News Category
From Date
To Date
Maximum Number of Result

මිය ගිය කොටි සැමරීමට කැඳ යොදාගෙන මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කරලා

May 16, 2024 at 05:51 PM
|

ත්‍රිකුණාමලය සාම්පූර් හි දී කැඳ බෙදුවේ යැයි හතර දෙනකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ. 

ඒ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසිනි. 

එහි සභාපති තරිඳු ජයවර්ධන විසින් යොමුකර තිබෙන එම පැමිණිල්ල මෙසේය.

“ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු (විශ්‍රාමික) එල්.ටී.බී. දෙහිදෙනිය මහතා,
සභාපති,
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව. 

සභාපතිතුමනි,

ත්‍රිකුණාමලය සාම්පූර්හිදී කැඳ බෙදීයැයි හතර දෙනකු අත්අඩංගුවට ගැනීම පිළිබඳවයි

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සාම්පූර් පොලිස් වසමේ චේනයූර් ප්‍රදේශයේ දී මිය ගිය ඥාතීන් සිහි කර කැඳ බෙදීයැයි කියන පිරිසක් පසුගිය 12 වැනිදා රාත්‍රියේ සාම්පූර් පොලිසියෙන්යැයි කියන පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. එලෙස අත්අඩංගුවට ගත් හතර දෙනා පහත පරිදි වේ. 

Kamaleshwaran vijitha (age 40)

Kamaleshwaran themila (age 22) 

Selvavinothkumar sujani (age 40)

Navaretnaraja hariharakumar (age 43)

මෙම පිරිස තම මිය ගිය ඥාතීන් සිහිපත් කරමින් කැඳ බෙදා හැරීම සිදු කිරීමෙන් පසු රාත්‍රී කාලයේ ඔවුන්ගේ නිවාස වෙත පැමිණි පොලිසියේ යැයි කියන පිරිස ඔවුන් බලහත්කාරයෙන් පොලිසියට රැගෙන ගොස් තිබේ. පොලිසිය ඇතැම් කාන්තාවන්ට කෘර අමානුෂික සහ අවමන් සහගත ලෙස සලකන ආකාරය ද ජනමාධ්‍ය වාර්තා කළේය.

කැඳ බෙදා හැරීමට පෙර පොලිසිය එය වලක්වමින් අධිකරණ නියෝගයක් ද ලබාගෙන ඇති අතර මෙවැනි සිහිකිරීම් වලක්වමින් අධිකරණ නියෝග ගැනීම් කිහිපයක්ම පසුගිය කාලයේ වාර්තා විය. පොලිසිය මෙලෙස සාමකාමී සිහිකිරීම් නතර කරමින් අධිකරණ නියෝග ලබා ගන්නේ සහ එම සිහිකිරීම්වලට බාධා කරන්නේ ‘සිහිකිරීමේ අයිතිය‘ තහවුරු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව 2016 දී රජයට නිර්දේශ ලබාදී තිබියදීය.

එම නිර්දේශ ගණනකට නොගෙන පොලිසිය සාමකාමී සිහිකිරීම් නතර කිරීම සඳහා මෙලෙස කටයුතු කරනවා පමණක් නොව ඊයේ අත්අඩංගුවට ගත් පිරිස සම්බන්ධයෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ වන වරදක් සිදුකර ඇත්දැයි යන්න සොයා බලන බව කියමින් ඔවුන් රිමාන්ඩ් කරවීමට ද කටයුතු කර තිබේ.

සිහිකිරීම යනු සියලුදෙනාම සතු අයිතියක් වන අතර දකුණේ ද විවිධ සිහිකිරීම් නිරන්තරයෙන් සිදුවෙයි. උතුරේ සහ නැගෙනහිර සිදුකරන මෙවැනි සිහිකිරීම්වලට පොලිසිය බාධා කිරීම යනු රාජ්‍ය මැදිහත්වී ‘සිහිකිරීමේ අයිතිය‘ නතර කිරීමන් වන අතර එය සංහිඳියාව සම්බන්ධයෙන් රාජ්‍යයේ දැක්ම කෙබඳුද යන්න පෙන්නුම් කරන්නකි. තිස් අවුරුදු යුද්දයක් පැවැති රටක මෙලෙස සිහිකිරීම්වලට හෝ ඉඩ නොදෙමින් පොලිසිය ම්ලේච්ඥ ලෙස කටයුතු කිරීමෙන් පෙන්නුම් කරන්නේ තවදුරටත් යුක්තිය, සංහිදියාව, සත්‍ය සේවීම පමණක් නොව වින්දිතයන්ගේ සාමාන්‍ය අයිතිවාසිකම්වලට පවා රාජ්‍ය ගරු නොකරන බවකි. 

එසේ හෙයින් පහත සඳහන් ඉල්ලීම් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි ඉල්ලා සිටිමු.

1) සාම්පූර් සිදුවීම සම්බ්නධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කරන ලෙසත්, ශ්‍රී ලංකා පොලිසිය සහ එහි නිලධාරීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 11, 12.1, 12.2, 12.3, 13.1, 13.5, 14.1.අ, 14.1.ආ, 14.1.ඇ, 14.1.ඉ සහ14.1.ඊ යන ව්‍යවස්ථාවලින් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා සිටිමු.

2) මූලිික අයිතිවාසිකම් කඩ කළ සහ කඩ කිරීමට අධාර අනුබල දුන් සියලුම පොලිස් නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන ලෙසට පොලිස්පතිට සහ ජාතික පොලිස් කොමිසමට නිර්දේශ කරන ලෙස ඉල්ලා සිටිමු.

3) කාන්තාවන්ට කෘර, අමානුෂික සහ අවමන් සහගත ලෙස සැලකූ සහ ඊට අධාර අනුබල දුන් සියලුම පොලිස් නිලධාරීන්ට එරෙහිව වධහිංසා පනත යටතේ කටයුතු කරන ලෙසට පොලිස්පතිට සහ නීතිපතිට නිර්දේශ කරන ලෙස ඉල්ලා සිටිමු.

4) වෙනත් ප්‍රදේශවල කරන සිහිකිරීම්වලට පොලිසිය බාධා කිරීම නතර කිරීම සදහා පොලිස්පතිවරයාට සුදුසු නිර්දේශ නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමු.

5) මීට පෙර කොමිසම ලබා දුන් පොදු නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කඩිනම් සොයා බැලීමක් කරන ලෙස ඉල්ලා සිටිමු.

6) සිහි කිරීමේ අයිතිය තහවුරු කිරීම සඳහා ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් සුදුසු නිර්දේශ ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමු. 

ස්තුතියි.
මෙයට, 
තරිඳු ජයවර්ධන
සභාපති
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

සම්බන්ධිත පුවත් | Related News

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට මෙන්ම රැඳවුම් නියෝග මත ඔහුව රඳවාගෙන සිටීමට විරෝධය පළකරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද පෙරවරුවේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කෙරුණි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.
ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර ලෙස ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ ඉරානය ටෙහෙරාන් ගුවන් තොටුපළේ ගුවන් ගමන් අත්හිටුවා තිබේ.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.
බටහිර සහ මධ්‍යම ඉරානයේ පිහිටි, "ඉරාන ත්‍රස්ත පාලන තන්ත්‍රයට අයත්" හමුදා මූලස්ථාන සහ මිලිටරි ඉලක්ක වෙත තම ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) නිල වශයෙන් නිවේදනය කර තිබේ.
අද (08) දින සිට ක්‍රියාත්මක වන පරිදි සඳුදා දිනවල පැවැත්වීමට නියමිත සියලුම නිල රැස්වීම්වලට සහභාගී වීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය තීරණය කර ඇත.
මේ රටේ ජනතාව මාලිමාණ්ඩුව අවම වශයෙන් තවත් වසර 25ක්වත් බලයේ තබා ගනු ඇතැයි අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත අවධාරණය කරයි.

ප්‍රධාන පුවත්

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.