
ත්‍රිකුණාමලය කලාපීය බලශක්ති මධ්‍යස්ථානයක් කරන්න රජය ආයෝජකයන්ට එන්න කියයි..
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර යෝජිත ඒකාබද්ධ ව්‍යාපාරයක් හරහා ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය නව ආයෝජකයන්ට විවෘත කිරීමට සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතී.
මෙම පියවර ත්‍රිකුණාමල වරාය කලාපීය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීම සහ රටට විදේශ විනිමය ආකර්ෂණය කර ගැනීමේ පුළුල් උත්සාහයක කොටසකි.
ව්‍යාපෘතියේ ශක්‍යතාව තක්සේරු කිරීමට සවිස්තරාත්මක ව්‍යාපාර යෝජනාවක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කරනු ඇති බව දැනගන්නට ලැබේ.
කළ හැකි යැයි සැළකේ නම්, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ලංකා IOC සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පදනම් කරගත් සමාගමක් ප්‍රධාන හවුල්කරුවන් ලෙස ඒකාබද්ධ ව්‍යාපාර සමාගමක් ස්ථාපිත කරනු ඇත.
“මෙම මධ්‍යස්ථානය පොදු පරිශීලක පර්යන්තයක් ලෙස ක්‍රියාත්මක වේවි. එමගින් බහු සමාගම්වලට සේවා සපයන අතර, අනාගතයේදී අනෙකුත් ආයෝජකයින්ට සහභාගී වීමට අවස්ථා නිර්මාණය කරනවා.” යනුවෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ පැවසීය.
යටිතල පහසුකම් ක්‍රියාත්මක වූ පසු අමතර ආයෝජන දිරිමත් කරන පූර්ණ ක්‍රියාකාරී බලශක්ති මධ්‍යස්ථානයක් සංවර්ධනය කිරීම උපාය මාර්ගය බව ඔහු පැවසීය.
“කැලෑවක් වගේ තියෙද්දි කවුරුත් එන්නෙ නෑ. නමුත් මෙහෙයුම් ආරම්භ වෙලා නිසි මධ්‍යස්ථානයක් ස්ථාපිත කළාම, අනිත් ආයෝජකයෝ ඒවි,” යනුවෙන් ඔහු පැවසීය.
මූලික හවුල් ව්‍යාපාරය ක්‍රියාත්මක වූ පසු යෝජිත ත්‍රිකුණාමල ව්‍යාපෘතිය පෞද්ගලික අංශයේ සහභාගීත්වය තවදුරටත් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන අතර එය රටේ බලශක්ති යටිතල පහසුකම් දිගුකාලීනව නවීකරණය කිරීමට දායක වන බව නෙත්තිකුමාරගේ පවසයි.
ජාතික බලශක්ති යටිතල පහසුකම් සඳහා විදේශ මැදිහත්වීම පිළිබඳ අඛණ්ඩ දේශපාලන විවාදයක් මධ්‍යයේ මෙම වැඩසටහන පැමිණේ.
ත්‍රිකුණාමල වරාය සහ තෙල් ටැංකි ඉන්දියාවට බදු දීම සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂ කණස්සල්ල පළ කර තිබේ.
මෙම විරෝධතා නොතකා, ආර්ථික ප්‍රකෘතිය සඳහා ව්‍යාපෘතිය අත්‍යවශ්‍ය බව රජය පවසයි.
රූපවාහිනී වැඩසටහනකදී මෙම ගැටලුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක, ඉන්දියාව සමඟ අවසන් ගිවිසුමක් අත්සන් කර නොමැති බව පැහැදිලි කළේය.
“අපි අත්සන් කර ඇත්තේ විභවය ගවේෂණය කර ව්‍යාපාර සැලැස්මක් සකස් කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමක්. සැලැස්මට සියලු පාර්ශවයන් එකඟ වුවහොත් පමණක් විධිමත් ගිවිසුමක් අත්සන් කරනවා,” යැයි ජනාධිපතිවරයා පැවසීය.
ත්‍රිකුණාමල වරායේ උපායමාර්ගික වටිනාකම අවධාරණය කළ ඔහු, එය ලෝකයේ හොඳම ස්වාභාවික වරායන්ගෙන් එකක් ලෙසත්, වෙරළට ආසන්නව විශාල යාත්‍රා තැබිය හැකි බවත් හැඳින්වීය.
වරාය ප්‍රදේශයේ ධාරිතාව මෙට්‍රික් ටොන් 12,500ක් පමණ වන තෙල් ටැංකි 99ක් තිබේ.
වර්තමානයේ, තෙල් ටැංකි 24ක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් පාලනය කරනු ලබන අතර,12ක් ලංකා IOC විසින් පාලනය කරනු ලබයි.
ඉතිරිය බොහෝ දුරට ප්‍රයෝජනයට ගෙන නොමැත.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා IOC අතර හවුල් ව්‍යාපාරයක් වන ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ් සඳහා වන ගිවිසුම මුලින් අත්සන් කරන ලද්දේ 2022 ජනවාරි මාසයේදී ය.
මූලාශ්‍ර - ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
