හා සේවා සඳහා පූර්ණ අනුග්‍රහය ලබා දීම රුසියාවේ අරමුණ බව පුටින් අවධාරණය කළේය.
සමාන කොන්දේසි මත පදනම් වූ එවැනි ප්‍රවේශයක් ලබාදීම මෙන්ම ඒකාධිකාරය වෙනුවට තාක්ෂණයන් හුව මාරු කිරීම, ජාතීන් අතර ශක්තිමත් සහ ඔරොත්තු දෙන සබඳතා ගොඩනඟා ගනිමින් සමාගම්වලට “දිගු කාලීන” ක්‍රියාකාරිත්වයකට ඉඩ සැලසීම අරමුණු කරගන්න බවද රුසියානු ජනාධිපතිවරයා පැවසීය.
බටහිර මූල්‍ය ක්‍රමය කෙරෙහි විශ්වාසය පළුදු වීම
බටහිර රටවල් විසින් නඩත්තු කරන ගෙවීම් පද්ධතිවල විශ්වසනීයත්වය පිළිබඳ ගෝලීය විශ්වාසය බටහිර රටවල් විසින්ම “මූලික වශයෙන් පළුදු කර ඇති” බව පුටින් අවධාරණය කළේය.
2021 සහ 2023 වර්ෂවල “හිතවත් නොවන රාජ්‍යවල විෂ සහිත මුදල්” වලින් රුසියානු අපනයන සඳහා කරනු ලබන ගෙවීම් කොටස හරි අඩකින් අඩු වී ඇති බව පෙන්වාදුන් රුසියානු ජනාධිපතිවරයා රූබල් මගින් ගෙවීම් තුන් ගුණයකින් වැඩි වී එම ප්‍රමානය 40% සීමවට ට ළඟා වූ බවද පෙන්වා දුන්නේය.
නව BRICS ගෙවීම් පද්ධතිය
රුසියාව දැනටමත් විදේශ වෙළඳාමේ ජාතික මුදල් භාවිතය වැඩි කරමින් සිටින අතර, ලොව පුරා නව සාමාජිකයින් පිළිගැනීමට අඛණ්ඩව කටයුතු කරන බ්‍රික්ස් කණ්ඩායම, දේශපාලනයට යටත් නොවන පීඩනය, අපයෝජනය හෝ බාහිර සම්බාධක මැදිහත්වීම් තමන්ගේම ස්වාධීන ගෙවීම් පද්ධතියක් සංවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බව පුටින් පෙන්වා දුනේය.
රුසියානු ආර්ථිකය
2023 වසරේ 3.6% ක වර්ධන වේගයක් වාර්තා කිරීමෙන් පසු මේ වසරේ පළමු කාර්තුවේ දී රුසියාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 5.4% දක්වා ළඟා වූ බව පුටින් පෙන්වා දුන්නේය. ලෝකයේ විශාලතම ආර්ථිකයන්ගෙන් එකක් වීමට දිගු කලක් තිස්සේ රුසියාව උත්සාහ කර ඇති බව ප්‍රකාශ කළ පුටින් තමා ඒ අනුව ඉහත අනාවරණය කළ බව පැවසුවේය. නවතම ලෝක බැංකු ඇස්තමේන්තු වලට අනුව, රුසියානු ආර්ථිකය දැන් ජපානය අභිබවා යමින් මිලදී ගැනීමේ බල සමානාත්මතාවය (purchasing power parity-PPP), අනුව සිව්වන ස්ථානයේ ස්ථානගතව සිටින බවද ඔහු අවධාරණය කළේය.
රුසියාවේ අනාගතය
රුසියානු නායකයා රුසියාවේ ආර්ථික වර්ධනය පවත්වා ගැනීමට සහ ගෝලීය වේදිකාවේ ප්‍රධාන පාත්‍රවර්ගයා ලෙස රැඳී සිටීමට රුසියාව ගත යුතු පියවර ගණනාවක් ගෙනහැර දැක්වීය. මෙම පියවරවලට මූල්‍ය, තාක්‍ෂණික සහ පුද්ගල ස්වෛරීභාවය ශක්තිමත් කිරීම, නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම සහ විදේශීය හා දේශීය වෙළඳපල තුළ රුසියානු නිෂ්පාදනවල තරඟකාරිත්වය ඉහළ නැංවීමද ඇතුළත් වේ.
මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා පුටින් රුසියානු ආර්ථිකයට ව්‍යුහාත්මක වෙනස්කම් දහයක් යෝජනා කළේය. එනම් රට පුරා නව ව්‍යාපෘති සඳහා ආයෝජන වැඩි කිරීම සහ ආර්ථික සංවර්ධනයේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරවල කාර්යභාරය ශක්තිමත් කිරීම, ව්‍යාපාර දිරිගැන්වීම සඳහා නව මූල්‍ය මෙවලම් නිර්මාණය කිරීම, වෘත්තීය තත්වය වැඩිදියුණු කිරීම මෙන්ම අධ්‍යාපන ක්‍රමය, ස්වයංක්‍රීයකරණය සහ කෘත්‍රීම බුද්ධි තාක්ෂණය භාවිතා කිරීම තුළින් ශ්‍රම ඵලදායිතාව ඉහළ නැංවීම, දරිද්‍රතාවය අඩු කිරීම සහ රුසියානු පවුල්වල ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම යන කාරණා ඒ අතර වෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
“මේක අපේ ආණ්ඩුව අපි තමයි විදුලි බල මණ්ඩලයේ පාලකයෝ. ලංවිමය ඇතුලට ජාතික ජනබලවේගයට මුවා වෙලා රිංගා ගෙන ඉන්නා නරි කනෙන් ඇදලා එළියට දානවා.” – ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල්
අද නොවැම්බර් 26 වැනිදා... මමද අද පොල්තෙල් පහනක් දල්වමි..
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
අද අන්තරේ ශිෂ්‍ය නායකයන් හා ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උපකුලපතිවරයෙකුට එරෙහිව භාවිත කරණ ලෙස ඉල්ල සිටියේ එද ජේ ආර් ගෙනා මර්ධනීය බලතලයි-හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරණතුංග
පෞද්ගලික විශ්ව විද්‍යාලවලට සිසුවන්ට මත් කුඩු බෙදන පෞද්ගලික සිසුන් කණ්ඩායමක් අත් අත්අඩංගුවට
අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක අධිචෝදනා ගොනු වීමත් සමග ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අදානි සමග ගිවිසුම් යළි විමසා බැලීමේ තීරණයක්
සජබ - එජාප එකතුවීමේ සූදානමක්!
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි