ලංකාවෙන් ඉන්දියාවට ගිය ISIS ත්‍රස්තයින් ගැන තොරතුරු රැසක් එළියට
ඉන්දියාවේ අහමදාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තයින් සිව්දෙනා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට පවා සූදානමින් සිට ඇති බව ගුජරාට් පොලිස්පති විකාෂ් සාහේ මහතා පවසයි.
ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ගුජරාට් පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම ත්‍රස්තයින් සිව්දෙනා මීගමුව සහ කොළඹ ප්‍රදේශවල පදිංචිකරුවන් බවය.
ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තය තුළ ප්‍රහාරයක් දියත් කිරීමේ සූදානමින් මෙරට සිට අහමදාබාද් නගරය වෙත පැමිණි ශ්‍රී ලාංකික ISIS ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් සිව්දෙනෙකු අහමදාබාද් සර්ධාර් පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ඉරිදා රාත්‍රීයේ අත්අඩංගුවට පත්වුණි.
ගුජරාට් ත්‍රස්ත මර්දන බලකාය මගින් අත්අඩංගුවට ගත් ඔවුන් ඊයේ පස්වරුවේ ප්රවෘත්ති සාකච්ඡාවකට ඉදිරිපත් කළ අතර එහිදී තොරතුරු රැසක් අනාවරණ කෙරුණි.
ඒ අනුව අත්අඩංගුවට පත් 33 හැවිරිදි මොහොමඩ් නුස්රත් ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයා මීගමුවේ පදිංචිකරුවෙකි.
අත්අඩංගුවට පත් අනෙක් ත්‍රස්ත සාමාජිකයින් වන්නේ 27 හැවිරිදි මොහොමඩ් නෆ්රාන්, 43 හැවිරිදි මොහොමඩ් රශ්ඩීන් සහ 35 හැවිරිදි මොහොමඩ් ෆාරිෂ් යන කොළඹ නගරයේ පදිංචිකරුවන් ය.
ඔවුන් මෙරට සිට චෙන්නායි හරහා අහමදාබාද් නගරය වෙත ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් යානයකින් පැමිණ ඇති බව වාර්තා වෙයි.
දෙමළ භාෂාව පමණක් භාවිත කරන අයි.එස්.අයි.එස්. ත්රස්තවාදීන් සිව්දෙනාගෙන් ප්‍රශ්න කර ඇත්තේ, භාෂා පරිවර්තකයෙකු හරහාය.
ඔවුන් සතුව තිබී ජංගම දුරකථන, දෙරටේ මුදල් සහ ගුවන් බලපත්‍ර මෙන්ම එක් අයෙකුගේ ගමන් මල්ල තුළ ISIS සංවිධානයේ කොඩියක් ද හමුවී තිබේ.
මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස පාකිස්තානයේ සිට ක්‍රියාත්මක ISIS ත්‍රස්ත සංවිධානයක නායකයෙකු වන අබූ නම් නමැත්තා සමාජ මාධ්‍ය තුළින් පසුගිය පෙබරවාරි මසදී පමණ හඳුනාගෙන ඇති අතර ඔවුන් පසුව දැඩි ISIS මතධාරීන් ලෙස පත්ව ඇති බව වාර්තා වෙයි.
එමෙන්ම අබූගේ උපදෙස් මත ඉන්දියාව තුළ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම්කර ඇති අතර ඔවුන්ට මෙරට මුදලින් රුපියල් ලක්ෂ 4ක මුදලක්ද ලබාදී ඇති අතර මොවුන් මරාගෙන මැරෙන ප්‍රහාරයකට පවා සූදානමින් සිට ඇති බවට තොරතුරු හෙළිවී තිබේ.
මොවුන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී අහමදාබාද් නගරයට ආසන්න නානාචිඩෝලා ප්‍රදේශයේ සඟවා තිබු අවි ආයුද සම්බන්ධ තොරතුරු එරට ආරක්ෂක අංශ වෙත නිරාවරණය වී තිබේ.
පාකිස්තානයේ නිෂ්පාදිත පිස්තෝල 03ක් සහ ඒ සඳහා යොදාගන්නා උණ්ඩ රැඳවුම් 20ක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තයින් සිව්දෙනාට එරෙහිව රැස්කළ වාචික සහ පර්වේෂණීය සාක්ෂි මත පදනම්ව එරට දණ්ඩ නීති සංග්‍රහය, නීත්‍යානූකූල නොවන ක්‍රියාකාරකම් වැළැක්වීමේ පනත සහ නීතිවිරෝධී අවිආයුධ පනත ප්‍රකාරව ඉදිරියේදී නීතීමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
“මේක අපේ ආණ්ඩුව අපි තමයි විදුලි බල මණ්ඩලයේ පාලකයෝ. ලංවිමය ඇතුලට ජාතික ජනබලවේගයට මුවා වෙලා රිංගා ගෙන ඉන්නා නරි කනෙන් ඇදලා එළියට දානවා.” – ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල්
අද නොවැම්බර් 26 වැනිදා... මමද අද පොල්තෙල් පහනක් දල්වමි..
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
අද අන්තරේ ශිෂ්‍ය නායකයන් හා ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උපකුලපතිවරයෙකුට එරෙහිව භාවිත කරණ ලෙස ඉල්ල සිටියේ එද ජේ ආර් ගෙනා මර්ධනීය බලතලයි-හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරණතුංග
පෞද්ගලික විශ්ව විද්‍යාලවලට සිසුවන්ට මත් කුඩු බෙදන පෞද්ගලික සිසුන් කණ්ඩායමක් අත් අත්අඩංගුවට
අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක අධිචෝදනා ගොනු වීමත් සමග ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අදානි සමග ගිවිසුම් යළි විමසා බැලීමේ තීරණයක්
සජබ - එජාප එකතුවීමේ සූදානමක්!
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි