News Category
From Date
To Date
Maximum Number of Result

මාලිමාවත් ආර්ථිකය ගොඩදාන්න යන්නේ රනිල්ගෙ වැල්පාලමෙන්ම නම් මාලිමාවට රටේ බලය දෙන්න අත්හදා බැලීම් කරන්නේ මොකට ද? - සුගීෂ්වර බණ්ඩාර අසයි

May 20, 2024 at 12:06 PM
|

“නොකළ යුත්තේ කුමක් ද” යන මැයෙන් සංවාදාත්මක නව කතිකාවක් “අලුතින් හිතමු, ජාතික සාමූහිකය” නමැති සංවිධානය මගින් ඊයේ (19) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී ආරම්භ කෙරිණි. 

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතාගේ හා බස්නාහිර පළාත් සභා හිටපු අමාත්‍ය නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබූ මෙම කතිකාවේ දී ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න, ජවිපෙ හිටපු පා.ම. එස්. අමරසිංහ, නව ජනතා පෙරමුණ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග යන මහත්වරුන් ද එහිදී අදහස් දක්වා සිටියහ.

ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ජනතාව දැනුවත් කිරීමේ මෙම සංවාදාත්මක කතිකාවත සෑම දිස්ත්‍රික්කයක්ම ඉලක්ක කරගනිමින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත්, මීට සමගාමීව ජනතා විමුක්ති පෙරමුණ විසින් එදා සිට රටේ සිදුකරන ලද විනාශකාරී ක්‍රියාවන්ට අදාළ, ඔවුන්ගේ කෲරත්වය හෙළිකරන ඡායාරූප ප්‍රදර්ශනයක් ද පැවැත්වීමට නියමිත බවයි.

එසේම මේ සදහා හිටපු ජවිපෙ ක්‍රියාධරයන් සහ ඔවුන්ගේ පවුල්වල පිරිස් ඇතුළු ජාතිමාමක විශාල පිරිසක් ඉදිරියේ දී එකතු වීමට නියමිත බව ද ඔවුන් අනාවරණය කර සිටියහ. 

එහිදී අදහස් දැක්වූ සුගීෂ්වර බණ්ඩාර මහතා,

"ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය දිනයක සහභාගි වූ රූපවාහිනී සාකච්ඡාවක දී විශේෂ අනාවරණයක් කළා, එතුමලත් මේ රටේ බලය ගත්ත දවසට ආර්ථිකය ගොඩදාන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිව්ව වැල්පාලමෙන්ම ගිහින් කියලා. එතුමලත් මේ වැල්පාලමෙන්ම ඉදිරියට යනවානම් අපි මොකටද තවත් අත්හදා බැලීම් කරන්න ජාතික ජන බලවේගයට රටේ බලය දෙන්නේ, තවත් අත්හදා බැලීම් කරමින් ඉන්න පුළුවන් අවස්ථාවක ද මේ රට තියෙන්නේ, එහෙනම් ජනතාව තීරණය කරන්න ඕනේ වැල් පාලමෙන් රට එතෙර කරන්න අලුත් අත්හදා බැලීම් කරලා රට නැවතත් අගාධයට ඇද දමනවා ද කියලා. 

අපට ඇහෙනවා වේදිකාවල සියලුම දෙනා කතා කරන්නේ වසර 75ක ශාපයක් ගැන, නමුත් මම කියන්නේ ශාපය වසර 75ක් නෙවෙයි. වසර 59ක ශාපයක් තමයි රටට වැදිලා තියෙන්නේ, එහෙම කියන්නේ 1965 රෝහණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණ බිහිකරලීමත් සමග එදා සිටම ජවිපෙ රට, ජාතියට යහපතක් වෙන දෙයක් සිදුකරලා තියෙනව ද, ඔවුන් හැමදාම කළේ උද්ඝෝෂණ, වර්ජන, විරෝධතා, පහරදීම්, තර්ජන, ඝාතනය කිරීම්, දේපළ විනාශ කිරීම් වැනි දේවල්, රට සංවර්ධනය කෙරෙන කිසිම වැඩකට හොදක් කියලා තියෙනව ඔය කියන නායකයෝ, අන්න ඒ 59 අවුරුද්දක ශාපයෙන් මේ රටට වුණ පාඩුව කොතරම් ද කියලා බැලුවොත් ඕනෙ කෙනෙකුට ගණනය කරගන්න පුළුවන් ඔවුන් රටට කළ විනාශය, රටේ ඉදිරි ගමනට කළ බාධාව, හැබැයි දැන් වේදිකා හදාගෙන සුන්දර කතා කියමින් ජනතාව රවටාගෙන යනවා.  

විශේෂයෙන් සදහන් කළ යුතුයි මැයි 18 අපිට සුවිශේෂී දවසක්, වසර තිහක් තිස්සේ අපේ රණවිරුවෝ ජීවිත දහස් ගණනක් අහිමි කරගෙන, තවත් දස දහස් ගණනක් ආබාධිත තත්ත්වයට පත්වෙලා 2009 මැයි 18 වෙනිදා රුදුරු ත්‍රස්තවාදය අවසන් කරලා මේ අවුරුද්දට වසර 15ක්, අපි අභිමානයෙන් ඒ දිනය සමරනවා, 

මම නිකමට වගේ ඔය අනුර කුමාර දිසානායක, ලාල් කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, විජිත හේරත් මහත්වරුන්ගේ හරිනි අමරසූරිය මහත්මියගේ සමාජ මාධ්‍ය පිටුවලට ගිහිල්ලා බැලුවා ඔවුන් අභිමානයෙන් ඉල්මහ විරුවන් සැමරුවට මේ දවසේ අපේ රණවිරුවන් සමරලා තියෙන්නේ කොහොමද කියලා, කියන්න කණගාටුයි, ඔවුන් කිසිම කෙනෙකුට මැයි 18 අපේ අභීත රණවිරුවා මතක් වෙලා නෑ, 

හැබැයි හමුදාවේ හිටපු ජෙනරාල්ලා, බ්‍රිගේඩියර්ලා, කර්නල්ලා එකතු කරගෙන උජාරුවට හමුදා සාමූහික යැයි කියාගෙන රටවටේ රැස්වීම් පවත්වනවා. පුදුමේ කියන්නේ ඒ හමුදා නායකයන්ටවත් විජයග්‍රහණයේ දිනය මතක් වෙලා නෑ, එතකොට අනාගතයේ එනවා කියන ජාතික ජන බලවේග රජයක් යටතේ හමුදාවේ රණවිරුවන්ට අත්වෙන ඉරණම ගැන තවත් අටුවා ටීකා ලියන්න අවශ්‍ය නැති බව සදහන් කළ යුතුයි"

මෙම අවස්ථාවේ දී හිටපු පළාත් සභා අමාත්‍ය නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා දැක්වූ අදහස්,

 "දැන් අපි ඉස්සරහා තියෙනවා තීරණාත්මක මැතිවරණයක්, ඒ මැතිවරණයේ දී නොකළ යුත්තේ කුමක් ද කියන එකට අවශ්‍ය කරුණු කාරණා ජනතාවට පැහැදිලි කරන එක තමයි අපේ අරමුණ, සමහර විට අපේ ජනතාව බොහොම හැගීම්බරව ආවේගශීලීව වස්කවියක් කියන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ, හැබැයි අපි කියන්න කැමතියි එක දෙයක් තේරුම් ගන්න කියලා, මේ අවස්ථාවේ දී ගන්න තීරණය අවුරුදු පහකට ගන්න එකක් නොවෙන්න පුළුවන්, සමහරවිට අවුරුදු පනහකට, සියයකට ඉස්සරහට ගන්න වෙන තීරණයක් වෙන්න පුළුවන්, 

තව දින 140යි ජනාධිපතිවරණයට තියෙන්නේ,  ඒ නිසා හොදින් කල්පනා කරලා බලන්න, ඔබ කළයුත්තේ කුමක්ද, නොකළ යුත්තේ කුමක් ද කියන එක පිළිබදව විචාරශීලීව, බුද්ධිමත්ව හිතලා තීන්දු තීරණ ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා" .  

එසේම මෙම අවස්ථාවට මහා සංඝරත්නය, හින්දු, කතෝලික හා මුස්ලිම් පූජකවරුන්, හිටපු රාජ්‍ය අමාත්‍ය තාරානාත් බස්නායක, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු ආරාධිත අමුත්තන් හා ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ. 







සම්බන්ධිත පුවත් | Related News

අද (06) උදෑසන 10 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 20 ඉක්මවා බව වාර්තා වේ.
නිහඬ කාලය තුළ තම පක්ෂ ආධාරකරුවන්ට මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැලෙන ලෙස ඉල්ලා සිටිමින් අගමැතිනි හරිනි අමරසූරිය කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය අගමැතිනියට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර ඇත.
අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබී නොමැති යම් අයෙක් වේද ඔහුට ඡන්ද පොළේදී ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිදු බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අවබෝධතා ගිවිසුම් 04ක් හා එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක හා වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං මහත්වරු ඉදිරියේ සිදු විය.
වියට්නාමයේ සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වියට්නාම ජනාධිපති ලුඕං කුඕං මහතා අතර හමුවක් අද (05) සිදුව තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලය මූලික කරගෙන සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවන ව්‍යාජ තොරතුරු සම්බන්ධව එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පොලිසිය වෙත යොමු කර ඇති පැමිණිල්ලක් මෙහි දැක්වෙයි.
වෙනත් රටවල නිෂ්පාදිත චිත්‍රපට සඳහා සියයට 100ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.
ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල්ඔලුවට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත ඊයේ (04) පැමිණිල්ලක් ගොනුකරනු ලැබීය.

ප්‍රධාන පුවත්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.