ඉරාන තානාපතිට පහරදුන් කොළඹ හතේ ව්‍යාපාරිකයා අත්අඩංගුවට
මෙරට ඉරාන තානාපති A. Delkhosh මහතාට පහරදී ඔහු මෝටර් රථයේ බොනට්ටුව මතට වැටීමෙන් අනතුරුව මීටර් 15ක් පමණ ඉදිරියට ධාවනය කර අනතුරට ලක්කල කොළඹ හතේ ව්‍යාපාරිකයෙකු ව අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලීසිය පවසයි.
තානාපතිවරයා කොළඹ 02 මුත්තයියා පාර ප්‍රදේශයේ පිහිටි සාප්පු සංකීර්ණයක රථගාලට සිය රථය ඇතුළු කරන අවස්ථාවේදී තවත් මෝටර් රථයක රියදුරෙක් සමග ආරවුලක් හටගෙන තිබුණි.
එහිදී එම පුද්ගලයා තානාපතිවරයාට පහරදී එම ස්ථානයෙන් පළායාමට උත්සාහ දරා ඇතැයි පැවසෙයි.
එහිදි තානාපතිවරයා සිය මෝටර් රථයෙන් බිමට බැස පළා යාමට උත්සාහ දරමින් තිබූ මෝටර් රථයේ බොනට්ටුවට අත තබාගෙන පොලිස් නිලධාරීන් පැමිණෙනතුරු සිටින ලෙස මෝටර් රථයේ රියදුරට දැනුම් දී ඇති අතර එම අවස්ථාවේදී මෝටර් රථයේ රියදුරු විසින් මෝටර් රථය පණ ගන්වා ඉදිරියට ධාවනය කර ඇතැයි පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත.
එම අවස්ථාවේදී තානාපතිවරයා බොනට්ටුව මතට වැටී ඇති අතර සැකකාර ව්‍යාපාරිකයා, තානාපතිවරයාද සමග මෝටර් රථය මීටර් 15ක් පමණ දුරට ධාවනය කර නවතා ඇති අතර එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් පැමිණ සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 07 වෝඩ් පෙදෙසේ පදිංචි වයස අවුරුදු තිස්තුනක පුද්ගලයෙක් බව පොලීසිය පවසයි.
- අද දෙරණ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
“මේක අපේ ආණ්ඩුව අපි තමයි විදුලි බල මණ්ඩලයේ පාලකයෝ. ලංවිමය ඇතුලට ජාතික ජනබලවේගයට මුවා වෙලා රිංගා ගෙන ඉන්නා නරි කනෙන් ඇදලා එළියට දානවා.” – ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල්
අද නොවැම්බර් 26 වැනිදා... මමද අද පොල්තෙල් පහනක් දල්වමි..
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
අද අන්තරේ ශිෂ්‍ය නායකයන් හා ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උපකුලපතිවරයෙකුට එරෙහිව භාවිත කරණ ලෙස ඉල්ල සිටියේ එද ජේ ආර් ගෙනා මර්ධනීය බලතලයි-හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරණතුංග
පෞද්ගලික විශ්ව විද්‍යාලවලට සිසුවන්ට මත් කුඩු බෙදන පෞද්ගලික සිසුන් කණ්ඩායමක් අත් අත්අඩංගුවට
අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක අධිචෝදනා ගොනු වීමත් සමග ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අදානි සමග ගිවිසුම් යළි විමසා බැලීමේ තීරණයක්
සජබ - එජාප එකතුවීමේ සූදානමක්!
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි