
මිය ගිය කොටි සැමරීමට කැඳ යොදාගෙන මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කරලා
ත්‍රිකුණාමලය සාම්පූර් හි දී කැඳ බෙදුවේ යැයි හතර දෙනකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.
ඒ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසිනි.
එහි සභාපති තරිඳු ජයවර්ධන විසින් යොමුකර තිබෙන එම පැමිණිල්ල මෙසේය.
“ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු (විශ්‍රාමික) එල්.ටී.බී. දෙහිදෙනිය මහතා,
සභාපති,
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව.
සභාපතිතුමනි,
ත්‍රිකුණාමලය සාම්පූර්හිදී කැඳ බෙදීයැයි හතර දෙනකු අත්අඩංගුවට ගැනීම පිළිබඳවයි
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සාම්පූර් පොලිස් වසමේ චේනයූර් ප්‍රදේශයේ දී මිය ගිය ඥාතීන් සිහි කර කැඳ බෙදීයැයි කියන පිරිසක් පසුගිය 12 වැනිදා රාත්‍රියේ සාම්පූර් පොලිසියෙන්යැයි කියන පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. එලෙස අත්අඩංගුවට ගත් හතර දෙනා පහත පරිදි වේ.
Kamaleshwaran vijitha (age 40)
Kamaleshwaran themila (age 22)
Selvavinothkumar sujani (age 40)
Navaretnaraja hariharakumar (age 43)
මෙම පිරිස තම මිය ගිය ඥාතීන් සිහිපත් කරමින් කැඳ බෙදා හැරීම සිදු කිරීමෙන් පසු රාත්‍රී කාලයේ ඔවුන්ගේ නිවාස වෙත පැමිණි පොලිසියේ යැයි කියන පිරිස ඔවුන් බලහත්කාරයෙන් පොලිසියට රැගෙන ගොස් තිබේ. පොලිසිය ඇතැම් කාන්තාවන්ට කෘර අමානුෂික සහ අවමන් සහගත ලෙස සලකන ආකාරය ද ජනමාධ්‍ය වාර්තා කළේය.
කැඳ බෙදා හැරීමට පෙර පොලිසිය එය වලක්වමින් අධිකරණ නියෝගයක් ද ලබාගෙන ඇති අතර මෙවැනි සිහිකිරීම් වලක්වමින් අධිකරණ නියෝග ගැනීම් කිහිපයක්ම පසුගිය කාලයේ වාර්තා විය. පොලිසිය මෙලෙස සාමකාමී සිහිකිරීම් නතර කරමින් අධිකරණ නියෝග ලබා ගන්නේ සහ එම සිහිකිරීම්වලට බාධා කරන්නේ ‘සිහිකිරීමේ අයිතිය‘ තහවුරු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව 2016 දී රජයට නිර්දේශ ලබාදී තිබියදීය.
එම නිර්දේශ ගණනකට නොගෙන පොලිසිය සාමකාමී සිහිකිරීම් නතර කිරීම සඳහා මෙලෙස කටයුතු කරනවා පමණක් නොව ඊයේ අත්අඩංගුවට ගත් පිරිස සම්බන්ධයෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ වන වරදක් සිදුකර ඇත්දැයි යන්න සොයා බලන බව කියමින් ඔවුන් රිමාන්ඩ් කරවීමට ද කටයුතු කර තිබේ.
සිහිකිරීම යනු සියලුදෙනාම සතු අයිතියක් වන අතර දකුණේ ද විවිධ සිහිකිරීම් නිරන්තරයෙන් සිදුවෙයි. උතුරේ සහ නැගෙනහිර සිදුකරන මෙවැනි සිහිකිරීම්වලට පොලිසිය බාධා කිරීම යනු රාජ්‍ය මැදිහත්වී ‘සිහිකිරීමේ අයිතිය‘ නතර කිරීමන් වන අතර එය සංහිඳියාව සම්බන්ධයෙන් රාජ්‍යයේ දැක්ම කෙබඳුද යන්න පෙන්නුම් කරන්නකි. තිස් අවුරුදු යුද්දයක් පැවැති රටක මෙලෙස සිහිකිරීම්වලට හෝ ඉඩ නොදෙමින් පොලිසිය ම්ලේච්ඥ ලෙස කටයුතු කිරීමෙන් පෙන්නුම් කරන්නේ තවදුරටත් යුක්තිය, සංහිදියාව, සත්‍ය සේවීම පමණක් නොව වින්දිතයන්ගේ සාමාන්‍ය අයිතිවාසිකම්වලට පවා රාජ්‍ය ගරු නොකරන බවකි.
එසේ හෙයින් පහත සඳහන් ඉල්ලීම් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි ඉල්ලා සිටිමු.
1) සාම්පූර් සිදුවීම සම්බ්නධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කරන ලෙසත්, ශ්‍රී ලංකා පොලිසිය සහ එහි නිලධාරීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 11, 12.1, 12.2, 12.3, 13.1, 13.5, 14.1.අ, 14.1.ආ, 14.1.ඇ, 14.1.ඉ සහ14.1.ඊ යන ව්‍යවස්ථාවලින් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා සිටිමු.
2) මූලිික අයිතිවාසිකම් කඩ කළ සහ කඩ කිරීමට අධාර අනුබල දුන් සියලුම පොලිස් නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන ලෙසට පොලිස්පතිට සහ ජාතික පොලිස් කොමිසමට නිර්දේශ කරන ලෙස ඉල්ලා සිටිමු.
3) කාන්තාවන්ට කෘර, අමානුෂික සහ අවමන් සහගත ලෙස සැලකූ සහ ඊට අධාර අනුබල දුන් සියලුම පොලිස් නිලධාරීන්ට එරෙහිව වධහිංසා පනත යටතේ කටයුතු කරන ලෙසට පොලිස්පතිට සහ නීතිපතිට නිර්දේශ කරන ලෙස ඉල්ලා සිටිමු.
4) වෙනත් ප්‍රදේශවල කරන සිහිකිරීම්වලට පොලිසිය බාධා කිරීම නතර කිරීම සදහා පොලිස්පතිවරයාට සුදුසු නිර්දේශ නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමු.
5) මීට පෙර කොමිසම ලබා දුන් පොදු නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කඩිනම් සොයා බැලීමක් කරන ලෙස ඉල්ලා සිටිමු.
6) සිහි කිරීමේ අයිතිය තහවුරු කිරීම සඳහා ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් සුදුසු නිර්දේශ ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමු.
ස්තුතියි.
මෙයට,
තරිඳු ජයවර්ධන
සභාපති
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
