News Category
From Date
To Date
Maximum Number of Result

රටේ රණවිරුවන් දඩයම් කරන්න පනත් 7ක් සම්මත කළා... 8 වැනි පනත ලෙස ගෙනෙන්නේ සත්‍ය සෙවීමේ කොමිසම පනතයි... ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්ම කිරීමට අවශ්‍ය යාන්ත්‍රණය මේ පනත හරහා සම්පූර්ණ වෙනවා - වෛද්‍ය වසන්ත බණ්ඩාර

May 17, 2024 at 08:55 AM
|

තමන් විසින් පනත් 75ක් මේ වන විට සම්මත කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් දා සඳහන්කර තිබුන බවත්,  යහපාලන ආණ්ඩුව සමයේ මෙරට රණවිරුවන් දඩයම් කිරීම සඳහා පනත් 7ක් ද සම්මත කළ බවත්, දැන් 8 වැනි පනත ලෙස සත්‍ය සෙවීමේ කොමිසම පනත ගෙනඑන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ජාතික සංවිධාන එකමුතුව මගින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසුවේ මෙරට දුරාචාරය ප්‍රවර්ධනය කරමින් මිනිසුන් සතුන්ගේ තත්ත්වයට ඇදදැමීමට ද දැන් විවිධ පනත් සම්මත කරමින් සිටින බව හා රනිල් වික්‍රමසිංහ මහතාගේ යටතේ මෙවැනි දුරාචාර පනත් 7ක් ද සම්මත කර හා සම්මත කිරීමට උත්සාහ දරමින් සිටින බවත් ය.

පවුල් සංස්ථාව බිඳවැට්ට වීමට, සංඝ සමාජය බිඳදැමීමට, මත්පැන් හා කංසා ප්‍රචලිත කිරීමට මෙන්ම ගණිකා වෘත්තිය ප්‍රචලිත කිරීමට මෙම පනත් ගෙන එන බවද පවසන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා,  ථෙරවාදී සම්බුද්ධ ශාසනය බිඳ වැට්ටවීම සඳහා කථිකාවත් පනත නමින් තවත් පනතක් ගෙනවිත් මහා සංඝරත්නයේ විරෝධය හමුවේ එය හකුළාගත් බවද සඳහන් කරයි.

සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම සඳහා මෙන්ම දැරිවියන් අපයෝජනයට ලක්වන වයස් සීමාව පහළ දමමින් දැරිවියන් අපයෝජනයට ලක්කිරීම ප්‍රචලිත කිරීම සඳහා පනතක් ද ගෙන ආ බවත්  ඒ මහතා සදහන් කරයි.

මතුපිටින් හොඳ අරමුණක් පෙන්වා යටින් දුෂ්ඨ අරමුණු ක්‍රියාත්මක කිරීම මෙම පනත්වල යටි අරමුණ බව පෙන්වාදෙන වසන්ත බණ්ඩාර මහතා, අවසානයේ සමාජය හා පවුල් සංස්ථාව බිඳදැමීමට මෙම පනත් හරහා කටයුතු කරමින් සිටින බව ද පෙන්වා   දෙයි.

සමාජය හා පවුල් සංස්ථාව බිඳවැට්ටවීම සඳහා මෙසේ නීති එකින් එක ගෙන එමින් සිටියදී රණවිරුවන් දඩයම් කිරීම සඳහා ද පනත් ගෙන එමින් සිටින බවත්, යහපාලන සමයේ මෙම ක්‍රියාවලිය ආරම්භ වූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය 30/1 යෝජනාව සම්මත කරගත් පසු පනත් 7ක් රණ විරුවන් දඩයම් කිරීම සඳහා ගෙන ඒමෙන් බවත් වසන්ත බණ්ඩාර මහතා හෙළිකරයි.

මුලින්ම අතුරුදහන් කිරීමේ කාර්යාල පනත ගෙන ආ බවද, ඒ හරහා ඕනෑම අයෙකුට පැමිණ බොරු සාක්ෂි ලබාදීමට හැකි බව ද පෙන්වා දෙන ඒ මහතා, ඊට අමතරව අණදීමේ වගකීම හරහා නිලධාරීන්ගේ බෙල්ලට තොන්ඩුව දැමීමට හැකි වන ලෙස පනත ගෙන ආ බවත් පෙන්වා දෙයි.

ඊට පසු පිටුවහල් කිරිමේ සංශෝධන පනත හා වන්දි ගෙවීම් පිළිබඳ කාර්යාල පනත මෙන්ම බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම පිළිබඳ පනත ද මෙසේ රැගෙන ආ බවත් ඒ මහතා පවසයි.

ඉන්පසු වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත ගෙන ආ බවත්, පසුව ජාතික සමගිය හා සංහිඳියා කාර්යාලය පිහිටුවා මේ සියල්ල සම්බන්ධීකරණය කිරීමට කටයුතු කළ බවත් දැන් 8 වැනි පනත ලෙස රණවිරුවන් දඩයම් කිරීම සඳහා සත්‍ය සෙවීමේ කොමිසම පනත ගෙනඑන බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මෙය සත්‍ය සෙවීම සඳහා ගෙන ආ පනතක් නොවන බවත්, මෙය සත්‍ය සෙවීම හා ප්‍රතිසංධාන පනත බවත් පවසන ඒ මහතා, ප්‍රතිසංධානය යටතේ වගවීම, 13 බලාත්මක කිරීම, වන්දිගෙවීම සහ සත්‍ය සෙවීමේ නාමයෙන් බොරු සාක්ෂි ලබාදීම ඇතුළත් බව සඳහන් කරයි.

රණවිරුවන් 58 දෙනෙකුට විරුද්ධව යස්මින් සූකා ඇතුළු පිරිසක් චෝදනා ගොනුකර ඇති තත්ත්වයක් මත මෙම 8 වැනි පනත හරහා ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක වීම ආරම්භ වන බවද, මෙය අතිශයෙන් භයානක තත්ත්වයක් බවද ඒ මහතා පෙන්වා දෙයි.

මහින්ද රාජපක්ෂ මතාද මේ සියල්ල නොදුටුවා සේ බලාසිටින බවත්, යුද ජයග්‍රණය පාවාදීමට ඔහුද දායකත්වය දක්වන බව එමගින් පෙනෙන්නට ඇති බවද වසන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කරයි.


සම්බන්ධිත පුවත් | Related News

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට මෙන්ම රැඳවුම් නියෝග මත ඔහුව රඳවාගෙන සිටීමට විරෝධය පළකරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද පෙරවරුවේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කෙරුණි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.
ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර ලෙස ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ ඉරානය ටෙහෙරාන් ගුවන් තොටුපළේ ගුවන් ගමන් අත්හිටුවා තිබේ.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.
බටහිර සහ මධ්‍යම ඉරානයේ පිහිටි, "ඉරාන ත්‍රස්ත පාලන තන්ත්‍රයට අයත්" හමුදා මූලස්ථාන සහ මිලිටරි ඉලක්ක වෙත තම ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) නිල වශයෙන් නිවේදනය කර තිබේ.
අද (08) දින සිට ක්‍රියාත්මක වන පරිදි සඳුදා දිනවල පැවැත්වීමට නියමිත සියලුම නිල රැස්වීම්වලට සහභාගී වීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය තීරණය කර ඇත.
මේ රටේ ජනතාව මාලිමාණ්ඩුව අවම වශයෙන් තවත් වසර 25ක්වත් බලයේ තබා ගනු ඇතැයි අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත අවධාරණය කරයි.

ප්‍රධාන පුවත්

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.