
කොටි ත්‍රස්තයින් සැමරූ ක්ෂමා සංවිධානයේ ප්‍රධානි තමන්ගේ මව්රටේ ත්‍රස්තයින් සැමරුවේ නැත්තේ ඇයි?... හැකිනම් පැරිස් ත්‍රස්ත ප්‍රහාරයේ ත්‍රස්තයින් ප්‍රංශයේදී සමරන්න - උදය ගම්මන්පිල අභියෝග කරයි
මෙරට කොටි ත්‍රස්තවාදීන් සිහිපත් කිරීමට එක්වූ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ප්‍රධාන ලේකම් ඇග්නස් කැලැමාර්ඩ් ට හැකි නම් 2015 පැරිස් ත්‍රස්ත ප්‍රහාරයේ ත්‍රස්තයින් ප්‍රංශයේදී සමරන ලෙස තමන් අභියෝග කරණ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (2024.05.20) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
පිවිතුරු හෙළ උරුමයේ නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ප්‍රධානි තමන්ගේ මව්රටේ ත්‍රස්තයින් සැමරුවේ නැත්තේ ඇයි?
ත්‍රස්තවාදින් ලෙස මිය ගිය අයගේත් ඥාතින්ට සහ මිතුරන්ට ඔවුන්ව සිහිපත් කිරීමට ඇති අයිතිය අපි කවදාවත් ප්‍රතික්ෂේප කරන්නේ නෑ. වේලායුදන් මිය ගිය පසු ආගමික කටයුත්තක් සමාජීය කටයුත්තක් කරලා ඔහුගේ නෑදෑයන් හිතමිතුරන් ඔහු සිහිපත් කිරීම කාටවත් වලක්වන්න බෑ. නමුත් අම්මාගේ උකුලේ කිරි බොමින් සිටි දරුවා උදුරා ගෙන ඔළුව චප්ප වන තුරු පොල් ගසේ ගැසූ ගැබිණි මාතාවන් පණ පිටින් බඩ පලා නූපන් දරුවා එළියට ඇද්ද කුරිරු තිරිසන් ත්‍රස්තවාදින් සැමරීමට මේ ලෝකේ කිසිම තැනක අවසරයක් නොතිබිය යුතුයි කියලයි අප ශිෂ්ඨ මිනිසුන් ලෙස විශ්වාස කරන්නේ.
ඒ තිරිසන් ත්‍රස්තයන් වීරයන්ට ඔසවන ඒ මග ගමන් කිරීමට තරුණ පරපුර ළමා පරපුර දිරිමත් කරමින් ත්‍රස්තයන් සැමරීමටයි අපේ විරෝධය තිබෙන්නේ. අධිකරණය විසින් තහනම් කර තිබිය දී ත්‍රස්තවාදි ඉතුරු බිතුරු විසින් උතුරේ විතරක් නොවේ කොළඹ දීත් කොටි සැමරුම කළා විතරක් නොවේ ඒකට විරුද්ධ වන අයව අත්අඩංගුවට ගන්නත් ආණ්ඩුව කටයුතු කළා. තමන්ගේ නිවට කම බියසුලු කම ආණ්ඩුව මේ හරහා ප්‍රදර්ශණය කලා. කොටි ත්‍රස්තවාදින් රට පුරා සමරන්න දීලා බලාගෙන හිටිය කොන්ද පණ නැති ආණ්ඩුවේ අගමැති ලැජ්ජා නැතිව රෙදි ඇඳගෙන ඇවිත් රණවිරු සමරුවේ ප්‍රධාන අමුත්තා විධියටත් හිටියා. අගමැතිතුමනි, ඔබතුමාගේ නිවට ක්‍රියාකලාපය මිය ගිය බොරළුගොඩ සිංහයාටත් ලැජ්ජයි කියලා තමයි අපට කියන්න වෙන්නේ.
ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ප්‍රධාන ලේකම් ඇග්නස් කැලැමාර්ඩ් වෙල්ලමුල්ලි වයික්කාල් මැයි 19 පැවති කොටි සැමරුමට ඇවිත් ඉන්නවා අපි දැක්කා. විදේශිකයින් ඇවිත් මේ රට බේරා ගත් රණවිරුවන්ගේ මිනීමරුවන් සමරන විට ආණ්ඩුවේ ලොක්කෝ නිවටව බලා සිටියා. ඇග්නස්ගේත් ඔක්කෝම සෙල්ලම් ලංකාවේ දී විතරයි. ඇග්නස්ට තිබුණානෙ ලංකාවට එන ගමන් ඉන්දියාවේ අම්රිත්සාර් නගරයට ගොඩ බැහැලා 1984 දී ඉන්දියානු හමුදාව අතින් රන් දෙවොල දී මිය ගිය සික් ත්‍රස්තවාදින් සමරන්න. නැතිනම් 2008 දී මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේ දී පොලිස් වෙඩි පහරින් මිය ගිය ත්‍රස්තයන්ව මුම්බායි හී දී සමරන්න. ඒ වගේම ඇග්නස්ට තිබුණානෙ තමන්ගේ මව්බිම වන ප්‍රංශයේ පැරිස් නුවරට ගිහින් ප්‍රංශ හමුදා අතින් මිය ගිය 2015 පැරිස් ත්‍රස්ත ප්‍රහාරයේ ත්‍රස්තයින් සමරන්න. ඇග්නස් ලංකාවේ දාන සෙල්ලම් තමන්ගේ මව්රටේ කරන්නේ නැත්තේ ඇයි? ඇග්නස් කුහක දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඇයි? ඇග්නස් හොඳටම දන්නවා තමන්ගේ රටේ ත්‍රස්තවාදින් සමරන්න හැදුවොත් ආණ්ඩුව ඉඩ තියන්නෙත් නෑ. ජනතාව ඉඩ දෙන්නෙත් නෑ.
ඇමෙරිකාවේ 9/11 අල් කයිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුණු ග්‍රවුන්ඩ් සීරෝ ස්ථානයට පෙනෙන මානයේ මුස්ලිම් පල්ලියක් හදන්න ඇමෙරිකානු ආණ්ඩුව ඉඩ දුන්නේ නෑ ජනතාව කුපිත වෙයි කියන බයෙන්. පුලුවන් නම් ආගමික නිදහසේ නාමයෙන් ග්‍රවුන්ඩ් සීරෝවලත් උද්ඝෝෂණයක් පවත්වන්න කියා අපි ඇග්නස්ට අභියෝග කරනවා. එහෙම කරනන් ගියොත් එය ඇගේ අවසන් චාරිකාව බවට පත්වෙනවා. මොකද ඇයගේ ජීවිතයේ ඉතිරි කාලය ගත කරනන් වෙන්නේ සිරගෙදරක.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
