News Category
From Date
To Date
Maximum Number of Result

බිරිඳටත් නොකියා රටින් පැන්න මුලතිව් විනිසුරුට ජීවිත තර්ජනයක් තිබී නැහැ - පරීක්ෂණ වාර්තා හෙළිකරයි

Oct 12, 2023 at 09:35 AM
|

මුලතිව් හිටපු දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මහතාට කිසිදු ජීවිත තර්ජනයක් හෝ වෙනත් තර්ජනයක් නොතිබූ බවත් අවම තරමින් සිය බිරියටත් නොදන්වා ඔහු විදේශගත වී ඇත්තේ පූර්ව සැලසුමකට බවත් මේ වන විට සිදු කර ඇති විමර්ශනවලින් තහවුරු වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශය රජයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වේ. 

විනිසුරුවරයා සැප්තැම්බර් 25 දින ඉන්දියාවට යාමට විදේශ නිවාඩු ඉල්ලුම් කර එය අනුමතව තිබියදී මෙසේ පූර්ව සැලසුමකට අනුව සැප්තැම්බර් 24 වැනි දින විදේශ ගත වීම කිසියම් සංවිධානාත්මක පිරිසකගේ සැලසුමක්ද යන්න පිළිබඳව විමර්ශන සිදු කරමින් පවතින බවත් එම වාර්තාව සඳහන් කරයි.

මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මහතා මරණ තර්ජන ඇති බව කියමින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබිණි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පොලිස්පතිවරයාට කළ නියෝගය අනුව මෙම විමර්ශනය පැවැත්විණි

තමන්ට තර්ජනයක් ඇති බවට මහේස්ත්‍රාත්වරයා මීට පෙර කිසිදු අවස්ථාවක පොලිසියට හෝ අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කර නොතිබුණු අතර සැප්තැම්බර් 23 දා තම අස්වීමේ ලිපිය අධිකරණ සේවා කොමිසම වෙත යොමු කර මහේස්ත්‍රාත්වරයා ඉකුත් 24දා විදේශගතව තිබිණි.

මහේස්ත්‍රාත්වරයා වග උත්තරකරුවකු කරමින් අභියාචනාධිකරණයේ නඩුවක් ද පැවතිණි.

විනිසුරුවරයාගේ බිරිය, මුලතිව් අතිරේක මහේස්ත්‍රාත් ඩී.ප්‍රදීපන්, මුලතිව් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.යූ.පී. අමරතුංග, මුලතිව් වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ඒ. ජී.එච්. එන්.කේ. තිලකරත්න, දිසා විනිසුරුවරයාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරී පොලිස් කොස්තාපල් කේ.එස්. ප්‍රේමන්, පුද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල් කේ. ශිවකාන්තන්, මුලතිව් අධිකරණය භාර පොලිස් කොස්තාපල් එම්. මුදිසන්, මුලතිව් පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් වන සමරකෝන් සහ සඳරුවන්, මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් බී. සරවනරාජ්, විනිසුරුවරයාගේ අධිකරණ ආරච්චි ලෙස කටයුතු කළ පී. සුචිකාන්, මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ පිස්කල් එස්. ශිවකුමාර්, මුලතිව් අධිකරණයේ තෝල්කවරයා වන ජේ. ලින්ටන්රාජා මහත්වරුන්ගේ ප්‍රකාශ මෙම විමර්ශනයේදී සටහන් කර ගෙන ඇති අතර ඔවුන් සියලු දෙනාම පවසා ඇත්තේ මරණ තර්ජනයක් තිබුණු බවට විනිසුරු ටී. සරවනරාජා මහතා කිසිදු අවස්ථාවක තමන්ට පවසා නොමැති බවය.

එම වාර්තාවට අනුව මුලතිව් හිටපු දිසා විනිසුරු ටී. සරවනරාජා මහතා 2021 වසරේ අප්‍රේල් 05 දා මුලතිව් මහේස්ත්‍රාත්වරයා ලෙස පත්ව ඇති අතර මුලතිව් පොලිස් ස්ථානය විසින් සියලු ආරක්ෂාව ඔහු වෙත සලසා දී තිබේ. කිසිදු අවස්ථාවක ආරක්ෂාව පිළිබඳව හෝ ජීවිත තර්ජනයක් පිළිබඳව ගැටලුවක් උද්ගත වී නොමැත.

වාර්තාවට අනුව විනිසුරුවරයා සැප්තැම්බර් 24 වන දින ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බව විමර්ශනයේදී හෙළි වී ඇත. ඒ සඳහා එයාර් ඇරබියා ගුවන් සේවයෙන් ගුවන් ටිකට් පත් කුරුණෑගල අලෙවි නියෝජිතයකුගෙන් මිලදී ගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් වන සියලු කටයුතු අමෙරිකානු දුරකතන අංකයක් මඟින් සිදු කර තිබේ. එම දුරකතන අංකය ක්‍රියාත්මක නොවුණොත් නැවත ඇමතීම සඳහා කෙන්යානු දුරකතන අංකයක් ටිකට් පත් අලෙවි නියෝජිතවරයාට ලබා දී ඇත. ගුවන් ටිකට් පත් සඳහා ගෙවීම කල්මුණේ ප්‍රදේශයෙන් සිදු කර ඇත. ටිකට් පත ලබා ගෙන ඇත්තේ සාජා, නයිරෝබි, දිල්ලි හරහා ඔක්තෝබර් 12 දින යළි මෙරටට පැමිණීමටය. ගුවන් සමාගමෙන් ලබා ගත් තොරතුරු අනුව මහේස්ත්‍රාත්වරයා සාජාවලින් පසුව නයිරෝබි දක්වා යාමට මෙතෙක් ගුවන් ටිකට් පත භාවිත කර නොමැති බව තහවුරු වී තිබේ.

මේ කරුණු අනුව මහේස්ත්‍රාත්වරයාගේ විදේශගත වීම පූර්ව සූදානමකින් සිදු කර ඇති බවට අනාවරණය වී තිබේ. ඔහු දිවයිනෙන් බැහැර යාමේ ලේඛනයේ ගමනාන්තය ලෙස නයිරෝබි නගරය සඳහන් කර ඇත. සේවයෙන් ඉල්ලා අස් වී තිබියදී රාජකාරි ගුවන් බලපත්‍රය භාවිත කිරීම ගැටලුවකි.

මුලතිව් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.යූ.පී. අමරතුංග මහතා ප්‍රකාශයක් දෙමින් සඳහන් කර ඇත්තේ පසුගිය ජනවාරි මස සිට තමා රාජකාරිය තුළ සහ පුද්ගලිකව ළඟින් ඇසුරු කළ බවත් කිසිදු අවස්ථාවක ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු පවතින බව සඳහන් කර නොමැති බවත්ය. අවස්ථා කිහිපයකදීම විනිසුරුවරයාගේ ඉල්ලීම පරිදි පොලිස් නිලධාරීන් පුද්ගලික ආරක්ෂාවට සහ නිවසේ ආරක්ෂාවට යෙදවූ බවත් සඳහන් කර තිබේ.

මුලතිව් වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඒ.ජී.එච්.එන්.කේ. තිලකරත්න මහතා ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කර ඇත්තේ මහේස්ත්‍රාත්වරයාගේ පුද්ගලික ආරක්ෂාව සඳහා පැති අවි සහිතව නිලධාරීන් දෙදෙනකු ද නිල නිවසේ ආරක්ෂාව සඳහා පැය 12 සේවා මුර ඇතුළත් වන ලෙස නිලධාරීන් දෙදෙනා බැගින් දිනකට නිලධාරින් 04ක් සේවයට යෙදවූ බවය. කිසිදු අවස්ථාවක දිසා විනිසුරුවරයා සිය ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බවට තමා හෝ මූලස්ථාන පොලිසියේ වෙනත් කිසිදු නිලධාරියකු වෙත පැමිණිලි කර නොතිබූ බවත් සඳහන් කර තිබේ.

දිසා විනිසුරුවරයාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරී පොලිස් කොස්තාපල් කේ.එස්. ප්‍රේමන් මහතා ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කර ඇත්තේ ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව හා ජීවිත තර්ජනයක් පවතින බවට විනිසුරුවරයා තමා වෙත කිසිදු අවස්ථාවක සඳහන් කර නොමැති බවත්ය. දිසා විනිසුරුවරයා විදේශගත වීමට සතියකට පෙර ඔහුගේ කාරය විකුණූ බවත් සැප්තැම්බර් 23 දින විදේශගත වූ බවත් සඳහන් කර තිබේ.

දිසා විනිසුරුවරයාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල් කේ. ශිවකාන්තන් මහතා ප්‍රකාශයක් ලබා දෙමින් සිය ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව හෝ ජීවිත තර්ජන පවතින බවට කිසිදු අවස්ථාවක විනිසුරුවරයා තමාට පවසා නොමැති බවත් සඳහන් කර තිබේ.

මුලතිව් අධිකරණය භාර පොලිස් කොස්තාපල් එම්. මුදිසන් මහතා ප්‍රකාශයක් ලබා දෙමින් විනිසුරුවරයාගේ ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව සහ ජීවිත තර්ජන පවතින බවට කිසිදු අවස්ථාවක සඳහන් කර නොමැති බවත් රාජකාරීමය වශයෙන් විනිසුරුවරයාගේ බැහැරට යෑම් සඳහා පැති අවියක් සහිතව තමා සහභාගි වන බවද එවැනි අවස්ථාවල ආරක්ෂාව පිළිබඳව ගැටලු ඇති වී නොමැති බවත් සඳහන් කර ඇත.

මුලතිව් පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් වන සමරකෝන් සහ සඳරුවන් මහත්වරුන් ප්‍රකාශ දෙමින් සඳහන් කර ඇත්තේ අවස්ථා කිහිපයකදීම විනිසුරුවරයාගේ නිල නිවෙසේ ආරක්ෂාව සඳහා තවත් නිලධාරියකු සමඟ අවි සහිතව රාජකාරියේ යෙදුණු බවත් ඒ කිසිම අවස්ථාවක විනිසුරුවරයාගේ ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව තමන්ට ප්‍රකාශ කර නොමැති බවත්ය.

මුලතිව් අතිරේක මහේස්ත්‍රාත් ඩී. ප්‍රදීපන් මහතා ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කර ඇත්තේ ටී. සරවනරාජ් මහතා ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස තමා සමඟ සේවය කළ අතර ඔහුට ජීවිත අනතුරක් හෝ තර්ජනයක් ඇති බව කිසිදු අවස්ථාවක තමන්ට දැනුම් දී නැති බවත්ය. සැප්තැම්බර් 21 වන දින පුද්ගලික අවශ්‍යතාවක් සඳහා කොළඹ යන බව දැනුම් දී වැඩ බැලීම සඳහා තමා පත් කළත් විනිසුරුවරයා විදේශ ගත වී ඇති බව මාධ්‍ය මඟින් දැන ගත් බවත් සඳහන් කර තිබේ.

මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් බී.සරවනරාජ් මහතා ප්‍රකාශයක් දෙමින් සඳහන් කර ඇත්තේ මෙම වසරේ ජනවාරි මස සිට තමා මුලතිව් අධිකරණයේ සේවය කළ අතර මරණ තර්ජනයක් ඇති බවට විනිසුරුවරයා තමන්ට කිසිදු අවස්ථාවක දැනුම් නොදුන් බවය. විනිසුරු සරවනරාජ් මහතා පසුගිය අගෝස්තු 30 වන දින ඉන්දියාවට යාම සඳහා ඉල්ලුම් පතක් යොමු කරමින් සැප්තැම්බර් 25 සිට ඔක්තෝම්බර් 01දා දක්වා විදේශ නිවාඩු ඉල්ලුම් කළ බවත් අධිකරණ සේවා කොමිසම් සභාව විදේශ නිවාඩු අනුමත කරමින් සැප්තැම්බර් 21දා ෆැක්ස් පණිවුඩයක් එවා තිබූ බවත් සඳහන් කර තිබේ. විනිසුරුවරයා සැප්තැම්බර් 20දා වරු නිවාඩුවක් සහ ඊට පසු දින රාජකාරී නිවාඩුවක් ලබා ගෙන තිබූ නමුත් තර්ජනයක් හෝ සේවයෙන් ඉල්ලා අස් වීමක් සම්බන්ධයෙන් නිල හෝ පුද්ගලික මට්ටමින් තමා දැනුවත් නොකළ බවත් සඳහන් කර තිබේ. විනිසුරුවරයාගේ අධිකරණ ආරච්චි ලෙස කටයුතු කළ පී.සුචිකාන් මහතා ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කර ඇත්තේද තමා දන්නා තරමින් විනිසුරුවරයාට ජීවිත හෝ මරණ තර්ජනයක් නොතිබූ බවත් එවැන්නක් සම්බන්ධයෙන් ඔහු තමා සමඟ ප්‍රකාශ කර නොතිබූ බවත්ය.

මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ පිස්කල් එස්. ශිවකුමාර් මහතා ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කර ඇත්තේ විනිසුරුවරයාට ජීවිත හෝ මරණ තර්ජනයක් තිබූ බවක් තමා නොදන්නා බවත් විනිසුරුවරයා එවැන්නක් තමා සමඟ පවසා නොමැති බවත්ය. විනිසුරුවරයා සිය කාරය විකිණීමෙන් පසු පාව්ච්චි කළේ තමාගේ කාරය බවත් සැප්තැම්බර් 21 දින රාජකාරි අවශ්‍යතාවයක් සඳහා කොළඹ යාමට බව පවසා තමාගේ කාරය රැගෙන ගිය බවත් පසු දින පුද්ගලික ආරක්ෂක නිලධාරි ප්‍රේමන් මහතා කාරය ගෙනැවිත් දුන් බවත් විනිසුරුවරයා විදේශ ගත වීම පිළිබඳව කිසිවක් තමා නොදන්නා බවත් සඳහන් කර තිබේ. මුලතිව් අධිකරණයේ තෝල්කවරයා වන ජේ. ලින්ටන්රාජා මහතා ප්‍රකාශයක් ලබා දෙමින් විනිසුරුවරයා සමඟ අධිකරණ කටයුතුවලදී තමා ළඟින්ම රාජකාරී කළ බවත් මරණ තර්ජනයක් හෝ ජීවිත තර්ජනයක් පිළිබඳව විනිසුරුවරයා තමා සමඟ සඳහන් කර නොතිබූ බවත්ය. සිය සැමියා මහේස්ත්‍රාත්වරයකු වශයෙන් දැඩි මානසික ආතතියකින් පසු වූ බවත් ආරක්ෂාව ප්‍රමාණවත් නොවීම පිළිබඳව අවුරුදු දෙකකට පමණ පෙර ඔහු සඳහන් කළ බවත් දිසා විනිසුරුවරයාගේ බිරිය සඳහන් කර තිබේ. එසේ වුවත් මෑත කාලීනව එවැනි ආරක්ෂාව පිළිබඳව ගැටලු ඇති බව තමා සමඟ පවසා නොමැති බවත් ඇය සඳහන් කර තිබේ. පසුගිය සැප්තැම්බර් 23 සැමියා උදෑසන 2 ට පමණ මුලතිව් යන බව පවසා පිටව ගියත් විදේශ ගත වීමක් සම්බන්ධයෙන් තමා දැන නොසිටි බවත් ඇය පවසා තිබේ.

විනිසුරුවරයා සැප්තැම්බර් 24 වන දින ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බව විමර්ශනයේදී හෙළි වී ඇත. ඒ සඳහා එයාර් ඇරබියා ගුවන් සේවයෙන් ගුවන් ටිකට් පත් කුරුණෑගල අලෙවි නියෝජිතයකුගෙන් මිලදී ගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් වන සියලු කටයුතු අමෙරිකානු දුරකතන අංකයක් මඟින් සිදු කර ඇති අතර එම දුරකතන අංකය ක්‍රියාත්මක නොවුණොත් නැවත ඇමතීම සඳහා කෙන්යානු දුරකතන අංකයක් ටිකට් පත් අලෙවි නියෝජිතවරයාට ලබා දී ඇත. ගුවන් ටිකට් පත් සඳහා ගෙවීම කල්මුණේ ප්‍රදේශයෙන් සිදු කර ඇත. ටිකට් පත ලබා ගෙන ඇත්තේ සාජා , නයිරෝබි, දිල්ලි හරහා ඔක්තෝම්බර් 12 දින යළි මෙරටට පැමිණීමට ලබා ගෙන තිබේ.

මේ කරුණු අනුව මහේස්ත්‍රාත්වරයාගේ විදේශ ගත වීම පූර්ව සූදානමකින් සිදු කර ඇති බවට අනාවරණය වී තිබේ.

ශිරෝමි අබයසිංහ
– Dinamina

සම්බන්ධිත පුවත් | Related News

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.
ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.
කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.
සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.
​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.
බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ප්‍රධාන පුවත්

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.