News Category
From Date
To Date
Maximum Number of Result

මාලිමාවත් ආර්ථිකය ගොඩදාන්න යන්නේ රනිල්ගෙ වැල්පාලමෙන්ම නම් මාලිමාවට රටේ බලය දෙන්න අත්හදා බැලීම් කරන්නේ මොකට ද? - සුගීෂ්වර බණ්ඩාර අසයි

May 20, 2024 at 12:06 PM
|

“නොකළ යුත්තේ කුමක් ද” යන මැයෙන් සංවාදාත්මක නව කතිකාවක් “අලුතින් හිතමු, ජාතික සාමූහිකය” නමැති සංවිධානය මගින් ඊයේ (19) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී ආරම්භ කෙරිණි. 

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතාගේ හා බස්නාහිර පළාත් සභා හිටපු අමාත්‍ය නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබූ මෙම කතිකාවේ දී ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න, ජවිපෙ හිටපු පා.ම. එස්. අමරසිංහ, නව ජනතා පෙරමුණ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග යන මහත්වරුන් ද එහිදී අදහස් දක්වා සිටියහ.

ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ජනතාව දැනුවත් කිරීමේ මෙම සංවාදාත්මක කතිකාවත සෑම දිස්ත්‍රික්කයක්ම ඉලක්ක කරගනිමින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත්, මීට සමගාමීව ජනතා විමුක්ති පෙරමුණ විසින් එදා සිට රටේ සිදුකරන ලද විනාශකාරී ක්‍රියාවන්ට අදාළ, ඔවුන්ගේ කෲරත්වය හෙළිකරන ඡායාරූප ප්‍රදර්ශනයක් ද පැවැත්වීමට නියමිත බවයි.

එසේම මේ සදහා හිටපු ජවිපෙ ක්‍රියාධරයන් සහ ඔවුන්ගේ පවුල්වල පිරිස් ඇතුළු ජාතිමාමක විශාල පිරිසක් ඉදිරියේ දී එකතු වීමට නියමිත බව ද ඔවුන් අනාවරණය කර සිටියහ. 

එහිදී අදහස් දැක්වූ සුගීෂ්වර බණ්ඩාර මහතා,

"ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය දිනයක සහභාගි වූ රූපවාහිනී සාකච්ඡාවක දී විශේෂ අනාවරණයක් කළා, එතුමලත් මේ රටේ බලය ගත්ත දවසට ආර්ථිකය ගොඩදාන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිව්ව වැල්පාලමෙන්ම ගිහින් කියලා. එතුමලත් මේ වැල්පාලමෙන්ම ඉදිරියට යනවානම් අපි මොකටද තවත් අත්හදා බැලීම් කරන්න ජාතික ජන බලවේගයට රටේ බලය දෙන්නේ, තවත් අත්හදා බැලීම් කරමින් ඉන්න පුළුවන් අවස්ථාවක ද මේ රට තියෙන්නේ, එහෙනම් ජනතාව තීරණය කරන්න ඕනේ වැල් පාලමෙන් රට එතෙර කරන්න අලුත් අත්හදා බැලීම් කරලා රට නැවතත් අගාධයට ඇද දමනවා ද කියලා. 

අපට ඇහෙනවා වේදිකාවල සියලුම දෙනා කතා කරන්නේ වසර 75ක ශාපයක් ගැන, නමුත් මම කියන්නේ ශාපය වසර 75ක් නෙවෙයි. වසර 59ක ශාපයක් තමයි රටට වැදිලා තියෙන්නේ, එහෙම කියන්නේ 1965 රෝහණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණ බිහිකරලීමත් සමග එදා සිටම ජවිපෙ රට, ජාතියට යහපතක් වෙන දෙයක් සිදුකරලා තියෙනව ද, ඔවුන් හැමදාම කළේ උද්ඝෝෂණ, වර්ජන, විරෝධතා, පහරදීම්, තර්ජන, ඝාතනය කිරීම්, දේපළ විනාශ කිරීම් වැනි දේවල්, රට සංවර්ධනය කෙරෙන කිසිම වැඩකට හොදක් කියලා තියෙනව ඔය කියන නායකයෝ, අන්න ඒ 59 අවුරුද්දක ශාපයෙන් මේ රටට වුණ පාඩුව කොතරම් ද කියලා බැලුවොත් ඕනෙ කෙනෙකුට ගණනය කරගන්න පුළුවන් ඔවුන් රටට කළ විනාශය, රටේ ඉදිරි ගමනට කළ බාධාව, හැබැයි දැන් වේදිකා හදාගෙන සුන්දර කතා කියමින් ජනතාව රවටාගෙන යනවා.  

විශේෂයෙන් සදහන් කළ යුතුයි මැයි 18 අපිට සුවිශේෂී දවසක්, වසර තිහක් තිස්සේ අපේ රණවිරුවෝ ජීවිත දහස් ගණනක් අහිමි කරගෙන, තවත් දස දහස් ගණනක් ආබාධිත තත්ත්වයට පත්වෙලා 2009 මැයි 18 වෙනිදා රුදුරු ත්‍රස්තවාදය අවසන් කරලා මේ අවුරුද්දට වසර 15ක්, අපි අභිමානයෙන් ඒ දිනය සමරනවා, 

මම නිකමට වගේ ඔය අනුර කුමාර දිසානායක, ලාල් කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, විජිත හේරත් මහත්වරුන්ගේ හරිනි අමරසූරිය මහත්මියගේ සමාජ මාධ්‍ය පිටුවලට ගිහිල්ලා බැලුවා ඔවුන් අභිමානයෙන් ඉල්මහ විරුවන් සැමරුවට මේ දවසේ අපේ රණවිරුවන් සමරලා තියෙන්නේ කොහොමද කියලා, කියන්න කණගාටුයි, ඔවුන් කිසිම කෙනෙකුට මැයි 18 අපේ අභීත රණවිරුවා මතක් වෙලා නෑ, 

හැබැයි හමුදාවේ හිටපු ජෙනරාල්ලා, බ්‍රිගේඩියර්ලා, කර්නල්ලා එකතු කරගෙන උජාරුවට හමුදා සාමූහික යැයි කියාගෙන රටවටේ රැස්වීම් පවත්වනවා. පුදුමේ කියන්නේ ඒ හමුදා නායකයන්ටවත් විජයග්‍රහණයේ දිනය මතක් වෙලා නෑ, එතකොට අනාගතයේ එනවා කියන ජාතික ජන බලවේග රජයක් යටතේ හමුදාවේ රණවිරුවන්ට අත්වෙන ඉරණම ගැන තවත් අටුවා ටීකා ලියන්න අවශ්‍ය නැති බව සදහන් කළ යුතුයි"

මෙම අවස්ථාවේ දී හිටපු පළාත් සභා අමාත්‍ය නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා දැක්වූ අදහස්,

 "දැන් අපි ඉස්සරහා තියෙනවා තීරණාත්මක මැතිවරණයක්, ඒ මැතිවරණයේ දී නොකළ යුත්තේ කුමක් ද කියන එකට අවශ්‍ය කරුණු කාරණා ජනතාවට පැහැදිලි කරන එක තමයි අපේ අරමුණ, සමහර විට අපේ ජනතාව බොහොම හැගීම්බරව ආවේගශීලීව වස්කවියක් කියන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ, හැබැයි අපි කියන්න කැමතියි එක දෙයක් තේරුම් ගන්න කියලා, මේ අවස්ථාවේ දී ගන්න තීරණය අවුරුදු පහකට ගන්න එකක් නොවෙන්න පුළුවන්, සමහරවිට අවුරුදු පනහකට, සියයකට ඉස්සරහට ගන්න වෙන තීරණයක් වෙන්න පුළුවන්, 

තව දින 140යි ජනාධිපතිවරණයට තියෙන්නේ,  ඒ නිසා හොදින් කල්පනා කරලා බලන්න, ඔබ කළයුත්තේ කුමක්ද, නොකළ යුත්තේ කුමක් ද කියන එක පිළිබදව විචාරශීලීව, බුද්ධිමත්ව හිතලා තීන්දු තීරණ ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා" .  

එසේම මෙම අවස්ථාවට මහා සංඝරත්නය, හින්දු, කතෝලික හා මුස්ලිම් පූජකවරුන්, හිටපු රාජ්‍ය අමාත්‍ය තාරානාත් බස්නායක, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු ආරාධිත අමුත්තන් හා ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ. 







සම්බන්ධිත පුවත් | Related News

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශන කිසිදු හේතුවක් මත අඩාල වීමට හෝ වෙනත් අතකට හැරවීමට ඉඩ දිය නොහැකි බව අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසයි.
පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට මෙන්ම රැඳවුම් නියෝග මත ඔහුව රඳවාගෙන සිටීමට විරෝධය පළකරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද පෙරවරුවේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කෙරුණි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.
ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර ලෙස ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ ඉරානය ටෙහෙරාන් ගුවන් තොටුපළේ ගුවන් ගමන් අත්හිටුවා තිබේ.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.
බටහිර සහ මධ්‍යම ඉරානයේ පිහිටි, "ඉරාන ත්‍රස්ත පාලන තන්ත්‍රයට අයත්" හමුදා මූලස්ථාන සහ මිලිටරි ඉලක්ක වෙත තම ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) නිල වශයෙන් නිවේදනය කර තිබේ.
අද (08) දින සිට ක්‍රියාත්මක වන පරිදි සඳුදා දිනවල පැවැත්වීමට නියමිත සියලුම නිල රැස්වීම්වලට සහභාගී වීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය තීරණය කර ඇත.

ප්‍රධාන පුවත්

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.